ෂහාන් චාමික සිල්වා
යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි.
එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදයංගට ඔහොම තියෙනවනං, අරය ට කොහොම ඇත්ද ?
ඔය තියෙන්නේ, ආසියාවේ ආශ්චර්යය! තවත් කියනවනේ හොරු නැහැ කියල!
ගෝලයාගේ වත්කම එහෙමනම් ගුරාගේ කොහොම ඇත්ද? කවද්ද ඉතින් "කලබල වෙන්න දෙයක් නෑ. ඒ අයුතු ලාභයත් නැවත රජයට ලබා ගත හැකි" බව ජාතිය අමතා ප්‍රකාශ කරන්නේ අයිබොවන්?
ලැජ්ජා නහර කපා ගත්ත ඥාති පරපුරකින් එන අයගේ හොරකම පිළිබඳ චර්යාව ජාන විසින් තීරණය කරනු ලබන්නක් බවට දැන් අප තීරණය කර අවසානයි. ගහපු ප්‍රමාණය හා හෙළිවූ අතර ප්‍රමාණයේ ඇති පරතරය ගැන ලාංකික සමාජය කිසිදාක කතා නොකරනු ඇත.
අනේ උදයංගට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මිලියන 94 ක වගේ සොච්චම් වත්කම් ප්‍රමානයක්නේ !!!
සරණට වගේ රුපියල් දාහක් දඩ ගහන්න...
මේවා මැදමුලනේ පොල් සල්ලද? කියන්න පොහොට්ටු මහත්වරුනි, මෛත්‍රිපාල මැතිඳුනි, මේ දෙගොල්ලන්ටම දඩුවම් දෙන්න.
තවත් මෝඩයෝ රටේ ඉන්නවද මේ අයව කරට ගන්න?
අනේ සාධු !!! තමයි කියන්න වෙන්නේ..
ඔන්න! ආසියාවේ ආශ්චර්යය!
ඕන ඔට්ටුවක්... මෙයාව අල්ලලා ලංකාවට ගෙන එන්නේ නැහැ...