බිඟුන් මේනක ගමගේ
පසුගිය රජය සමයේ කළ ඉදිකිරීම් වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ(එම්.එන්.ආර්.සී.ඊ) සමාගමට විවිධ රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු රුපියල් මිලියන 755 ක මුදලක් ගෙවීම් පැහැර හැර ඇතැයි එහි සභාපති රාජිව් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
දේශපාලන හිතවත්කම් මත සේවයට බඳවා ගැනීම් නිසා නුසුදුස්සන්ගෙන් ආයතනය පිරී ඇතැයි ද එම නිසා ඉදිකිරීම් වෙනුවෙන් ලැබෙන ව්‍යාපෘති රැසක්ම බාහිර සමාගම්වලට දීමට සිදුව ඇතැයි ද සභාපතිවරයා අවධාරණය කළේය.
ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම් පැහැර හැර තිබූ වැට් බදු රුපියල් මිලියන 300 ක මුදලක් ගෙවීමට තමා පසුගියදා කටයුතු කළේ යැයි ද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනකින් පසු තවත් ඡන්ද ප්‍රතිපලයක්!
දැන් බලාගෙන යනකොට අරය ඔක්කොම කරලා තියෙන්නේ ණයටයි, පොලුවලටයි නේ. ඒ වුනාට කියන්නේ දැන් රටේ බෝක්කුවක්වත් හැදෙන්නේ නැහැ කියලා.
ඒ කාලයේ සුදුසුකම් නැති දේශපාලන හෙංචයියන්ගෙන් මේ වගේ ආයතන පිරෙව්වා. ඊට පස්සේ සියලු කොන්ත්‍රාත් පිට සමාගම්වලට පැටෙව්වා වැඩි මිලට. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටත් කළේ ඕකම තමයි.