සිරංගිකා ලොකුකරවිට
දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මෙම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ ධිවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd