අජන්ත කුමාර අගලකඩ
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක්ද 6ක්ද යන්න සම්බණ්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමෙදී පැහැදිලි කර ඇත.
තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ වසර 6ක් බලයේ සිටීමට නොව ඒ සම්බන්ධයෙන් වන මත දෙකක් ඉදිරිපත් වීම නිසා බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ද නිලධාරීන් මේ ප්රශ්නය මතු කළ බව පවසා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සුදුසුම පියවර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බැවින් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මතය ආවත් ඕක 5 ට අඩු කලේ ඔබතුමානේ නැවත ජනාධිපතීවරණයකට දින නියම කරන්නෙත් ඔබතුමානේ, අනුන්ගේ මත වලින් වැඩක් නැහැනේ ? ජනාධිපතිවරණයට අවුරුදු 5 තුල දින නියමකරා නම් ඉවරනේ ? දැනට රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරණය අවුරුදු 5 ට කලින් පවත්වන්න සිදු වෙන්න පුළුවන්
ඕක කියන්නත් දෙයක්ද? තේරුනේ නැතුවා නෙවේනේ. ඒකෙනුත් දේශපාලන වාසියක් ගන්නනේ සමහර දෙනා උත්සාහ කලේ. වතුරේ ගහගෙන යනකෙනාට පිදුරු ගහක් අහුවෙන එක නිකන් අත ඇරලා දාන්න පුළුවන් දෙයක්ද මන් අහන්නේ?
ඉන්න කාලය නොවෙයි වැදගත් වෙන්නේ... හිටපු කාලය තුළ කරන ලද දේවල්...
හිටපු ලොක්කත් බලාගෙන හිටියේ තීන්දුව මෙයාටවත් හරියයිද කියලා...
කිතුල් ගහට ගිය මිනිහටත් නිදහසට කරුණු තිබුනනේ. මේක මුට්ටිය දමල බැලීමක්.
මට නම් මතක් වෙන්නෙම කිතුල් ගහට නැගපු මනුස්සයාගේ කතාව.
කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබුනලු....
ඇයි ජනාධිපතිතුමාට අයිතියක් නැද්ද ධුර කාලය විමසන්න. පෙර සිටි ජනාධිපතිවරුන් සමග සසඳන විට ප්රජාතන්ත්රවාදයට ගරුකරන ජනාධිපතිවරයෙක්... අවාසනාවකට ඔබතුමා වගේ 10 ක් සොයාගන්න බැරිවුණා රට පාලනය කිරීමට හවුල් කරගන්න. දූෂිත දේශපාලකයන් සමග රට ගෙනියන්න නොහැකිය. ඔබතුමාට තිබෙන අභියෝගය එයයි.