(ෂෙහාන් චාමික සිල්වා)
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය නිකුත් කළ නියෝගය අනුව ඔහු අද (19) අධිකරණයට පැමිණියේය.
ඊයේ (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
එය සළකා බැලු මහේස්ත්‍රාත්වරිය නැවත මාර්තු 6 වැනිදා වරෙන්තුව යළි කැඳවීමට නියමිතය.
2014 දෙසැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙයාව ළඟදී දැක්කා ඇවිත් ඉන්නවා.
මේ අහිංසකයාට හැමදාම කරදර...
දැන් ඉන්දියන් කාන්තාවක් ලංකාවේ නීතියට අනුව බැඳලා නේද ඉන්නේ?
බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් ... බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරන් හිටපු කාලේ මාලක කෙනෙක් හිටියනේ... ලංකාවේ ජාතිය ගැන ලැජ්ජයි. අපේ අය කෙලින්නේ අපේම අයටයි.
අපේ රට ආක්‍රමණය කරපු පෘතුගීසීන්ට, ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ට විරුද්ධව නොබියව එදත්, අදත් සටන් කරන මේ පරපුරේ උදවියට හැමදාම කරදර තමයි... මගේ අවවාදය තව දුරටත් නිර්භීතව සටන් කරගෙනම යන්නට කියාය..