(මනෝප්‍රිය ගුණසේකර)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහරගම නගර සභාව ඇතුළු ප්‍රාදේශිය සභා හා පළාත් පාලන ආයතන 14ක් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් 14 ලබන 24වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(19) තීන්දු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන මහත්වරු නඩුව විභාග කළ අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ නඩුවට තීන්දුවක් දුන්නා. අභියාචනාධිකරණයට පුළුවන්ද ඊට වඩා වෙනස් තීන්දුවක් දෙන්න.
පෙබරවාරි 11ට තමයි තීරණය දෙන්නේ...
ඡන්දය අවසන් වනතුරු නඩුව කල් යයි.
මේවා දැක්කම හිතෙන්නේ කවදා මේවා නිවැරදි වේවිද කියලා? මේ වගේ හදිසි පෙත්සම්වත් කඩිනමින් විභාග කරන්න නීතිමය ප්‍රතිපාදන නැත්ද? එක්කෝ නිෂ්ප්රභා කරන්න ඕනි. නැත්නම් කඩිනමින් විභාග කරන්න ඕනි. තැපැල් ඡන්දය ලබන සතියේ තියලා, අනෙත් ලියකියවිලි ලක්ෂ ගානක් මුද්‍රණය කරලා ඕවා විභාග කරන්නේ මොකටද?