(විනීතා එම් ගමගේ)
බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) ජවිපෙ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
තමන් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මීට අවුරුද්දයි මාස තුනකට පෙර එනම් 2016 ඔක්තෝබර් 31 දා බැඳුම්කර පරික්ෂණ වාර්තාව යවමින් නඩු පැවරීම පිළිබඳ උපදෙස් පැතූ නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිවක් සිදු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.
ඒ නිසා විශේෂ අධිකරණයක් ඔස්සේ බැඳුම්කර ගනුදෙනුව හා බරපතල දුෂණ වංචා පිළිබඳ කොමිසමෙන් හෙළිවූ වංචා පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි රජයට යෝජනා කරන බව ද හඳුන්නෙත්ති මහතා කීය.
නඩු ඇසීම අවීචි මහනරකාදියට භාර නොදී තමන් සතු බලතල යටතේ සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාරිලමේන්තුව රැස්වී ගතයුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡා කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ අදහසක්. පසුගිය රජයේ දූෂණද ඉක්මණින් අවසන් කිරීමට විශේෂ අධිකරණ මගින් සිදුකල යුතුවේ.
මේ ගැන ජවිපෙ විශේෂ අවධානයකින් පසුවෙන්න. මේ හොරු තක්කඩි බොරුවමයි කරන්නේ... ජවිපෙට ජය වේවා.!!!
එකක්මද පෙනෙන්නේ? ඇයි මහත්තයෝ අර දෙවෙනි කොමිසමේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීමට විශේෂ අධිකරණ එපාද?
දෙමල මිනිස්සුන්ට එතකොට ලංකාවේ අධිකරණය පිළිගන්න පුලුවන්ද?
තමන් විධායක ජනාධිපති බව මතක් කර දීම පිළිබඳව අපගේ ගෞරවය..
හඳුන්නෙත්ති මන්ත්‍රීතුමනි, මේ මහා වංචාව හෙළිකර ගැනීමට ඔබ දැක්වූ දායකත්වය පිළිබඳව සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ උපහාරය ඔබට හිමි විය යුතුයි. වෙනත් පක්ෂයක කෙනෙක් කෝප් කමිටු සභාපති ධුරයේ සිටියා නම් අනිවාර්යයෙන්ම බැඳුම්කර හොරුන්ගේ මුදල්වලට විකිණෙනවා. සියළුම වරදකරුවන්ට දඬුවම් දෙනතුරු ඔබේ අරගලය අත් හරින්න එපා.
ඉතා හොඳ යෝජනාවක්. අපිත් ජනපතිතුමාට කියන්නේ ඉතිරි අවුරුදු දෙකේ පක්ෂ භේදයෙන් තොරව හොරු සේරමට දඩුවම් දෙන්න කියලයි.
අවීචියට කොහොමත් යන අය යනවා. ජනාධිපති නිකම් අපායේ යන්න වෙන්න නෙමේ ඡන්දෙ දුන්නේ. අධිකරණ ක්‍රියා මාර්ග ගන්න. නැත්නම් අපි නියම ක්‍රියා මාර්ග ගන්නවා. අධිකරණ කටයුතු දැන් නම් බොරුවක් වගේ. ඇමතිනිය බෝල පාස් කරනවා පමණකි. ජනපති යටතේ විශේෂ ක්‍රියා ඉක්මනින් ගන්න. ජනතාවගේ ඉවසීමත් පක්ෂයේ මෝඩයන්ගේ වගේ නෙමේ.
දෙවෙනි කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් බල සහිත විශේෂ අධිකරණ පිහිටෙව්වොත් නරකද? මේකේ එක්සත් ජාතික පක්ෂයේ අය... එ්කේ සන්ධානයේ අයලු නේද? දොන් නං දොන් සිමන් නං සිමන් කියල හරියන එකක් නෑ....
අපි කියන්නෙත් පෙර වැරදි සහ දැන් වැරදි විශේෂ අධිකරණයක් මගින් ඉක්මණින් විසඳිය යුතුයි.
බොහොම හොඳ අදහසක්. අපට කණගාටු මහබැංකුව මහා දවල් එළිපිටම හොරා කෑමයි. ඒ මදිවට ලෝකේ ඉන්න මහා වැදගතා කියපු "සුත්තර පුංචා" එතකොට මේ තුන් ලෝකෙටම හිටපු හොඳම හොඳ මුදල් ඇමතියත් හොරකමේ ඉහලින්ම ඉන්නවා. අනේද කියන්නේ මේ අය දැන්නම් නියම උපන් ඇදුමෙන් තමයි ගමන් බිමන් යන්නේ...
බලාගෙනයි ඔය විශේෂ අධිකරණ කියන ඒවා අන්තිමට බල රහිත කරනවලු. එතකොට තීන්දුත් බල රහිත වෙනවලු. එතකොට ඔක්කොම හොරු නිදහස් වෙන්න ඉඩ තියෙනවා.
බලය අයුතුලෙස ප්‍රයෝජනයට අරගෙන හොරාකාපු, සියලුම හොරුන්ට දඬුවම් දීමට විශේෂ අධිකරණයක් අවශ්‍යයි.
මොනදඬුවම දෙන්නත් උසාවියකින් හොරකම සැකයකින් තොරව ඔප්පුකල යුතුයිනේ.