මුදිතා දයානන්ද
‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’
‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ නමුත් ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා.
පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමග එකතු වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ලංවෙලා ඕව කියවනවා. කෙසේ වෙතත් අපට වෙනසක් අවශ්‍යයි.
යන්න ඉස්සෙල්ල පොල් ගෙඩියේ මිල පහත දාලා යන්නකෝ
ඔය කතව අහලම එපා වෙලා.
නොකෙරෙන දේවල් ගැන කියන එකෙන් පෙනෙන්නේ මෙතුමා කවදාවත් තනතුර දාල යන්න සූදානම් නැති බවයි.
ඔව් දැන් එයාර්පොර්ට් වහලා අල්ලපු හොරු ටිකත් ඉන්නේ අවීචි මහා නරකාදියෙද?
අපි ඔබ සමගයි. ජනාධිපතිතුමනි හිටපු සහ ඉන්නා දූෂිතයින් ගෙදර නොව හිරේට අරින්න. උසාවිවල නඩු ඉක්මණින් අවසාන කරන ක්‍රියාමාර්ගයක් හදන්න.
අවංකව කියනවා නම් පසුගිය වසර දෙක තුල රටේ දේපල පිටරටවලට වික්ක එක විතරයි කළේ...
ඒ කියන්නේ ආපහු පාරක් ඉල්ලනවා කියන එක නේද ?
අනේ යන්න .. ලක්ෂ 62 ක් එක්ක ජනාධිපති පුටුවට ඇවිල්ලා හොරු අල්ලනවා වෙනුවට කලින් ලොක්කන්ට පිටරට පැනලා යන්න දීලා පෙබරවාරි 10 වෙනිදාට පස්සේ හම්බ වෙන සියයට 9ක් එක්කද පාරට බහින්නේ..?
ඒ කියන්නේ මෙයත් ගෙදර යන්න කැමති නැහැ වගේ... මහින්ද මහත්තයා වගේ. එනකොට කිව්වේ දින 100න් පස්සේ අවුරුදු 6යි. දැන් සදාතනිකවම ඉන්නයි හදන්නේ. දැන්වත් තේරුම් ගන්නකෝ මේ අය ඔක්කොම එකයි කියලා. අන්න එ්කයි මම කවදාවත් මගේ ඡන්දෙ දෙන්නේ නැත්තේ සහ දීලත් නැත්තේ. හැමෝම මේ අයගේ වැරදි තේරුම් අරන් අයෙත් ඡන්දෙ දෙනවා. කරුණාකරලා කාටවත් ඡන්දෙ දෙන්න එපා.
... ඒ කියන්නේ මැරෙනකම්ම ඉන්න ද බලාපොරොත්තුව...? ඔබතුමා බලයට එනකොට ඔහොම කව්රුවත් අපායට ගියාට පස්සේ ගෙදර යනවා කියලා කතාවක් කිව්වේ නෑනේ... කිව්වේ විධායක ජනාධිපති බලය ඉවර කරලා ඉක්මනට ගෙදර යනවා කියලනේ...ඉතින් ඇයි එහෙනම් තව කල් ඉන්න පුළුවන් කියලද අහන්නේ..? 'දේශපාලනික වංචනිකයෙක්' නේ ද එතකොට..?
ඡන්දය තියෙන කාලවලදී මෙයා හරි සැර වෙනවා. අපිට මෙයා තමයි මිනිහා කියලා හිතෙන කතා කියනවා. අන්තිමේ ඡන්දයක් ඉවර වුණාට පස්සේ මෙයා ආයෙත් සද්දයක් නැතුව නිහඬ වෙනවා. මෙයාලගේ දේශපාලන රටාව සහ ප්‍රයෝගිකව හඳුනාගන්න හරිම ලෙහෙසියි. මෙයාලා කරන්නේ රටෙයි, අපෙයි වටිනා කාලය සහ සම්පත් විනාශ කිරීමම පමණයි.
