විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල අවශ්‍යකරන බහුතර සේවක පිරිසක් රාජකාරියේ නිරත වීම නිසා විදුලිබලය අඛණ්ඩව සැපයීමේ බාධාවක් උද්ගතවී නැතැයි තහවුරු කළ හැකි යැයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
දිවයින පුරා ආරම්භ කර ඇති විදුලිබල සේවක වර්ජනය නිසා විදුලිය ලබාදීමට ගැටළු ඇතිවී තිබේදැයි අද (18) කරන ලද විමසීමකදී ඔහු පැවසීය.
විදුලි බෙදාහැරීමේ තත්ත්වය පිළිබඳ විමසීමේදී ඒ මහතා පැවසුවේ පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව විදුලිබල මණ්ඩලයේ දැනට රාජකාරි ඉටුකරන බහුතරයක් සේවකයන්ගෙන් ඉටුකර ගැනීමේ කිසිදු බාධාවක් එල්ලවී නැතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජිත සේවකයින් සේවය අත හැර ගියා සේ සලකමු. නවක සේවකයින් බඳවා ගනිමු.