(රංජිත් රාජපක්‍ෂ)
දිවයිනේ ජනපි‍්‍රය පොප් ගායක හා දකුණු ඉන්දියාවේ චිත‍්‍රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (22) රාති‍්‍ර ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප‍්‍රාප්ත විය.
බගවන්තලාව සිරිපුර ප‍්‍රදේශයේ උපන් ඒ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ ලංකාවේ ගායන කේෂ්ත‍්‍රයට පිවිසියේය. එවකට ප‍්‍රසංග වේදිකාවේ කන්ද උඩරට බයිලා රජු යනුවෙන් ද මනෝහරන් මහතා හැදින්විය.
‘සුරාගංනි සුරාංගනි සුරාංගනිට මාළු ගෙනාවා’ යන ගීතයෙන් ජනපි‍්‍රයත්වයට පත් මනෝහරන් මහතා එදා මෙදා තුළ සිංහල දමිළ සහ හින්දු භාෂාවෙන් ගීත රැසක් ගායනා කර ඇත.
මනෝහරන් මහතා පසුව දකුණු ඉන්දියාවේ සිවාජි ගනේෂන් කමලාහසන්, රජිනිකාන්තන් ඇතුළු නළු නිලියන් රසක් සමඟ චිත‍්‍රපට ගණනාවකම රංගනයට දායක වී ඇති අතර ඉන්දියාවේ රසිකයන් අතරද මනෝහරන් මහතා ගායකයකු හා නළුවකු වශයෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකි.
ඒ.ඊ මනෝහරන් මහතා අභවප‍්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
අවසන් කටයුතු බදාදා (24) ඉන්දියාවේ චෙන්නායි නගරයේදි සිදුකරන බව පවුලේ ඥාතීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ලැරන්සේගේ කඳ සුරිඳුනි ගීතයේ දෙමල ගීතය ගායනා කරන්නේ මෙතුමා
70 දශකයේ ජෝති සමග සංදර්ශන වේදිකාව රසවත් කල මනොහරන්ට නිවන් සුව අත්වේවා
හොඳ යහපත් හදවතක් ඇති වටිනා ලංකා පුත්‍රයෙක්.
අපි එදා රස විඳපු ගායනා සිහි වෙනවා. මනෝහරන් මහතාට විමුක්තිය පිණිස ආශීර්වාද කරමු.
මම මෙතුමාව හමුවෙලා තියෙනවා. හරිම නිහතමානී පුද්ගලයෙක්. ඔබට දෙවි පිහිටයි!
අපි කොයිතරම් පාරම් බෑවත් ලෝකෙට ගිය එකම සිංහල සින්දුව සුරංගනීට මාළු ගෙනාවා සින්දුව විතරයි, අපේ රටේ නම් ලෝකයට ගෙන ගිය මනෝහරන් මැතිතුමන්ට ඔහු පැතූ ශාන්තිය අත්වේවා!!!
ඉතාමත් දුකයි.. මෙතුමාගේ සින්දු ඉතාමත් ලස්සනයි. සිංහල සින්දු කිහිපයක් ම දෙමල භාෂාවෙන් ගායනා කෙරුවා.. කදසුරිදුනි, යන්නේ රට වටේ, සුරංගනී, බබී ආච්චි ඒ කිහිපයක්. 83 පස්සේ කැනඩාවට ගිය බව තමයි මම නම් දන්නේ.. මොක් සුව පතමි.
මට ඔහු මතකයි..... ඔහුට අපි සැලකුවා මදි.........ඔබට නිවන් සුව ලැබේවා....