එතකොට හෙට වුණත් ගෙදර යන්න ලෑස්තියි කීවේ.. ඒ අය අවීචියට ගිහින්ද?
මම ගෙදර යන්නේ අර ඉසුර කිව්වා වගේ අනිත් අයවත් නඩුවලින් බේරලා පිටරට යැව්වට පස්සෙයි.
හොඳ කියමනක්... කරුණාකර කියූ ලෙසම කරන්න.
ජනාධිපතිතුමා ඕක ටිකක් සැර වැඩිද මන්දා... මට නම් හිතෙන්නේ ඔය සටන් පාඨය ඊළඟ ජනාධිපතිවරණයට තියාගත්තොත් හොඳයි. මොනවා වුණත් වැටට කලින් කැන පනිනවා කියලා කියනවනේ...
මෙතුමාගේ කතාවේ හැටියට වක්‍රව කියන්නේ මෙම තනතුරින් අයින්වීමේ අදහසක් නැතිබවයි. මොකද ඔය කියන අචිචි නරකාදිය තියෙන්නේ කොහෙද කියා සහ මීට කලින් ඔවැනි දුෂිත දේශපාලකයින් ඔය කියන තැනට ගියා කියලා හෝ යනවා කියලා දැනගැනීමට ක්‍රම වේදයක් නැති නිසා. කොහොමද ටිකිරි මොලේ...?
මෙතුමා වැඩකරන කාර්යක්ෂමතාව අනුව තව ආත්ම ගණනාවක් ඕනවෙවී ඔයකියන ටික අහවර කරන්න .. ඒ කාලේ ඇතුලත ඔය මැති ඇමති හොරු සහ සෙල්ලම් කාරයෝ මොන වැඩ දායිද දන්නේ නැහැ...
ගමේ මරණාධාර සමිතියක සභාපති වුණා නම්, ඔය අදහස යතාර්ථයක් වන්නට ඉඩ තිබුණා.
අනේ ඕක කරන්න එළියට බැස්සේ 2014, 2015 ජනවාරි 8 මහජනයා බලය දුන්නේ ඒකටයි. අවුරුදු 3 ක් ගියා. ඒක කළානම් අනික් අයට පාඩමක්, රටට ආදර්ශයක්, ඊට පස්සේ තව දුරටත් එවැනි දේවල් වෙන්නේ නැහැ. දැන් කොහොමද පරණ දුෂණ යට ගියේ. ආයේ ගෙදර යන්න දෙයක් නැහැනේ. අවශ්‍ය කොමිසන් සභා පිහිටුවලා ඉවරයි. පොරොන්දු වූ පරිදි ඒවාට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ අරින්න. කවුරු වුණත් කමක් නැහැ. දඬුවම් ලැබෙයි. මේක ඡන්දයක් එද්දී, පරණ කට්ටිය කරපු සෙල්ලමක්. අලි කොටි ගිවිසුම කියලා එකක් හදලා ඡන්දය දින්නා. බැලින්නම් ත්රස්තවාදීන්ට සල්ලි දීලා....
ප්‍රශ්නේ දැන් මුළු ගෙදරම අවීචි මහා නරකාදියක් වෙලා තිබීම නිසා කොහේ යන්නද කියලයි.
අර ජාතිය ඇමතූ කෙනත් ඒකට අයත්ද?
ඉතින් ඒක එහෙම නම් කීයටවත්, කවදාවත් ජනපතිතුමා ගෙදර නම් යන්නේ නැහැ.
කවදාවත් යන්නේ නැහැ කියන එකට සමාන පදයක් නේ මේ කියන්නේ... බලතණ්හාව... බලතණ්හාව!!!
නොකියා කියන්නේ හැමදාම වුණත් ඉන්න අාසයි කියලා... ඕක තමයි ලෝක ස්වභාවය... හැමෝම බලයට ආසයි..
