(මනෝප්‍රිය ගුණසේකර)
ඊපීඩීපි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මරා දැමීම සඳහා මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියකට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය වු යාපනයේ පදිංචි තිදරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම කළේය.
සෙල්වකුමාර් සත්‍යවේල් නැමැති ඇය දඬුවම් විදිය යුතු කාලයටත් වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ පසු වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා ඇයට නියම කළ මාස 24 ක සිරදඩුවම අවුරුදු 15 ක කාලයක් සඳහා අත්හිටවනු ලැබු අතර ඇයට රුපියල් 25000ක දඩයක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd