තරිඳු ජයවර්ධන
කතරගම සිද්ධිය ගැටුමක් දක්වා වර්ධනය නොවී පාලනය කර ගැනීමට නොහැකිවීම ගැන නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දෝෂාරෝපණය කර තිබේ.
මෙවැනි සිද්ධි දුරදිග නොගොස් පාලනය කර ගැනීම ගැන කෙතරම් උපදෙස් දුන්නද ඒවා ක්රිවාත්මක නොකිරීමෙන් මෙවැනි ගැටුම්කාරී තත්වයන් ඇත්වන බව ද ඇමැතිවරයා කියා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කර වහාම අවශ්‍ය පියවර ගන්නැයි ඇමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට නියෝග කළේය.
කතරගමදී පොලිසිය විසින් යතුරුපැදිකරුවකුට වෙඩි තැබීමෙන් පසු ස්ථානාධිපතිගේ නියෝග අනුව යතුරුපැදිය අපරාධ ස්ථානයෙන් ඉවත් කර යළිත් ගෙනැවිත් තැබූ බවට ද චෝදනාවක් එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කරන බව පොලිසිය කියයි.
වෙඩි තැබීමේ සිද්ධියට විරෝධතා පළ කළැයි කියන සියයකට ආසන්න පිරිසක් පොල්සිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය පාරේ ගිය පිරිස්ද අත්අඩංගුවට ගත් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිට දොස් කියල වැඩක් තියේද? නිවැරදි පරීක්ෂණයක් කරලා දීලා තියෙන උපදෙස් පිළිපැදලා නැත්නම් පොලිස්පතිව හරි ඉවත් කරන්න.
ඇයි මේ ඇමතීම නේද කීවේ දැන් පොලිසිය හොදයි. යහපාලනය ආව නිසා පොලිසිය හොද වුනා කියලා. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ.
මේ සිද්ධින් පසුපස දේශපාලන හස්තයන් ප්‍රබල ලෙස කටයුතු කරයි. මෙවන් සිදුවීම් වලදී පොලිස්පතිට ඇගිල්ල දිගු කිරීම සාධාරණ නොවේ ..
දේශපාලුවෝ කරන වැරදි වලට පොලිස්පති මොනවා කරන්නද ?
භාවනා ක්‍රමය වෙනස් කිරීමෙන් මෙම දුර්වලතා මගහැර ගත හැකි යයි මා සිතනවා.
පොලිස්පති කියන්නේ ආයතනයේ ප්‍රධානියා පමණි. ඒකයි බලය විමධ්‍යගත කරලා තියෙන්න එකට තමයි. එම්ඔ , ක්‍රයිම් ,බුද්ධි , අංශ ප්‍රධානින් , ස්ථානාධිපති ,සහකාර පොලිස් අධිකාරි ,පොලිස් අධිකාරි , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්නේ. මේ සියලු දෙනා පොලිස්පතිට වග කියන්න ඕනා. පොලිස්පතිගේ රාජකාරිය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ වාර්තාව ආරක්ෂක ලේඛම්තුමාට යෙමුකොට උපදෙස් ලබාගෙන අදාළ නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමයි...!!! .
දොස්නම් කාට කියන්න බැරිද? ඇඹිලිපිටියේ තරුණයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටිලා/තල්ලු කරලා මැරුණ සිදුවීමට මොකද උනේ අන්තිමට? ඒ වගේ තමයි මේවත්. දේශපාලන හෝ වෙන වාසියක් ගන්න පුළුවන් වෙනකන් මිනියත් විකුණගෙන කාවි. ඊට පස්සේ බැලුවම මැරුන මිනිහටවත් ගෙවල්වල දුක් විඳින ලමයින්ටවත් වෙච්ච සධාරණයක් නෑ. පොලිසියේ කියල මග හරින්නේ නැතිව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ඕනි.
පොලිස්පති කියන නිලය මුළු ලංකාවේම පොලිසි පාලනය කරන නිලයයි. පොලිසියක සිදුවූ සිදුවීමකදී පොලිස්පතිට දොස් කියන එක හරිද?
පොලිසියේ රාළහාමි කෙනෙක් කල හදියට පොලිස්පති පලිද? මේක කැකිල්ලේ තීන්දුවක් වගේ...
මේ ඇමතිතුමාට පොලිස්පති එක්ක මොකක් හරි දෙයක් තියෙනවා වගේ පේන්නේ..
මේ පොලිස්පති පත්වුණේ ශ්‍රී ලංකාවේ පළමුවෙනි වතාවට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවකින් සියලු පක්ෂ නියෝජනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ ඡන්දයෙන් බව හා 19 වන ව්‍යවස්ථාව යටතේ බවද මම මතක් කරනවා.
වර්තමාන පොලිස්පති, නිහතමානී, නීතිගරුක, අවංක, එඩිතර, බුද්ධිමත්, උගත්, බෞද්ධ, සිංහල, පළපුරුදු, වැදගත්, රජයේ අවංක සේවකයෙක් බව අමතක නොකරන්න.
මේ පොලිස්පතිට බලාගෙන යනකොට විරුද්ධ පක්ෂයේ අයත් ගහනවා... ආණ්ඩු පක්ෂයෙනුත් ගහනවා මහජනතාව අැසිපිය නොහෙලා බලා සිටිනවා. කට්ටිය එන්නකෝ ඡන්දෙට ...
දේශපාලකයන්ට පොලිස්පති කඩේ නොගියාම මෙහෙම තමයි.
දේශපාලකයන්ට අවංක නිලධාරින් ඇලජික්... වෙලයි තියෙන්නේ...
ජනතාව අවදියෙන්... මේවාට පිළිතුරු කතිරෙන්...
මේ සිද්ධිය රටම දන්නවා.. මේවා අහනකොට හිනායනවා.
පොලිස්පතිට අත නොතබනු ශ්‍රී ලාංකීය ජනතාවනි ...!!!
පොලිස්පති තුමාට ජයවේවා !!!
පොලිස්පතිතුමනි, ඔබතුමා නීතියට අනුව කටයුතු කරන්න. මහජනයා ඔබ සමගයි ..
පොලිස්පතිතුමාට තුනුරුවන් සරණයි !!!
පොලිස්පතිතුමාට බුදු සරණයි