මාත් හිතුවේ එහෙම තමා... හොරුන්ට, දූෂිත දේශපාලකයන්ට එයාර්පෝර්ට් වහලනේ දඬුවම් කරනවා කිව්වේ.. අපිත් අපේ ජීවිත අවදානම ගැනවත් නොහිතයි මෙතුමා ජනපති කරන්න වැඩ කලේ. හැබැයි අල්ලපු මිනීමරුවෙකුත් නෑ. හොරුත් නෑ. දූෂිතයෝත් නෑ. මෙතුමා හිටපු හොරුන්ව ආරක්ෂා කරමින් එජාපය විනාශ කරන බවයි මටනම් හැඟෙන්නේ.. පව් අර තාජුඩින්ලා, ලසන්තලා...
මෙයා හරියට පොඩිඅය බයකරනවා වගේ. අපේ අම්මා, තාත්තත් ඕකම කියලා පොඩිකාලේ අපිව බය කරලා තියෙනවා.
ඒ අයත් එක්ක ඔබතුමාට අවීචියට යන්න නොලැබේවා කියා පතමි..
ඔබට ගෙදර යන්න ඉස්සෙල්ලා අවීචියේ සුඛෝපභෝගී රෝහලක් හදන්න වෙනවා. එම කටයුත්ත සඳහා විදේශ විනිමය වැයකරන්න සිදුවන බැවින් විදේශ මුදල් සංචිතය වැඩිකරගන්න වෙනවා.
බොහොම හොඳයි. දැනට යන පිළිවෙලට දූෂිත දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට කොහොම වෙතත් හිරගෙදරට යවන්න තව ශතවර්ෂ ගණනාවක් ගතවෙයි කියලයි පෙනෙන්නේ.
අපටත් අවශය ඒකම තමයි..
එතකොට පහු ගිය අවුරුදි 3නේ මොකද කෙරුවේ? ඕවාට අහුවෙයි... තණකොළ කාලා පුන්නක්කු බොන කට්ටියනේ ඉන්නේ...
අනේ මේ ඒකයි හේතුව, මට හිතගන්න බැරුවයි හිටියේ.. මොකද ඔබතුමා දෙවැනි වරට ඡන්දෙ ඉල්ලන්න යන හේතුව? මට වැටහෙන්නේ දැන්නේ...
එහෙනං මොකටද දූෂිත පරාජය ජනතාව ප්‍රතික්ෂේප කල අය පාර්ලිමේන්තුවට අරගෙන ඇමති කමක් දුන්නේ?
ඒ කියන්නේ ජනාධිපතිතුමත් කට්ටිය එක්කම බස් එකට නගින්නයි බලාපොරොත්තුව...
ඊට කලින් ආප්පයක් කාලා එන්නං හිටන්.
මම ගෙදර යන්නේ ලසන්ත මැරූ අය ජනාදිපති වූ පසුවයි.
ඔබ කොහොමද ගෙදර යන්නේ? ඔබත් එතනමනේ..
මමත්, ඔබතුමා සමගයි ජනපතිතුමනි...
අප්පා සදහටම බලේ ඉන්න වගේ කල්පනාව... රටට හොඳ එක පනතක්වත් ගේන්නේ නැතිව ලස්සන කතා කියනවා. අවංක නැහැ. කතාවෙන් වැඩ කෝටියයි.
නයා මල්ලෙන් දෙවෙනි වරටත් පැන්නා නේද?
