තරිඳු ජයවර්ධන
අධ්‍යාපනය පිළිබඳව ඇති ඉල්ලීම් සහ රටේ අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට අධ්‍යාපනය පිළිබඳ මහජන කොමිසමක් ස්ථාපිත කිරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් ඉල්ලා සිටිති.
සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ තරයේ ප්‍රතික්ෂේප කරන මෙම ආචාර්යවරුන් ඉල්ලා සිටිනේ පාසල් සහ උසස් අධ්‍යාපනය පෞද්ගලිකරණය සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග නවත්වන ලෙසයි.
විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 74 දෙනකුගේ අත්සනින් විවෘත සංදේශයක් ඉදිරිපත් කරමින් ඔවුහු මෙම ඉල්ලීම් කරති.
සයිටම් යළි ප්‍රතිෂ්ඨාපනය කරමින් අලුතින් සිසුන් බඳවා ගැනීමට ආයතනයක් පිහිටුවීමේ සැලැස්ම අත්හරින ලෙස ද මෙම විශ්ව විද්‍යාල ආචාර්යවරු රජයට බල කර සිටිති. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට අධ්‍යාපනය පෞද්ගලිකරණය අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙස විවෘතව ප්‍රකාශ කරන පළමු ආණ්ඩුව මෙය බව ද ඔවුහු සඳහන කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලොකු කතා කියන ලංකාවේපණ්ඩිත මහාචාර්යවරු මේ වනතෙක් දන්නෙම නැද්ද අපේ රටේ දැනටමත් අධ්‍යාපනය මුදලට විකිනෙන බව? ජාත්‍යන්තර පාසල්, ටියුෂන් කඩ මේවා වල පිනට උගන්වනවා කියලද මේ අය හිතාගෙන ඉන්නේ? අනික පෞද්ගලික විශ්ව විද්‍යාල කියක් මේ රටේ තියනවද? ඒවා වල මුදලට උගන්වන්නේ කවුද? වර්තමානයේ ශ්‍රී ලංකාව තුල හරි හැටි විශ්ලේෂණයක් කලොත් දැනගන්න පුළුවන් වෙයි.
නවක වදයදී සිසුන් නොමරා මරණ එක මේ ආචාර්යවරුන්ට පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, ආරංචි වෙන්නෙත් නැහැ. ඒ අමානුෂික දේවල් නතර කරන්න කිසිම උවමනාවක් නැහැ. නවක සිසුන්ව පාන්දර හතරට කැඳවනවා. මේ ඇත්තෝ දන්නේ නැහැ. වසර දෙකක් පමණ යනතුරු නවක සිසුන් ලවා කැටවලට මුදල් එකතුකරවනවා. මේවට විරුද්ද වී විශ්ව විද්‍යාලයේ රැඳී සිටින්න බැහැ. නවක වදය දරාගන්න බැරි සිසුන් විශ්වවිද්‍යාලය හැර යනවා. 15%ක් පමණ .මේ පුරප්පාඩු පුරවනවද? අන්තරයට වඩා බලයක් තිබෙන ඇත්තෝ සරසවිවල නැද්ද?
නාවල විවෘත විශ්ව විද්‍යාලෙ පවා මුදල් අයකරනවා.
ඉට වඩා කල්පනා කරලා බලන්න ඔය පාසල් ලමුන්න්ගේ පුද්ගලික ටියුෂන්. පුද්ගලික ටියුෂන් අවශ්‍යද අපේ රටට?
ලංකාවේ පාසැල් සහ විශ්වවිද්‍යාල වගේම ඒවායේ උගන්වන ගුරුවරු සහ ආචාර්යවරුන්ද ඔව්න්ගේ ඔළුගෙඩිද වර්තමාන සමාජයට අනුව නවීකරණය විය යුතුයි. නැතුව ඒ අය ඉගෙනගත්ත දේ අපේ ළමයින්ට උගන්වලා තමයි අපේ ළමයි යල් පැනගිය ශ්රමබලකායක් වෙලා විරැකියාවෙන් පෙලෙන්නේ
එතකොට පුද්ගලික සරසවිවල උගන්වන විශ්වවිද්‍යාල ආචාර්යවරු ගැන මොකද කියන්නේ?
ලංකාවේ ආචාර්ය මහාචාර්යවරු තුන් දහසකට ආසන්න පිරිසක් ඉන්නවා...
අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව සලකා බැලීමට කලින් තමන්ගේ විශ්ව විද්‍යාල ටික පිළිගත් තත්වයකට ගෙනෙන්න. අපේ විශ්ව විද්‍යාල ලෝක මට්ටමෙන් දෙදහස් එකසිය ගණන්වල ආසියාවේ ගත්තත් අපිට වඩා හොඳ ඒවා හයසිය අසු හයක් තියනවා. සමහර ලෝක පිළිගත් දර්ශක වල (usnews සහ timeshighereducation ) ලංකාවේ විශ්ව විද්‍යාල හොයාගන්නත් නැහැ.