(රොමේෂ් මධුෂංඛ)
යාපනය පොතුවිල් මන්සන්ධියේදී මවක හා පුතකු අතර ඇති වූ ආරවුලකදී පුතා එල්ල කළ පිහි පහරකින් එම නිවසේ සිටි ඔහුගේ බාල සහෝදරයාගේ දියණිය(4) මිය ගොස් ඇතැයි කෝපායි පොලිසිය පවසයි.
මේ අතර දැරිය මිය යාමෙන් සිත්තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා වන පිහි පහර එල්ල කළ තැනැත්තා සිය දිවි හානි කරගෙන ඇති අතර දරුණු කැපුම් තුවාල සහිතව ඔහුගේ මවද යාපනය මහරෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
අදාළ මව සහ ඇගේ බාල පුතුගේ දියණිය නිවසේ සිටින අවස්ථාවේදී ඇගේ වැඩිමහල් පුතා (දැරියගේ ලොකු තාත්තා) නිවසට පැමිණ ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ඇති අතර ඔහු පිහියකින් මවට පහරදෙන අවස්ථාවේදී ඊට දැරිය මැදිහත් වී ඇති අතර අදාළ පිහි පහරවලින් පළමුව මවට දරුණු කැපුම් තුවාල සිදුවන අතරම පසුව ගැටුමට මැදිහත් වූ දැරියගේ බෙල්ල ප්‍රදේශශයෙන්ද කැපී ඇත.
කැපුම් තුවාල සහිතව ඇද වැටුණු දැරිය එම අවස්ථාවේදීම යාපනය මහරෝහලට රැගෙන ආවද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇත.
(මියගිය දැරිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලන්න අපි පව් කරලා තියෙනවා. ක්ෂණික තරහට කරන්න පුළුවන් විනාශය !
අනේ දුවේ!! ඔයා උපදින කිසිම අාත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!. ඔයාට නිවන් සුව ලැබේවා.!!!
පවුල් මට්ටමෙන් තියෙන කෝපය, වේදනාව තමයි ඉන් පසුව රටටම බලපාන්නේ.. වැඩිදෙනෙක් ගහ මරා ගන්නේ තම තමන්ට තියෙන ආර්ථික ප්රශ්නත් එක්ක... ඕක තමයි පහුකාලෙක ත්රස්තවාදයට හැරෙන්නේ.. රටේ බලය තියෙන අය මස් කුට්ටිය බෙදාගන්ට ගහ මරා ගන්නවා. පොඩි උන් ගැන කියනු කවරේද?