ජනාධිපති තුමා හොඳ බෞද්ධයෙක් හැටියට දන්නවානේ කුසල් හරහා "දිව්‍ය ලෝක " මැවෙන හැටිත් අකුසල් ඔස්සේ "නරකාදිය" ඉදිවෙන හැටිත්. ඒ නිසා පාප බරිත මිනිසුන් නිසා ඔබතුමා කළකිරීමට පත් නොවී, "සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසංපදා " යන බුදු වදනට අනුව ඔබතුමාගේ ධුරයේ ඉදිරි දෙවසර සඳහා කටයුතු සම්පාදනය කරන්න. රටේ ජනතාවට අවශ්‍ය කරන්නේ මහින්ද කෙනෙක් වත්, රනිල් කෙනෙක්වත්, මෛත්‍රී කෙනෙක් වත් නොව දූෂණයෙන් තොර සාමකාමී සමාජයක්. ඔබතුමා දූෂිතයින් රකියි යන සාවද්‍ය චෝදනාව ඔබතුමා කෙරේ එල්ල වූයේ දූෂිතයින්ට විරුද්ධව නීති මගින් මෙතෙක් ක්‍රියා නොකළ නිසා යන්න ඔබතුමාටත් තේරුම් ගිය එක හොඳයි. ඔබතුමා චතුර කථිකයෙක් නිසා ජනතාවට පහදා දෙන්න පළිගැනීම හෝ දඬුවම් දීම (කලින් අය කළාක් මෙන්) ජනාධිපතිවරයෙකුගේ කාර්යභාරයක් නොවන බවත් ඒ වෙනුවට නීතිය හා අධිකරණය හරහා සමාජ සාධාරණත්වය ඉටුවේද කියා සොයා බැලීම ඔබතුමාගේ වගකීමක් බව...
එතකොට ට්‍රැවිස් සින්නයියා ව ඉක්මනින්ම ගෙදර ඇරියේ ඇයි?
එහෙනම් කල්පයක් දෙකක් ඉඳලාම තමයි සෙට් වෙන්නේ..
ඔය කොච්චර කෑගැහුවත් නිදහස් පක්ෂයට 2/3 ක බලයක් ලැබෙන්නේ නැහැ. මහින්ද සහයෝගය දක්වන කට්ටිය මේ ගොල්ලන්ගේ ඡන්ද ලක්ෂ 10ක් විතර මේ පාර කඩනවා.
ඒ කියන්නේ ඔබතුමා හැමදාම ඔය තනතුරේ ඉන්නවා කියන එකද? !.
කාවද මේ ආපහු රවට්ටන්න උත්සාහ කරන්නේ? 2015 ජනවාරි 8ට කළින් කරපු රඟපෑම නේද මේ ආපහු කරන්නේ..? තමන්ගේ වටේ දූෂිතයෝ පුරවාගෙන සදාකල් බලයේ ඉන්න ගහන අලුත්ම සැලසුම නේද මේක? ඡන්දෙන් පස්සේ ආපහු පරණ තැටියේම දුවනවා..
ඔය කියන දේවලින් එකක් කලදාට මම ඔබව නමින් ඇමතීම නවතා කටපුරා ජනාධිපතිතුමනි යැයි කියමි. සම්මුතියෙන් බිඳුනොත් ඔබට ඔයදේවල් කලහැකියි. එසේම ඔබ සමග සිටින වැඩකට නැති වාචාල, ඇමැතියන් සහ ජනතාව ප්‍රතික්ෂේප කල අය පන්නාදමා ඒ වෙනුවට එජාප, ජවිපෙ සහ අනිකුත් පක්ෂවල සිටින, රටට ආදරය කරන, මිනිසුන් රජයට බඳවා ගතහොත් බය නැතිව තව බොහෝ දුර යාහැකියි.
ඔබතුමා මේ රටේ ප්‍රශ්නවලට තදින් ඉන්නවා නම් හොඳයි. දූෂිතයින් විනාස කරන්න ඕනෑ.
දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින්, වංචාකාරයින් හොරුන් සියලුදෙනා අවීචි මහා නරකයට ගිය බව ඔබතුමා දැනගන්නේ කොහොමද? අවීචි මහා නරකයට යන්න පෙර, මේ ටික අපේ රටේ නීති පද්ධතිය අනුව නඩු අසා දඬුවම් දීම සහ රොත්ත බුරුත්ත ගෝනි ගණන් රට පැටවූ ශ්‍රී ලංකාවේ අති විශාල ධනස්කන්දය මොන ක්‍රමයකින් හෝ මෙරටට ගෙන්වා ගැනීමට පුළුවන් නම් ඒ පිනම ඇති ඔබතුමාට දෙව්ලොව යන්න !
හැමදාමත් ඉන්න වගේ සැලැස්ම..
බුදුන්වහන්සේ දේශනා කල දේ සත්‍යයයි. කිසිදා වෙනසක් නොවේ. එසේ නම් මේ අයගේ ඉරණම කුමක්ද කියා ධර්මය දන්නෝ පමණක් දනිති. සොරකම් කිරීම, බොරු කීම, සහ මත්පැන් බාවිතය හා ප්‍රවර්ධනය යන මේ තුනම දේශපාලනය තුල බහුලව සැරිසරයි. ඉතින් කවර කතාද? බුදුපියාණන් වහන්සේගේ ධර්මය නොදන්නන් ගැන කවර කතාද? ඔවුන්ගේ අවබෝධය ගැන කවර කතාද?
ඒ කියන්නෙ මැරෙනකම්ම මේ තනතුරේ ඉන්නවා කියන එකනේ...
පත්තරෙන්, රේඩියොවෙන් ද... අවීචි මහා නරකාදියට ගියා කියලා දැනගන්නේ?
එහෙනම් ඔබතුමාට කවදාවත් යන්න වෙන්නේ නැහැ. ...
ඒ කියන්නේ මෙතුමාත් කවදාවත් බලේ අතහරින්න කැමති නැහැ කියන එකනේ...
ඒ කියන්නේ ගෙදර යන්නෑ කියන එකනේ ..
ඒ කියන්නෙ මෙයාටත් දැන්ම යන්න අදහසක් නැහැ වගේ. මොකද හොරුන්ට දඬුවම් දෙනකොට තව කල්පයක්වත් යයි..
අපි ඔබතුමා සමඟයි.. බලය පාවිච්චි කරන්න. නැතුව රට හදන්න බෑ. ඉබේ හැදෙන්නෙත් නෑ. ඔබතුමා හැමදේම දන්නවා. එදා එළියට බහින නිර්භීත තීරණාත්මක තීරණය ගත්තා වගේ අදත් වැඩ කරන්න. පක්ෂ, පාට අතාරින්න. දේශපාලනිකව ඔබතුමා කහිප දෙනෙක් සමඟ තනි වෙයි. නමුත් අපි ඔබ සමඟයි. මහජනතාව ඔබ පිටුපස ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටිනු ඇත. ඔබතුමාගේ ශක්තිය එයයි. තව දෙයක්, දැන්වත් සිංහලයගේ පැත්තෙ හිටගන්න. යතාර්ථය තෙරුම් ගන්න...
ඒ කියන්නේ කවදාවත්ම ගෙදර යන්නේ නැහැ.
ඔබතුමා කියන්නේ 2019 ට ඉස්සරවෙලා දූෂිතයෝ නරකාදියට යවනවා කියලද? එ්කනම් කරන්නට බෙරිවෙයි. මොකද ඔබතුමා 2019 අවසන් වෙනකොට ගෙදර ගිහිල්ලා ඉවරනේ...
එහෙනම් අපිටත් අපේ ළමයින්ටත් සෑහෙන කාලයක් බලං ඉන්න වෙයි වගේ. බාලගිරිය අද නොවෙයි හෙටයි !
එහෙනම් තව අවුරුදු 500ක් විතර යයි.
ඒ කියන්නේ සදාකාලිකව බලයේ ඉන්න හදනවා කියන එකයි. මොකද කොහොමද තහවුරු කර ගන්නේ අපායේ යනවා කියලා?
එ්ක කවදාකවත් වෙන්නේ නැති දෙයක් මහත්තයෝ. එතකොට දැන් ඔබතුමා ගෙදර යන්නෙත් නෑ. අයියෝ...
තවත් දේශපාලන කතාවක් නොවෙයි නම් ප්‍රමාදවී හෝ එවැනි තීරණයක් ගැනීම රටේ වාසනාව. ජයවේවා!
මේ නොකියා කියන්නේ මෙතුමාටත් සැමදා බලයේ ඉන්න වුවමනාව තියනවා කියලා නේද?
රටේ ප්‍රධානියා හැටියට ඉතාමත්ම හොඳ තීරණයක්. අප තදින් විශ්වාස කරනවා දෙවෙනියා වගේ රටට විහිළු සපයන්නෙක් නොවේ කියා. මේ සමගම බැඳුම්කරයටම සම්බන්ධ එක අයෙක් වෙනුවෙන්ම වෙනස් කල විනිමය පනතත් "ඉතාමත්ම ඉක්මණින්" නිවැරදි කළොත් නේද හොඳ? උදේ හවස වැසිකිළි යන්නත් ටයි, කෝට් ඇඳගත්ත සතොස ගිලපු අය විනිමය හොරකමින් බේරෙන්න නේද මෙය වෙනස් කලේ? සාමාන්‍ය ජනතාව වන අප හොඳින් මේ දෙසබල සිටිනවා.... ගත යුතු තීරණ නැකත් එනකල් නොසිට ඉක්මන් කලයුතු බව අපගේ හැඟීමයි.
මේවා අහලා කුමක් වේද පෙරේදාට? පටන් ගන්නේ 8 ලු එතකොට ඉවර කරන්නට තව ධුර කාල 2ක් වත් යයි නේද?
සදාකලිකව ගෙදර යන්න ලැබෙන්නේ නෑ එහෙනම්..
අනේ ඉතින් මගේ කට...
මේ වගේ මෝඩ කතා දාන්නවත් වටින්නේ නැහැ.
දැන් ඉතින් හොරකම් කරනු බොරු.
පෙර වැරදි වලට පොදු සමාවක් දෙනු ලැබේ. අදින් පසු නෝ හොරකම්...
මේ හදන්නේ හැමදාම බලයේ ඉන්න. හොරු අවිච් මහා නරකාදියට ගියදාට " මම ගෙදර යන්නම් " අගමැතිතුමාටම හරියන ජාතිය කෙනෙක් වගේ. පළමු මහබැංකු හොරකමේ වාර්තාව එළියට නොදා පාර්ලිමේන්තුව විසුරුවලා ඒ හොරුන් බේරුවා.
හරි බොළඳ කතාවක්! ඒ කියන්නේ යන්න අදහසක් පේනමානයක නෑ කියලනේ... දූෂිත දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට නැතුව අනිත් නරකාදී 7න් එකකට ගියොත් සොරිම තමයි ..
ආස ඇති ගෙදර යන්න නේ.. යම රජු වෙනම නරකාදියක්වත් හදලා ඇතිනේ...
මග හිටියොත් තෝ නසී, ගෙදෙර ගියොත් අඹු නසී කිව්වා වගේ, අවීචි නරකාදියට දැනුත් යන්න පුළුවනි ගෙදර ගියත් යන්න පුළුවනි. තැන නොවේ ප්‍රස්නේ, තමුන් කරන කාරියයයි.
එහෙනම් එයා ගෙදර යන එකක් නෑ කවදාවත්ම...
මෙදා පොටේ යන පාටක් නැත... සියල්ල නරකාදියට යනු ඇත.
පුද්ගලයෙක් අවීචි මහ නරකාදියට යන්න නං මැරෙන්න එපායැ. එයින් ගැඟෙන්නෙ තම විරුද්ධවාදියා 2020 වනවිට මරණයට පත්වේ යැයි බලාපොරොත්තු වෙනවා.
ඔබතුමා ගෙදර යන්නේ කවද්ද කියලා තීරණය කරන්නේ ඔබතුමා නෙවෙයි මේ රටේ මහජනතාව සර්...
එහෙමනම් ඉතින් ජ.වි.පෙ. මන්ත්‍රීවරු 6 දෙනා ආවේ නැති දවසක පාර්ලිමේන්තුව එහෙම පිටින්ම නරකාදියට ගිලා බහීවී.
