( තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ )
පළාත් පාලන මැතිවරණයේදී පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ, වැලිගම, යන පළාත් පාලන ආයතනයන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 ක් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම පෙත්සම් ඉවත දමන ලදී.
විනසුරු කේ.ටී චිත්රසිරි , බුවනෙක අළුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව පිපෙන්න ඉස්සෙල්ලම පරවෙනවා. මේක පොහොට්ටුව ඉල්ලන පලවෙනි වගේම අන්තිම ඡන්දේ.
මේ සියළුම සභාවලින් ජවිපෙ ඉදිරියට එනවා. මහියංගනය, වැලිගම ජය ගැනීමේ හැකියාව ජවිපෙ ට තිබෙනවා.
දෙවෙනි ඡන්ද ප්‍රතිඵලයත් කලින්ම නිකුත් වුණානා එහෙනම්. අලුත්ම මැතිවරණ සමීක්ෂණයන්ට අනුව දැනට තරඟය ඇත්තේ එජාපය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතරේ වන බවත් තුන්වන ස්ථානයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්‍රකාශයට පත්වුනවිට කාටදෝ තරහ ගියා කියන්නේ ඇත්තද?
අගලවත්ත තමා පොඩ්ඩක් අමාරු. අනිකුත් සියළුම සභා ජවිපෙ ජය ගන්නවා.
පෙබරවාරි 10 පොහොට්ටුවට වෙන්නෙත් මේක තමා......
පොහොට්ටුව පිපෙන්න කලින්ම පරවෙලා, කුණු වෙලා ගිහිල්ල වගෙයි ! ඡන්දෙ දවසට මොනා වේවිද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි.....