අජන්ත කුමාර අගලකඩ
මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීති රීති ළිහිල් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු මත ගැටුමකට මැදිවී තිබේ.
ඇමති වරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක දෙදෙනා මෙම නීතිරීති ළිහිල් කිරීමට තදින් විරෝධය පළකළ බව රජයේ ආරංච් මාර්ග සඳහන් කරයි.
එහිදි අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා කියා ඇත්තේ මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කළේ කාන්තාවන්ට කියා වෙනම නීතියක් පනවා තිබීම සාධාරණ නොවන නිසා බවයි.
මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ද කැබිනට් මණ්ඩලය අද(16) තීරණය කළේය.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉකුත්දා විරෝධය පළකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයිනෝසරලාට උපමා කළේ ලොකු ශරීරයකුයි පොඩි මොලයකුයි තියන හින්දද?
ඔය මෛත්‍රිට කඩේ යන අය කියන විදිහට මේ පාර මෛත්‍රිට 2/3 ක බලයක් ලැබෙන්නේ නැහැ. මේ පාර එජාපය 52 % ක බලයක් ගන්නවා. මෛත්‍රිට හම්බෙන්නේ 28% ට අඩුවෙන්. අමතක කරන්න එපා මේ පාර මහින්ද මහත්තයා සහයෝගය දෙන පක්ෂෙකුත් ඉල්ලනවා කියලා. ඒ ගොල්ලොත් 10% ක් විතර නිදහස් පක්ෂ ඡන්ද කඩනවා.
නැහැ නැහැ.. මේ නම වැටුනේ ඇඟ මහත්වෙලා ඔළුව පුංචි වෙච්ච හින්දා නොවෙයි. උල්කාපාතයක් දියවන්නාවට වැටිලා ඒ ඔක්කොම දවසක වඳ වෙලා යන හින්දා. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ "ඉතිහාසය පුනරුච්චාරණය" වෙනවා කියලයි. මම නම් කියන්නේ ඉතිහාසය විතරක් නොවෙයි... ප්රාග් ඉතිහාසයත් පුනරුච්චාරණය වෙනවා කියලයි.
හැම විටම ඉදිරියට යන එක අමාරුවක්. ඒත් ආපස්සට යන එක හෝ එක තැන ඉන්න එක ලෙහෙසි දෙයක්...
ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා, ලෝකයේ සෑම පුරවැසියකුටම රෝගී වූ විට සෞඛ්‍ය පහසුකම් රජයෙන් ලැබිය යුතුයි කියා. ඒ අයිතිය මේ රටේ දුප්පත්, වියපත් මිනිසුන්ට තියෙනවාද? එවැනි ප්‍රමුඛතා දිය යුතු දේවල් වලට අයිතිය නැතිව තිබියදී, මේ වගේ පවුල් අවුල කරන යෝජනා කරන්න ඔබලාට පුළුවන්ද?
ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානාවල ගුවන් සේවිකාවන් ගුවන් මගීන්ට මත්පැන් පිලිගන්වන්නැද්ද ? ඔවුන් ගුවන් යානාවල ගමන්කරන කාන්තාවන්ට මත්පැන් පිලිගන්වන්නැද්ද?
අපේ රටේ " කුළු හරකුන්ට" කියන්නෙත් ඩයිනෝසරලාට තමයි.
මම හිතන විදිහටත් කාන්තාවන්ට කියා එලෙස වෙනම නීතියක් තිබිය යුතු නැත. හණමිටි අදහස් වෙනස් කිරීමට කාලය පැමිණ ඇත
මම හිතන්නේ ඩයිනෝසරලා කියල දල තියෙන්නේ වඳ වීගෙන යන සත්තු නිසා. තව ටික දවසකින් මේ දේශපාලන ඩයිනෝසරලා අතු ගැවිලා යාවි.
බටහිර රටවල මත්පැන් පිළිබඳ ඉතිහාසයේ සිටම අාගමත් සමගම බැඳුන සංස්කෘතියක් තිබේ. එහෙත් අපේ වගේ රටවල එහෙම එකක් නෑ. මත්පැන් කියන්නේ වඳුරට දැලි පිහි අහුවුනා වගේ.විනාශය ම තමා. එතකොට අපේ පාලකයෝ පනින රිලවුන්ට ඉනිමන් තියනවා. පවතින නීතිත් ලිහිල් කරනවා. පාලකයෝ දන්නවා සමාජයේ මිනිස්සුන්ට ගැටළු, අවුල් වැඩිවන තරමට තමන්ගේ බලය රැකගන්න ලේසියි. මොකද මිනිස්සු හැල්මේ දුවනකොට වෙන දේවල් ගැන අවදානයක් නෑනේ. පාලකයන්ට කැමති විදියට. කරගෙන යන්න පුලුවන්. රටේ නිෂ්පාදනය අාර්ථිකය, සියල්ල බංකොලොත් වෙද්දි. ජාතික ධනය මංකොල්ල කද්දි. රට සම්පත් විකුණද්දි. ජනතාවට එතකොට එ්වා ගැටළු කරගන්න නොදී ජනතාවට විසඳගන්න වෙනත් ගැටළු නිර්මාණය කරන එක තමා මේ කරන්නේ. හරියට සුද්දා චීන්නුන් අබින් වලට අැබ්බැහි කරා වගේ.
මොන විකාරයක්ද මේවාද රටේ තියෙන ප්‍රශ්න. මිනිස්සුන්ගේ අවදානය හරවන්න විකාර බොරු ප්‍රශ්න ඇදගෙන දගලනවා.
