(චන්ද්‍රසේන ගමගේ)
‘‘ජනාධිපති අද ආණ්ඩුව සුද්ධ කරන්න කථා කරනවා. එතුමාට තමන් ගේ පක්ෂය සුද්ධ කර ගන්න මේ වන තුරුත් බැරි වුණා. ජනාධිපති තුමා ඔය ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. ආණ්ඩුව සුද්ධ කරන්නට කලියෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කර ගත්තොත් හොඳයි‘‘ යැයි රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා අද(16) තංගල්ලේදී පැවසීය.
‘‘මම විශ්වාස කරනවා.ආණ්ඩුව සුද්ධ කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා කර ගනියි. දිගින් දිගටම අපේ පක්ෂයට කෙනෙහිලි කම් කළොත් මේ මැතිවරණයෙන් පසුව එක්සත් ජාති පක්ෂ ආණ්ඩුවක් බිහිවීමේ ඉඩකඩ වැඩි බව අපි සුද්ධ කරන්න එන අයට කියනවා‘‘ යැයි ද ඔහු කීය.
‘‘එස්.බී දිසානායක ඇතුළු පිං ඇමතිවරු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය දිය කරන්න උත්සාහ ගන්නවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මහාමාන්‍ය ඩී.එස් සේනානයක වැනි යුග පුරුෂයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය නැති කරන්න තමන්ගෙ ආසනේ දිනා ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු උත්සාහ ගන්නවානම් ඒක ඒ තරම් පහසු කාර්යක් නොවන බව පිංඇමතිවරු සිහිතබා ගත යුතුයි‘‘ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ඔය කියන කතාව මුළු රටම දන්නවා.
ඉතින් ඔබතුමා දැනට දින 2-3 කට ඉස්සර රන්නේදී කිවේ ජනපතිතුමා අවුරුදු 6 හිටියත් ප්‍රශ්නයක් නැහැ කියල ? දැන් මොනවද මේ කියන්නේ ?
කෙසේ වෙතත් පක්ෂ පාට නොබලා, දූශිතයන්ගෙන් රට බේරගන්න ඇවිල්ලා පක්ෂ දිනවන්න ආයේ පුරුදු වෙච්ච දුෂිත ක්‍රමයට යන්නේ මේ රටට හෙන ගැහැව්වත් කමක් නැහැ.
ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති බව නොදන්නා කෙනෙක්..
සහතික ඇත්ත. ජනපතිගේ ක්‍රියා කලාපය ලක්ෂ 62 ඡන්ද දායකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වී හමාරයි. ජනාධිපතිවරයා කොන්දක් තිබෙන එඩිතර නායකයෙක් නම් පසුගිය රජයේ හිටපු, ඩොලර්, යුරෝ අය පිල්ලි ගහපු අයට එරෙහිව ක්‍රියාකිරීමට වසර 3ක් ගිහිල්ලත් බැරි උනේ මොකද කියල තමයි මුළු රටම අහන්නේ.
මාළුවා නහින්නේ කට හින්දයි. හොඳ ඇමක් ඇමිණූ බිලි කොක්කක් සහිත පිත්තක් වතුරට දාපු දාට තමයි පිඟානක් මතින් කෑම මේසයට එන්නේ. කකුළුවෝ ටික දඟර ඩාන්ස් දැම්මේ ජනාධිපති වතුර මුට්ටිය යටින් ගින්දර නොදාපු හින්දයි.
ජනපති ප්‍රේමදාස උතුමාට පසුව, යු.අන්.පී පක්ෂය ප්රපාතය කරා ගමන් කල පක්ෂය. ඒ අය රට ගෙනියන්නේ ප්‍රපාතයකට. දන්නේ ප්‍රපාත ගැන විතරයි.
ඔබතුමාත් සජිත්ගේ පිහිටෙන් ගත්ත පින් ඇමතිකමක් තමයි කරන්නේ. මම අභියෝග කරනවා තංගල්ලේ ආසනය දිනලා පෙන්නන්න කියා. යථා තත්වය නම් මහින්ද අමරවීර ඇමතිතුමා සමග හැරෙන්නවත් ඔබට බැරිය. බලන්න ඔබතුමාගේ කතාව ඉතාම අසන්වරයි. ඔබතුමා කයිවාරු ගැහුවට ආසනය ගියවරත් පරාදයි. සජිත් ගේ පිහිටෙන් මනාපෙන් ආවේ.
රෝහණ, මෙතුමා පවතින ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ ඉස්සරහ දොරෙන් පාර්ලිමේන්තු ගිය පුද්ගලයෙක්. සජිත් මහත්මය සමග එකමුතුව දේශපාලනය කරන එකේ වරදක් තිබෙනවද ? මේගොල්ලන් ඡන්දෙ ඉල්ලන්නේ එකම දිස්ත්‍රික්කේ, එකම පක්ෂේ එකම වේදිකාවක ඉඳන් ජනතාව අමතන එක වරදක්ද?