අත්අඩංගුවට නොගන්නයි ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 03 November 2017
පර්පචුවල් ට්‍රෙෂරීස් ලොක්කාගේ නඩුව විභාගයට නොගෙනම විසිකරයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සම විභාගයට නෙගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නිශ්ප්‍රභා කළේය. 02 November 2017
මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණ වුණේ රාජපක්ෂලාගේ වරදින් - විජිත හේරත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂලා ඇති කළ කොට්ඨාශවල වරදින් බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අනාගතයේ දවසක කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 02 November 2017
ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රමාදය කෙරෙහි අවධානය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමාදය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් නියෝජිත පිරිස අද (2) ප්‍රකාශ කළහ. 02 November 2017
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක් පිපිරීමෙන් 26ක් මරුට උතුරු ඉන්දියාවේ උන්චාර් නගරය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 26දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 02 November 2017
නාම යෝජනා කැඳවීම් නොවැම්බර් අග සතියේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම මේ මස 27 වැනි දිනෙන් ආරම්භ වන සතිය තුළදී සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යලාය සඳහන් කරයි. 02 November 2017
අගමැති බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා අද (2) දැනුම් දුන්නේය. 02 November 2017
සෑම ආගමකටම සමතැන දීම නියම බෞද්ධ ඉගැන්වීමයි - අගමැති අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන, ගෞරවය හා අභිමානය දීම නියම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) ප්‍රකාශ කළේය. 02 November 2017
දුරදිග ගිය විහිළුවේ ඝාතනයට තිදෙනෙක් රිමාන්ඩ් විහිළුවක් දුරදිග යාම නිසා ඇති වු ආරවුලකදී පහර කෑමට ලක්ව මියගිය මොරටුව එගොඩඋයන පදිංචි එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අඹු සැමි යුවළ සහ එම යුවළගේ මස්සිනා නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද(2) නියෝග කළේය. 02 November 2017
ඉන්දීය ධීවරයින් 13ක් අත්අඩංගුවට යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවට බටහිර මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ධීවර කටයුතු වල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනකු අද(2) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි. 02 November 2017
ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් දෙමින්, විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අහෝසි කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. 02 November 2017
හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත ප්‍රේමරත්නට සිර දඬුවම් රජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත පේ‍්‍රමරත්න මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා රුපියල් 10,000 ක දඩයක්ද ඔහුට නියම කළේය. 02 November 2017
තලවතුගොඩ වෙඩි තැබීමක් තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ රන්බඩුහලක් කොල්ලකෑමට අද (2) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් රන්බඩු සාප්පුවේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 02 November 2017
‘අලුතින් පටන් ගන්නවා නම් සර්වපාක්ෂික සමුළුවට යනවා’- විමල් ජනාධිපතිවරයා කැඳවීමට බලාපොරොත්තු වන සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහය පළ කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ දැනට පවතින ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ප්රවේශයකින් කටයුතු කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. 02 November 2017
පුංචි ඡන්දයට එජාප - ශ්‍රීලනිප හවුලක් නෑ ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකට එක්ව තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු අවස්ථාවක සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් අමරසේන මහතා අද(02) පැවසීය. 02 November 2017
‘හෙළ උරුමය පිළිගන්නේ ඒකීය අරුතයි‘ - චම්පික ජාතික හෙළ උරුමය පිළිගන්නේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය යන වචනය නොව එහි ඇති අරුතයැයි ජාතික හෙළ උරුමය මහ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 02 November 2017
කම්කරු කොංග්රස් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු තුනකට පොලිස් ඇප ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ති‍්‍රවරු දෙදෙනෙක් හා එම පක්ෂයේ තවත් තිදෙනෙක්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (2) පොලිස් ඇප මත මුදා හැරිණි. 02 November 2017
ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක් එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි. 02 November 2017
ගීතාගේ අසුනට එන පියසේන ගමගේ ශ්රීලනිපය සමග බව කියයි ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇති හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද(2) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. 02 November 2017
ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියා අගමැතිගේ පැසසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ මහත් පැසසුමට ලක්විය. 02 November 2017
හෙරොයින් ගෙනා පකිස්ථාන් යුවළ රැඳවුම් බාරයේ නිතිවිරෝධි ලෙස මෙරරට හෙරොයින් රැගෙන ආ පකිස්ථාන් යුවළ නොවැම්බර් 7 වැනි දා දක්වා රඳවා තබාගෙන පරික්ෂණ සිදු කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියෝග කළේය. 02 November 2017
ගීතාගේ මන්ත්‍රී ධුරය නීතියට පටහැනි බව තීන්දු වෙයි ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තහවුරු කළේය. 02 November 2017
පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීලා දෙගුණයක් නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ද සභිකයන්ගේ සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ද වැඩිවෙයි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පහකින් වැඩිවන්නේ මහ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 4ක් අලූතින් පිහිටුවීම නිසාය. 02 November 2017
ඕස්ට්‍රේලියා අගමැති දිවයිනට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙක්ගෙන් යුත් දුත පිරිසක් අද (2) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 02 November 2017
අකුණුසර වැදී තරුණයකු මරුට අකුණු සැර වැදී සෙල්ලකතරගම ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු අද (1) මියගොස් ඇත. කරවිල පාර,සෙල්ලකතරගම පදිංචි තරුණයකු වැසි සහිත අවස්ථාවක ගෙස්ටුපාන වැව ප්‍රදේශයේ සිටියදී අකුණුසැර වැදී ඇති බවත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ඔහු මියගොස් සිටි බවත් කතරගම රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. 01 November 2017
පුංචි ඡන්දය ජනවාරි අග පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය. 01 November 2017
සයිටම් ගැන රජයේ යෝජනාවලියට උපකුලපතිවරුන්ගේ ප්‍රසාදය සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් යෝජනාවලිය සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 November 2017
සින්නයියාට සේවා දිගුවක් නොදුන් හේතුව දයාසිරි කියයි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ ට්‍රැවිස් සින්නයියා මහතාගේ ධූර කාලය මාස දෙකකට සීමා කරන්නට සිදුවූයේ ඊට පහළින් සිටින තවත් යුද විරුවන්ට නාවික හමුදාපතිවරයෙක් ලෙස විශ්‍රාම යෑමට අවස්ථාව දිය යුතු වූ නිසා යැයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 November 2017
මිහින් ලංකා ගැන සොයන්න ජනපති කමිටුවක් මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 01 November 2017
රංජන් රාමනායකට ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධූරය එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කරනු ලැබ සිටී. 01 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026