මනුල වික්‍රම
ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුසාන භූමියකින් අක්ෂර සහිත මැටි වළං කැබලි තුනක් ද අන්දර වැව පුරා විද්‍යා කැණීමේ දී සොයාගත් බව එම පර්යේෂණයේ නියැළි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා හා උරුම කළමනාකරණ අංශයයේ ආචාර්ය තුසිත මැන්දිස් මහතා අනාවරණය කළේය.
රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරන අංශය මගින් මීට මාස කිහිපයකට පෙර අන්දරවැව ප්‍රදේශයේ වනගත වු අක්කර දාහතරක පමණ භූමි ප්‍රදේශයක් තොරාගෙන පුරා විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කළේ ය.
පූර්ව ඉතිහාසයට හෙවත් මීට වසර 2800කට පමණ පෙර යුගයට අයත් සුසාන භූමි (මෙගලිතික සුසාන) මෙම ප්‍රදේශයේ හඳුණාගෙන තිබේ. ඒවා මුල්කරගෙන විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන සිසුන් සමග ආචාර්යවරුන් මෙම පරික්ෂණයන් ආරම්භ කරන ලද්දේ අනුරාධපුර අගනුවර කේන්ද්‍රස්ථානයට බටහිර හා වයඹ දිශාවෙන් පූර්ව ඓතිහාසික යුගයේ පැවැති සමාජ සංස්කෘතික තත්ත්වයන්,තාක්ෂණය,ග්‍රාමීය සංස්කෘතිය හා විකාශය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහායි.
ඒ අනුව පසුගිය මාසයේ දි ඇමරිකානු පර්යේෂණ ආයතනයට යැවූ අස්ථි කොටස් දෙක ලබාගෙන ඇත්තේ මෙම කැණීමේ දී හමුවු සුසාන භූමියක වූ මැටි මුට්ටියක් තුළ ය.බීටා ඇනලිටික් ආයතනයෙ ලොව පිළිගත් පුරා විද්‍යා කාල නිර්ණ ක්‍රමය වන කාබන් දාහතර (C 14) පරීක්ෂාව සිදුකර මෙම නිර්ණය ලබා දී තිබේ. ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේ ජනාවාස බුද්ධ කාලයට සමානුපාතික බවට තහවුරු වන බවත් මීට පෙර එවැනිම ජනාවස පොල්පිතිගම,යාපහුව හා පිංවැව යන යාබද ප්‍රදේශවල ඇති බවත් ඒවා හඳුණා ගැනීමට මෙම තහවුරුව ගැලපෙන බවත් ආචාර්ය තුසිත මැන්දිස් පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ඕවා මේ ආණ්ඩු කාලේදී හම්බවුනේ. ඒ දවස්වල නම් ඉතින් අර පිළිම වලට වුණු දේ මේවටත් වෙනවා.
මෙවැනි පර්යේෂණ මඟින් හෙලිකරගන්නා වටිනා තොරතුරු පුළුල්ව ගවේෂණයකට ලක් කර ලංකා ඉතිහාසයේ මෙතෙක් සොයා නොගත් තොරතුරු වාර්තා ලෙස පල කිරීම වැදගත් වෙනවා. මට මතකයි සෙනරත් පරණවිතාන මැතිතුමා කොළඹ පැවති දේශනයකදී "මහාවංශය ලිවීමේදී මහාවිහාරවාසී භික්ෂුන් වහන්සේ භක්තියෙන් සහ සත්භාවයෙන් විජයාවතරණය පිළිබඳව ලියා තබන්නට ඇත්තේ සිංහල ජාතිය බුදුන්වහන්සේ අයත් ශාක්‍ය වංශයෙන් පැවත එන බව කියාපෑමට වියහැකි" බව ප්‍රකාශ කළා. එතුමා එදා කිවේ මේ පිලිබඳ " පුරාවිද්‍යාත්මක" සාක්ෂි ලැබී නැති බවයි. මහාචාර්ය දැරණියගල, මහාචාර්ය සෝමදේව ඇතුළු ප්‍රබුද්ධයන් බොහෝදෙනෙකුගේ සොයාගැනීම් අනුව ශ්‍රී ලංකාවේ මිනිස් වාසය ඉතා අතීතයට දිවයන බව පැහැදිලියි. කිතුල්ගල බෙලිලෙන, කළුතර පාහියන්ලෙන, කුරුවිට බටදොඹලෙන ඇතුළු ප්රාග් ඓතිහාසික ස්ථානවලින් සහ ගල්ගමුවෙන්ද ලැබීඇති තොරතුරු තවදුරටත් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇතැයි සිතමි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කැනීම් මෙතෙක් කර ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බවත් මේ පොළව පුරා තව බොහෝ තැන්වල නිසි අයුරින් කැණීම් සිදුකළහොත් ලංකාවේ ඉතිහාසය පිළිබඳ තව බොහෝ වැදගත් තොරතුරු සොයාගැනීමට ඉඩ ඇති බවත් පෙනේ.
එතකොට පල්ලිය තිගැස්සෙයිද මේවා අහලා?
මෙම කැණීම් කරන අය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ කරන ජාතික මෙහෙවරට ජාතියේ ප්‍රණාමය !
අප උපන් හෙළ බිම බුදුන් උපන් ජම්බුද්දීපයයි !!
ඉතාම වැදගත් සොයා ගැනීමක්. අපේ සමහරක් ඉතිහාසඥයෝ කියන අයට ඉතිහාසය විජයවතරනෙන් එහෙට හිතන්නම බෑ. මේවගේ සොයාගැනීම් ඒවගේ අයට හොද ඇතුල් පහරක්.
මෙවැනි වැඩ කටයුතු සඳහා සියලුම දෙනාගේ ආශීර්වාදය මෙන්ම උදව් උපකාරද හැකි උපරිමයෙන් ලබාදීම වැදගත්.
බුදුන්ගේ කේශ ධාතු සහිත සිරි හඩු සෑය ඇත්තේ ලංකාවේ බව අපි හැමෝම පිළිගත් සත්‍යකි. මම එතැනට ගොස් ඇත්තෙමි. ප්‍රදේශය පුරාම අක්කර සිය ගණනක පුරාණ නටඹුන්. චෛතයේ හැඩය අද ලංකාවේ පවතින චෛත්‍යවල හැඩයට සමානවේ. මේ සියල්ලම ලංකා තාක්ෂණ. ඉන්දියාවෙන් ආපු දේවල් නොවේ.