(තිලකරත්න දිසානායක)
ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ විද්‍යාලයේ දී පාසල් සිසුන් සඳහා අද (19) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මැතිවරණ අපේක්ෂයකු ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට මැතිවරණ නිලධාරීහු පියවර ගත්හ.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට අනුබද්ධිත ජාතික මානව සංවර්ධන පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබු අතර මෙම අවස්ථාවට ඡන්ද අපේක්ෂකයකු සහභාගිවී සිටින බවට ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති පැමිණිල්ලක් මත සහකාර මැතිවරණ නිලධාරීවරයෙකු සහ මැතිවරණ පොලිස් ස්ථානාධිපතිවරයා එම විදුහලට පැමිණ අදාල අපේක්ෂකයා ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.
එම නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයින් ලෙස සාධාරණ මැතිවරණයක් උදෙසා මෙසේ ක්‍රියාකිරීම පොදු මහජනතාව ලෙස අපගේ ප්‍රණාමය.. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පුදකළ යුතු අතරම, මෙම අපේක්ෂකයාට ආරාධනා කල හේතුව හා ආරාධනා කල අය පිළිබඳ විමර්ශනය කල යුතුවේ.
මේ ආකාරයට හැසිරෙන්නේ වංචනිකයින්ය. කරුණාකර ඔවුන්ව හඳුනාගෙන ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න...
ඡන්ද දායකයිනි, මෙවන් අයට ඔබ නිසි පිළිතුරු දිය යුතුයි.
ඉතින් ඒ පක්ෂයේ නායකයා තමුන්ගේ මැතිවරණ අපේක්ෂක ගෝල බාලයින්ට මැතිවරණ කාලේ හැසිරෙන හැටි කියාලා දීලා නැතිද?
අනිත් පක්ෂවල අය නීති විරෝධී වැඩ කරනකොට කොමෙන්ට්ස් දාන යු.එන්.පී. කාරයෝ ටික කෝ?
අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න තරම් මොලයක් නැති බව ඡන්ද ප්‍රතිඵල බලනකොට පෙනේවි. ජනතාව දැනුවත් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.