( තිළිණි ද සිල්වා
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ.
කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව අමාත්‍යවරිය වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අද (22) දිනයේ එම වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙනසක් කරල මුස්ලිම් කාන්තාවන්ට සහනයක් දුන්නොත් ඔබතුමියට ගොඩක් පින්. දැන් ලංකාවේ මුස්ලිම් කාන්තාව දරුවො හදන යන්ත්‍ර වෙලා.
මුස්ලිම් කියල මොකටද වෙනත් නීතියක්. එයාලට කියල වෙනම නීති බෑ. ලංකාවේ ඔක්කොටම එකම නීතිය වෙන්න ඕනේ.
විවිධ ගෝත්‍රික නීති වෙනුවට මුළු රටටම බලපන එකම නීතියක් තිබිය යුතුයි. සියලු ආගමක්ම රටේ නීතියට යටත් විය යුතුයි.
ඉන්දික, ඔයා හරි, අර කාන්තාවන්ට මත්පැන් තහනම ගැන ඔබ මොකද කියන්නේ?
ශ්‍රී ලාංකිකයන්ට තියෙන්න ඕනි එක නීතියක්, ජාතියකට පමණක් බලපාන නීති කිසිම විදිහකට තියෙන්න හොද නෑ, ඒක තමා ජාතිවාදය කියන්නේ. සංහිදියාව කියන්නේ විවිධ ජනවර්ග එකම නීතිපද්ධ්තියකින් ආරක්ෂා කරන එකට කියල මම හිතන්නේ.
පොදු නීතියක් ඕනේ තම ආගමේ නීතියක් නැති අයට, සර්ව සම්පූර්ණ ජීවන රටාවක් කියල දීල තියන ආගමක අයට නොවේ.
හැමෝටම එකම නීතියක් ඕනේ. අපි එකම රටකනේ ජීවත් වෙන්නේ. මුස්ලිම් අය මේ නීති වලට යටත් වෙන්න ඕනි
ලංකාවේ ජීවත්වෙනවානම් සියලුම දෙනාට එකම නීතියක් තියෙන්න ඕන. එතකොට තමයි සංහිදියාව කියන මන්තරේ හරියට මතුරන්න පුළුවන්. වෙනම නීති හදන්න ගියහම තමයි රට බෙදෙන්නේ.