තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.
රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඔහු ජනාධිපතිට කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ දෙපාර්තමේන්තුවේ සේවකයාට ඔහොමනම් රටේ සාමාන්‍ය මිනිස්සුන්ට කොතරම් තාඩන පීඩන කරනවද කියල ආසියානු මානව හිමිකම් කොමිසම ලෙහෙසියෙන් තීරණය කරාවි.
ඔය පරණ කුණු මොකටද ආයිමත් අවුස්සන්නේ
මෙහෙමද සමහර ලොක්කෝ, රජයේ ඉහල නිලධාරින්, මැති ඇමතිවරුන්, බිම දාගෙන තඩිබාලා තියෙනවාලු මේවා ඉතා සුළු දේවල් .
මේ අහිංසක මනුස්සයාගේ පිටිපස්සේ ඉදගෙන පුද්ගලයෙක් හෝ පිරිසක් මේ අහිංසකයාව මෙහෙයවනවා කියලා අපිට හිතෙනවා .
අපේ සමාජයේ තිබුණ වටිනා ගුණාංග වර්තමානයේ දක්නට ලැබෙන්නේ නෑ. මේ අපි දැක්කේ තවත් එක් සිදුවීමක් පමණි.
1) "රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා" 2) "පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා" දැන් ඉතින් මේ අසරණයා මේ ගැන තව කාට කියන්නද?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
පොලිස්පති වෙන්න පෙර ඉතාමත් නීතිගරුක කීර්තිමත් නිළධාරියෙක් වූ මැතිතුමාට මොකද මේ වුනේ. පොලිස්පති තනතුර එතුමාට බර වැඩි උනාද?
මෙවැනි දේ වලට නිහඬව ඉන්න රටේ පොඩි මිනිහෙකුගෙන් ලොකු පියවරක් ඉදිරියට, සිදුවූ දේවල් වලට එක හෙලාම විරුද්ද වන අතර ඔබට අපේ සහයෝහය.
අනුර නමින් අදහස් ප්‍රකාශ කරන්නේ පොලිස්පතිට කඩේ යන කෙනෙක් නේද?
මෙවැනි දේවල් අප ජීවත් වෙන රටවල් වල වුනොත් පවතින ආණ්ඩුත් බිඳ වැටෙනවා
දේවාලේ කපුවා කන්නලව් කරනවා බලාගෙන තමයි ගෝලයෝ පුරුදු වෙන්නේ. අනේ මේ කතා කරන ලොක්කා ගෝලයෙකුගේ කොලර් එකෙන් ඇල්ලීම හරිද?
භාවනාවේ අනුහස්!
ලංකාවේ පොලිස්පතිට විරුද්ධව මානව හිමිකම් යාමට හැකි සහ එය මාධ්‍ය මගින් අවරණය කල හැකි පසුබිමක් නිර්මාණය වී තිබිම සතුටට කරුණක්. වෙනසක් වෙලා නැහැ කියලා කියන අයට කෙසේ පෙනේවිද යන්න ප්‍රශ්නයක්. කවුරු හෝ කියනවා නම් අඩු මිලට බඩු ගන්න හරි. කාර් ගන්න හරි, ෆ්‍රී වයිෆයි ගන්න හරි තමයි ජනතාව මහින්දව ගෙදර යැවුවේ කියලා... ඒ එසේ කියන පුද්ගලන්ගේ බුද්ධි මට්ටමයි. ඒ ගැන දුක් වෙනවා හැර කිරීමට කිසිත් නැත. නමුත් යථාර්තය නම් දැන් ජනතාවට ඇවැසි නීතිය ක්‍රියාත්මකවන හොරුන්ට දේශපාලන අනාගතයක් නැති කරන සමාජයක් බිහි කිරීමටයි. එය නොපිරිහෙලා ඉටු කිරීමට පවතින ආණ්ඩුව වගබලා ගත යුතුයි. නැතිනම් ඔවුන්ටත් වන්නේ ගෙදර යාමටයි.
ඇත්ත කියන කොට සමහරුන්ට ඇස්වලට වැලි ගහනවා සේය ... පොලිස්පතිට කඩේ ගියාට මොකද වෙන්න වර්තමාන පොලිස්පති හොද බෞදධ ශ්‍රී ලාකිය නීතිගරුක අවංක රජයේ සේවකයෙක් .
පොලිසිය මිනිසුන් යහමගට යොමු කරන්න නීතිගරුක පුරවැසියන් කරන්න වෙරදරන දෙපාර්තමේන්තුවක්.. එහි ප්‍රධානියා ඔහුගේ යටතේම සේවය කරන සේවකයෙක් නිවැරදි මගකට ගන්න දඬුවම් කළාම වරදක්ද? රට හදන්න කලින් තම දෙපාර්තුමේන්තුව හදාගන්න ඕනෑ නේද ?
භාවනා කිරීම හොඳ ක්‍රියාකාරකමක් බව ඇත්ත. නමුත් රාජකාරියක් සිදු කරන කෙනෙක් එම අවස්ථාවේ භාවනා කිරීම උචිත කාර්යයක් නොවේ. පොලිස්පතිතුමා මෙම අවස්ථාවේදී ඉතාම හදිසි කාර්යක් සඳහා සෝපානය භාවිතා කරන්න ගියා යයි සිතමු. එවිට එය ක්‍රියා කරවන්නා " සර් මම භාවනා කරමින් සිටින්නේ ටිකක් ඉන්න " කිව්වා නම් සමහර විට සෝපානකරු මේ වන විට සදහටම ගොලු වී සිටීමට ඉඩ තිබිණි.
ජනාධිපතිතුමා, කඩුව කොපුවෙන් එළියට ගන්න හොඳ වෙලාව...............
කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ...
මිනිහත් නිකන් ඉන්න නැතුව ඇති...
ඉමෝෂනල් පොලිස් ලොක්කන්ගේ ගැන්ග්ස්ටර් වැඩක්. ලැජ්ජයි.