( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මිග් යානා ගනුදෙනු ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 31 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
විනිසුරු මඩුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , සිසිර ද ආබෘ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නෑ මැතිඳුනි, මේ ආණ්ඩුව තියෙනතුරු ඔබට කිසිම කරදරයක් වෙන්නේ නෑ.
මෙයාලාම පත්කළ බලධාරීන් ඉන්නාකම් මේවා ඇදෙන එකතමයි වෙන්නේ විසඳුමක් නෑ වෙන්නේ.
කවදාවත් අහන නඩුවක් නොවෙයි මේක.
බයවෙන්න දෙයක් නෑ මැතිඳුනි, මේ ආණ්ඩුව තියෙනතුරු ඔබට කිසිම කරදරයක් වෙන්නේ නෑ. බැරි වෙලාවත් වෙන ආණ්ඩුවක් ආවොත් එහෙම පහුවදාම ආපහු අමෙරිකාවට යන්න. උන්නම් විශ්වාස කරන්න බෑ.
මේක නම් කවදාවත් ඇහෙන නඩුවක්වත්, අහල තීන්දුවක් ලැබෙන නඩුවක්වත්, චුදිතයන් සිපිරිගෙට යවන නඩුවක්වත් නොවන බව ඉරහඳසේ පැහැදිලිය. "අරයා" දැන් අත්ලාන්තික් සාගරයෙන් එහා ගිහින් සුවසේ සැපසේ රාජකීය දිවියක් ගතකරන බව පුවත්පත් මගින් දැනගත්තා ! ආපහු මව්බිමට පය තබාවිද ?
රටට ආදරය කරන සිංහලකමට ආදරය කරන සිංහල මිනිස්සු ඔබට විරුද්ධව වචනයක් කතා කොරන්නේ නැත.
කවදාකවත් ඇසිය යුතු නඩුවකුත් නොවෙයි මේක. සිංහල අපි එතරම්ම ඔබට ණයගැතී. ඔබ තුන්දෙනා, මහින්ද, සරත්, ගොටාභය එකතු නොවන්න ප්‍රබාකරන් යන්නේ නැත.
සංහිදියාව ඉහින්කටින් උතුරා යනවාද?