ඩයනා උදයංගනී
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු වරදක් කර ඇත්නම් පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පසුගිය රජය සමයේ රතුපස්වල ඇතිවූ සිද්ධිය සම්බන්ධ නිසි පියවරක් නොගැනීම නිසා ශ්‍රී.ල.නි.ප ඡන්ද පදනමක් ඇති ගම්පහ දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 4000කින් පැරදුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීමේදී හොඳම පුද්ගලයින් පත්කිරීම පක්ෂයේ අපේක්ෂාව බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කර ඇත්තේ ද ‘පිරිසිදු පාලනයක් උදෙසා‘ යන තේමාව යටතේ බව කියා සිටියේය.
නූගත් හා සුදුසුකම් නොමැති අය තනතුරුවලට පත්වීම නිසා ගැටලූ ඇතිවන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී තනතුරක් දෙන විට ඔවුන්ගේ සාමාන්‍ය දැනීම හෝ පරීඬා කළ බැලිය යුතු බවද කීවේය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන තමන් ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව කී අමාත්‍යවරයා ළමුන් පාසලට ඇතුළත් කිරීමේදී කිසිවෙකුට අසාධාරණයක් වී ඇත්නම් නිලධාරීන් හරහා පරීක්ෂණයක් කළ හැකි අතර රාජකාරී කටයුතු සඳහා කාර්යාලයක් ඇති බැවින් කිසිවෙකු නිල නිවසට කැඳවිය යුතු නැතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල දැන්වත් මෙහෙම කියන එක ගැන සතුටක් තියනවා. කමක් නැහැ දේශපාලනේ හැටි ඔහොම තමා..
මේක උෘව පළාතේ වෙච්ච සිදුවීමක් නේද?
ඕක මොකක්ද සර්, ඕනනම් දැනට ඉවත් කරලා ඡන්දෙ ඉවර වුනාම ආයෙත් පත් කරන්න පුළුවන්නේ. අර කලින් ගුරුවරිය දනගස්වලා වැරදිකාර වෙච්ච කෙනාටත් අපේක්ෂකත්වය ලැබුනා කියන්නේ.
මොකටද දැනුම බලන්නේ අධ්‍යාපන සුදුසුකම් බැලුවානම් හරිනේ...
විදුහල්පතිතුමිය පරීක්ෂණය සදහා නිවසට කැදවීම වරදක් බව නීතියට පටහැනි බව උගත් පෙරකදෝරු මහත්මයෙකු වන ඔබතුමා පිලිගන්නා බව ඔබේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. ගුරුවරියක හෝ විදුහල්පතිවරියකට හෝ ඕනෙම රජයේ සේවකයෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් තබනවා නම් තැබිය යුත්තේ අදාල කාර්යාලයේ රාජකාරි වෙලාව තුල පමණක් බවත්, මහා ඇමතිගේ නිවසේ නොවන බවත් හොඳටම පැහැදිලි වෙනවා
ජනාධිපතිතුමා පත්තරෙන්වත් මේ පුවත දකීවා.
මේ මනුස්සයා කියන විදිහට පරීක්ෂණය ඉක්මනින් තියන්නේ ඡන්දේ ලග නිසා. නැතුව සාධාරණය ඉටු කරන්න නොවේ. අනේ ජනතාවනි අපි ළග තවමත් ඉන්නේ බලයට කෑදර මේ වාගේ අය තමයි.
මොන පක්ෂයකින් හරි ඉල්ලලා ඡන්දෙ පැරදුනානම් දියවන්නාව පැත්තෙ කැරකිලා හිතවතෙක් හමුවුනානම් යම් තත්වයක් තියෙන ආයතනයට රිංගාගන්න පුලුවනි.
මේවා බොරු ශෝබන කතා...