මෙයා ඉන්නකම් ඒක කරන්න හම්බවෙන්නේ නෑ. පවුලත් දේශපාලන වාසි අරගෙන තමයි කරන්නේ. ඉස්සරවෙලාම යන්න අවීචි. ඊට පස්සේ අනිත් අය එවන්න ලේසියි.
පෙබරවාරි 10 වෙනකන් ඉන්නේ මොකටද? අවුරුදු 3ක් පොල් ගස් ගියාද?
එතකොට ජනතාව ප්‍රතික්ෂේප කරපු දූෂිත දේශපාලකයෝ... ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගන්න එක පිරිසිදු දේශපාලනයද? ඡන්දෙට කලින් බොරු පොරොන්දු අඩංගු පොතක් මුද්‍රණය කර ඉන්පසු මුකුත් නොකරන එක පිරිසිදු දේශපාලනයද? බොරු කියන දූෂිත දේශපාලකයෝ එච්චර ඉක්මණට නරකාදියට යන්නේ නැහැ. ඒ අය ලෙඩ වුණාම ඒ අයගේ ලොක්කා මැදිහත්වෙලා රුපියල් කෝටියකට වැඩියෙන් වුණත් මහජන මුදල් වියදම් කරලා... ලංකාවේ බැරිනම් ඒ අයව සිංගප්පුරු හරි යවලා සනීප කරනවා.
පවුල් වාදය ටෙලිකොම් මල්ලි. පුතේ, දුවේ... මේ සේරමත් එක්කගෙන නරකාදියට යන්න.
ඔබතුමා ඔය කියන කතාව මේ වෙනකොට ඔබතුමා විසින්ම කඩලා ඉවරයි. මොකද මහජනතාව ප්‍රතික්ෂේප කරපු ඉස්සෙල්ල රෙජීමයේ දූෂිත දේශපාලකයෝ... ලිස්ට් එකෙන් ඔබතුමා පාර්ලිමේන්තුවට ගත්තා. දැන් ඒ ගොල්ලෝ තමයි ඔබතුමාගේ පෙරහැරේ ඉස්සරහින්ම යන්නේ. අවීචි මහා නරකාදියට යනඑක මොනවා වුණත් යහපාලනය අපරාදේ විනාශවුනා.
ජනාධිපති මැතිවරණයේදී කල කතාවක නැවත ප්‍රචාරයක් නේද?
මේ ඔක්කොමගේ කට වැහෙන්න කඩුව හතර අතේ වනලා දාන්න....
රටේ ක්‍රියාකාරී සැම ආයතනයක්ම බලය ඔබතුමා අතේ තිබියදීත් සාමාන්‍ය ජනයා තමන්ට කරදරයක් වුණාම හෙන ඉල්ලනවා වගේ කතාවක්නේ... ඔබතුමාත් කියලා තියෙන්නේ. ඇයි ඔබතුමාට බැරි නීතිය හරි විදිහට පාවිච්චි කරලා හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න.
හොරකම් වගේම නාස්තිය අවම කරන්න... නැවත එසේ නොකරන්නට ශක්තිමත් ක්‍රමයක් ස්ථාපනය කිරීමයි.
දැන් ලංකාවේ දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට යන්න පෝලිමේ ඉන්නේ. මොකද ලංකාවේ දේශපාලනඥයින් ඔක්කමලා වගේ යන්න ඉන්නේ එහෙ. ඒ වුණාට මේ කට්ටිය බන්ධනාගාරේ ගියාම ඉන්න විදියට, වේලපහින්ම එහෙට සල්ලි ඇරලා සැපට ඉන්න විදියට සෙට් කරලයි තියෙන්නේ. අනික ඕකේ ඉඩ තියෙන එකක් නැහැ මෙච්චර කට්ටියකට. එතනත් ඉවරයි.
අපේ සල්ලි වලින් ලෝකේ තිබෙන හොඳම සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳින, හොඳම ආහාර පාන ගන්න, ලෝකයේ තිබෙන හොඳ වාහන වල ගමන් බිමන් යන හොර දේශපාලකයෝ දැන්මම වල පල්ලට යන්නේ නැහැ. නමුත් 2020 දී ඒ අය මොකක්හරි ඩීල් එකක් දමලා ඔබතුමාව පරාද කරනවා.
අනේ බුදු මහත්තයෝ එහෙමනම් කරන්නේ එපා.. අපේ අහිංසක දුප්පත් මහත්වරුන් හරි හොඳයි.
ගරු ජනපති තුමාගේ අදහසනම් හොඳයි .එහෙත් රත්නපුර දිස්ත්‍රික් සංවිධායකයින් පත්කිරීමේදී ඒ ගැන නොසැලකීම ගැටළුවක් .
ආත්ම ගණනාවක් ඕනවෙවී ඔයකියන ටික කරන්න .ගෙදර යන්නේ කවද්ද කියලා තීරණය කරන්නේ ඔබතුමා නෙවෙයි මේ රටේ මහජනතාව
එයාපෝර්ට් එක වහනකන් අපි තාම බලන් ඉන්නවා හිටන්.....ඡන්දෙට පස්සේ ඔය ආටක නාටක ඉවරයි....
එහෙනම් කවදාවත් යන්න වෙන්නේ නැහැ. මොකද ඔය ඉන්න හොරු ටිකක් සුද්ද කරන්න කවදාවත් බැ. කරනවා නම් ඔය ඉන්න කාලේ ඇති. අඩුගානේ ඔප්පු කරන්න පුළුවෙන් හොරුටික වත් ඇල්ලුවද? නැහැනේ අනික මිනී මරුවෝ ටිකවත්...
ඔබතුමා බලයට පත් කරේ දින සියයකට පමණයි. බල තණ්හාවට එල්ලිලා හිටියට ගෙදර යන්න වෙන්නේ කුණු බිත්තර පාරවලුත් කාගෙනයි. රට විකුණපු එක අපි අනුමත කරන්නේ නැහැ.
ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් වුණේ 1967න් පස්සේ. එදා ඉඳලා තමයි පාර්ලිමේන්තුවේ හොරු බිහිවුණේ... එදා සිට පොඩි තුවාලයත් වෙලා තිබුණු මේ ලෙඩේ අද සුව කරගන්න බැරි පිළිකාවක් වෙලා. ඒක අපේ ජනාධිපතිතුමා සනීප කරලා දෙනව නං ඒක තමයි ලොකු ම ආශ්චර්යය.
ජනාධිපතිගේ දුව සහ බෑණ ද දුෂණ වලට හවුල්. අන්තිමට බලනකොට කවුරුත් එකයි............. ජනතාවට නිකන් මොත්තේ දානවා. ජනතාව මෙවර ඔය බොරුකාරයාව ගෙදර යවනවා !!!
මම හොරු අල්ලන්නේ නෑ... මේ ඔක්කොම මැරෙනකම් මැරිලා අපායට යනකන් මම ජනාධිපතිකම කරනවා.. මම අමරණීයයි..
ඔක්කොම හොරු. එය නොදන්නා අයගේ මොලේ අඩුවට බෙහෙත් ටිකටික දෙන්න වේවි. ඔවුන්ට ආවඩන මෝඩ සහ කපටි වාචාල හොරුන් ඔක්කොම දේව සාපයට ලක්වෙලා තියෙන්නේ. මොවුන්ට උපරිම දඬුවම් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. මොවුන් අපාගත කිරීමට හැකිනම් එය උතුම් පුණ්‍ය කර්මයකි. අනාගතයේ එය රන් අකුරින් ඉතිහාසයේ ලියවේවි. අගමැතිතුමනි, ජනාධිපතිතුමනි ඔබගේ උත්සාහයට අපගේ ආශිර්වාදය පිරිනමමි....