ව්‍යවස්ථාව ගැන අදහස් ගන්න සර්ව පාක්ෂික සමුළුවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ගේ සමුළුවක් කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 30 October 2017
රට පනින්ට ගොස් පිටුවහල් කළ සිව්දෙනකුට ඇප අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් කටුනායක ගුවන්තොටුපළින් ඉතාලි හා ජර්මනියට යමින් සිටියදී මෙරටට පිටුවහල් කර රිමාන්ඩ් ගතව සිටි සිව් දෙනකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(30) නියෝග කළාය. 30 October 2017
ව්‍යවස්ථා විවාදයට විමල්ගේ පිරිස නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගත් අද දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු එයට සහභාගී නොවූහ. 30 October 2017
පැමිණිල්ල දාන්න ගිය ගැමියා කූඩුවට දාලා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සම්බන්ධ පිරිසක් බැණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය කුරුණෑගල පුද්ගලයකු අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 30 October 2017
ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා 21ක් වසරක් හිරේ වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. 30 October 2017
මඩාටුගම විදුහල්පතිනියගේ වැඩ තහනම් කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 30 October 2017
ආඳාදොළදී මෝටර් රියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට අම්බලන්ගොඩ, ආඳාදොළ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රියක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 30 October 2017
වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 30 October 2017
ඩුලිප් විජේසේකර විපක්ෂයේ අසුන් ගනී හිටපු තැපැල් නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ අද(30) පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදයේ දී විපක්ෂයට ගොස් අසුන් ගත්තේය. 30 October 2017
එජාප නව ආසන සංවිධායකවරු 34 කට පත්වීම් එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරු 34 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරිම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සිදු කෙරිණි. 30 October 2017
ඕස්ට්‍රේලියා අගමැති නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. 30 October 2017
බලපිටිය අධිකරණයට විශේෂ ආරක්ෂාවක් බලපිටිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිත පාතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවන් ගාල්ල බන්ධනාගාරයේ සිට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රියෙන් රැගෙන එනු ලැබූ අවස්ථාවේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි. 30 October 2017
සයිටම් අහෝසි කර නැතැයි ජවිපෙ කියයි සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක්‍රමයක් යොදාගැනීම යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 30 October 2017
හිටපු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මුදා හරි නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා (කරුණා අම්මාන්) නිතිපති උපදෙස් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) එම නඩුවෙන් මුදා හරිනු ලැබීය. 30 October 2017
හිටපු සෙබළාට දස වසරක සිර දඬුවම් ඉඩම් ආරවුලක් මුල් කරගෙන පිහියකින් ඇන සිය ලොකු තාත්තා ඝාතනය කර අනියම් මිනී මැරුමක් සිදු කළ හිටපු හමුදා සෙබළකුට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. 30 October 2017
ඕමන්තේ බස් රථයක් හා බවුසරයක් ගැටී 24 කට තුවාල වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්රි කෙයිදපුලියන්කුලම් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක් අද (30) එකිනෙක ගැටීමෙන් 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලීසිය පවසයි. 30 October 2017
ප්‍රසන්න රණවීර ඇතුළු 31 ක් යළි රිමාන්ඩ් මත්තල ගුවන්තොටුපළ විකිණිමට එරෙහිව හම්බන්තොට දී පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 30 දෙදෙනාගෙන් එක් අයකුට ඇප ලබාදී ඉතිරි 31 දෙනා නොවැම්බර් 13 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය. 30 October 2017
කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය. 30 October 2017
සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත. 30 October 2017
සයින්දමර්දු වැසියෝ ප්‍රා සභාවක් ඉල්ලා හර්තාල් අම්පාර සයින්දමර්දු ප්‍රදේශයට ප්‍රාදේශිය සභාවක් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 30 October 2017
දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි 29 October 2017
නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය. 29 October 2017
රජයේ යෝජනාවලට සයිටම් ප්‍රතිචාරය හෙට මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලා හෙට (30) අදහසක් ඉදිරිපත් කරන බව සයිටම් ආයතනය කියයි. 29 October 2017
රාජ්‍ය ආයතන 15ක් ගාලු කොටුවෙන් ඉවතට ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පවසයි. 29 October 2017
වතුර නැතිව පොළොන්නරුවේ 50,000කට පීඩා දිවයිනේ බොහෝ පෙදෙස්වල මහ වැසි පැවතිය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක වෙසෙන පවුල් 13698 ක පුද්ගලයෝ 52223 දෙනෙකුට පානීය ජල සැපයුම සිදු කෙරෙන බව ආපදා කළමණාකරන ඒකකය කියයි. 29 October 2017
අකුණුසැර වැදී තිදෙනෙක් මරුට වීරකැටිය, මැදමුලන වෙල්යායක් මධ්‍යයේ පිහිටි කමතක වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද දහවල් අකුණුසැර වැදී මියගොස් ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 29 October 2017
වකුගඩු රෝගය ගැන සොයන්න ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායමක් දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් අනිද්දා (31) දිවයිනට පැමිණීමට නියමිතය. 29 October 2017
යාපනයේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරවලට සීල් යාපනයේ පෞද්ගලික රෝහලක අක්ෂී සැත්කම් අසාර්ථක වීමක් හේතුවෙන් රෝගීන් 10දෙනෙකුගේ ඇස්වලට හානි සිදුවීම මත එම රෝහලේ සැත්කම් තාවකාලිකව තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කේ.ගුණසීලන් මහතා පියවර ගෙන තිබේ. 29 October 2017
රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි. 29 October 2017
රවී සහ මහේන්ද්‍රන් ගැන ලිපිගොනු තවම බාරදී නැතිලු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම සමාගමට නියම කොට තිබුණත් මේ වනතුරු අදාළ ගොනු කොමිසමට බාරදී නැතැයි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 29 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026