(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ප්‍රදේශයේ නීති සිසුවියක් පරිගනකය සෑදීමට දුරකතන හා පරිගනක සාදන සන්නිවේදන වෙළඳ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයගේ පරිගනකය තුළ තිබු ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරිනවා යැයි කියමින් ලිංගික අල්ලස් ඉල්ලු බව කියන එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු රාජගිරියේ කොස්වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සතුව තිබී පරිගනක දත්ත සැකසුම් ඒකකය හා ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කෙනත් එක්ක හැප්පිලා තියෙන්නේ. අහිංසක ගෑනු දරුවෙකු උනානම් අමාරුවේ වැටෙනවා. අපේ මෝඩ කෙල්ලන්ට මේවා හොද පාඩම්.
මොනවගේ චායාරුපද ගැහැණු ළමයාගේ කොම්පියුටරයේ තිබුනේ?
පිටකවරේ විතරද දීල තියෙන්නේ?
අල්ලගත්ත කෙනාට පොඩි දඩයක් ගහලා එළියට දායි. ලංකාවේ නීතිය එහෙමයි.