අල ගෙඩියක් තරම් මොලයක් නැනේ ඉතින් අපේ පර්ලිමෙන්ට් එකේ ඉන්න ඇමතිලා . මේ පාර ඡන්දයෙන් තමා පෙන්නන්න ඕනේ අපි හැමෝගෙම තීරණය.
මෙය අද රට මුහුණපා ඇති දැවැන්ත ණය අර්බුධයේ තවත් අනිසි ප්‍රතිපලයක්. අද රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ, වැඩි වැඩියෙන් මත්පැන් විකුණා කෙසේ හෝ බදු මුදල් එකතු කර ගැනීමයි. වග කීමකින් තොරව, ආර්ථිකයට දැරිය නොහැකි ලෙස ණය ලබාගෙන, රට ණය උගුලක සිර කරන ලද දේශපාලකයින් මීට වග කිව යුතුයි.
ඩයිනෝසිරස්ලට වඩා හොඳ උපමාවක් තිබුනෙම නැද්ද?
මැදපෙරදිග ගෙවල් වල අපේ ගැහැණු වැඩ කරන එක සංස්කෘතියට අවුල් වගේ නැද්ද? සංස්කෘතියේ හිර වුණා නම් අපේ ගෑනුන්ට එහෙම තමයි හැමදාම වහල්ව ඉන්න වෙන්නේ ... මට පුදුම අයිස් ක්‍රීම් අපේ අය අතින් කන්නේ නැත්තේ ඇයි කියලයි.
එතකොට ඔය නයිට් ක්ලබ් තියෙන්නේ කාන්තාවන්ට ගරු කිරීමක් හැටියටද..? උගුරු දෙක, තුනක් බීලා කාලා ඉන්න ඕනෑ.. ගෑනි එක තැනකයි, මිනිහ බාර් එකකයි එකට සතුටින් ඉන්න ඕනෑ වෙලාවේ දෙතැනක ඉන්නේ මේ සංස්කෘතිය වැරදියට පාවිච්චි කරන ළිං මැඩියෝ නිසානේද?
බැඳුම්කරය අමතක කරන්න දුන්නු අලුත්ම කතාව... සැබෑ ප්රශ්නය වෙනුවට නිර්මාණය කල ප්රශ්නයකි.
අවුරුදු 5000 විතර පැරණි සුමේරියන් ජනතාව අතර මත්පැන් භාවිතය තිබුණා පමණක් නොවෙයි. මත් පැන්වලට අධිපති `නින්කාසි` නම් දෙවතාවියකුටත් ඔවුන් පුදපුජා කරලා තියනවා. "ඔන් බියර් ඇන්ඩ් බ්රුවින් ටෙක්නික්ස් ඉන් එන්ෂන්ට් මෙසපොටේමියා" (ලියෝ ඕපන් හෙයිමර්) කියවන්න. අවුරුදු 7000 ක් විතර පරණ ශටාල් හුයුක් හි බීර පෙරූ බවට පුරාවිද්‍යා සාධක තියනවා. සියලුම වැරදි වලට මුල අවිද්‍යාව කියලයි බුදු හාමුරුවො දේශනා කලේ. අපේ අය කියනවා ඔක්කෝටම මුල මත්පැන් කියලා. ඇයි මේ දේශපාලකයෝ හොරකම් කරන්නේ...? කොමිස් ගහන්නේ.. මත් පැන් වල වරදක් හින්දද? දේශපාලකයන්ට ඉස්කාගාර කරන්න හොඳයි. තැබෑරුම් ලයිෂන් ගන්න හොඳයි .. බොන අයගෙන් හෙන ගහන බද්දක් අය කරන්න හොඳයි. බොන්න නරකයි. අපූරු කතාවක්නේ. මේ ඔක්කෝටම පිස්සු !!!
මේ ගොල්ල කියන කතාවලට වටිනාකමක් තිබුනේ දැනට අවරුදු 2-3 ඉස්සර .
ලංකාවේ තිබෙන ඔක්කොම ප්‍රශ්නවලට මුල මත්පැන්ද? නිලධාරියෝ,දේශපාලකයෝ පගා ගහන්නේ, බොරු කියන්නේ, බැඳුම්කර හොරු මහදවල් බැංකු වංචා කරන්නේ මත්පැන් බීලද? සමහරවිට හිටපු මුදල් ඇමති මොකවත් දන්නේ නැති එකට හේතුව එතුමා මත්පැන් බිල හිටිය එක වෙන්න පුළුවන්... මේ ගොල්ල කියන විදිහට මත්පැන් සිල්ලර කඩෙනුත් ගන්න පුළුවන්... යුරෝපයේ, ජර්මනියේ, ස්විට්සර්ලන්තය වගේ රටවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රිලා මත්පැන් බීලා පාර්ලිමේන්තුවේදී ගහගන්නවද? මිනිස්සු බීලා පාරේ ගහ මරාගෙන විනාශවෙලා රටවල් හිඟාකන තත්වයට වැටිලද? එහෙ මිනිසුන්ගේ සංස්කෘතිය, ජීවන තත්වය ඔච්චරම නරකද? පාර්ලිමේන්තු මන්ත්රිලගේ භාර්යාවන්ට බාර් ලයිසන් ගන්න හොඳ නම්, කාන්තාවෝ මත්පැන් විකුණන එක නරකද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිතර යන එන තරු පහේ හොටල්වල මත්පැන් බොන කාන්තාවෝ, වේටර්වරියන් පොලිසියෙන් පැනලා අල්ලනවද?