(ටි‍්‍රක්සි කොන්ස්ටන්)
සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය.
වෙන්නප්පුව හෝටල් පරීශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඞී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් විය.
මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය කීය.
වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කළහ.
පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර සහ නීතිඥ දීපිකා ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයෝ හදන්නේ කොහොමද ගායකයෝ මෙහෙය කරනවානම්. මේ රට නම් මේ කපේදී හදන්න බැහැ...
රුපියල් ලක්ෂ 3ක් වංචා කළාට වරෙන්තු කළා නම් හොරු අල්ලන්නම් කියලා චන්ඳ ලක්ෂ 62ක් වංචා කරපු අයවත් ජනතා අධිකරණය ඉදිරියට ගේන්න වරෙන්තු කළ යුතුයි.
සපුමල් දවසේ හොඳම කමෙන්ට් එක. හහ් හහ් හා...
බිලියන 12 ක් වංචා කල අයට මෙහෙම වරෙන්තු නැහැනේ ...
මෙයා රටේ ජනප්‍රියතම ගායකයෙක් සහ ජාතික වස්තුවක් බඳු වූ ක්ලැරන්ස්ගේ ගීත ගයා බඩවියත තර කරගන්නා හොරෙකි. මොහු ලැජ්ජා නැතුව ඉතාලියටද පැමිණ මුදල් හම්බ කරගන්නම සැදී පැහැදී සංදර්ශන පවත්වන ආත්මාර්ථකාමීන් පිරිසක් සමගද මුදලට සින්දු කියනවා. ක්ලැරන්ස් ගැන හැඟීමක් නැති අය ඒවා බලන්නත් යනවා.
රජීව් හැංගිලා ඉන්නේ එංගලන්තයේ කියලයි ආරංචියේ හැටියට නම්..
ලක්ෂ 3 කටද නඩු? මහබැංකු ගේම වගේ බිලියන් ගාණක ගේමක් දුන්නා නම් අදටත් කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණනේ...