තරිඳු ජයවර්ධන
බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
බැඳුම්කර වාර්තාව වෙළුම් තුනකින් සමන්විත බවත්, එයින් වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ සලකුණු කළ ලේඛන‘ සහ සාක්ෂි සටහන් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යොමු කළ එම ලිපියේ දැක්වේ.
බැඳුම්කර වංචාව හා ඊට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික දත්ත පාදක කරගෙන නිගමනයන්ට එළඹීම සඳහා ඒවා අත්‍යවශ්‍ය බව ද, එනිසා එම තොරතුරු ඇතුළත් කොටස පාර්ලිමේන්තු මන්ත්‍රීට ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් කොටස පමණක් නොවෙයි මුළු කොමිසම් වාර්තාවම හෙට අනිද්දා වන විට කැපිලා යනවා බලාගෙන ඉන්නකෝ. නඩුත් ඒ අයගේ අතේ. බඩුත් ඒ අයගේ අතේ . අපි ඉතින් උඩ බලාගෙන ඉඳිමු මොනා කරන්නද?
අනේ මන්ද . මේ යන විදියට අපේ ජීවිත කාලය තුල දී නම් බැඳුම් කර හොරු හිරේ යනව දැක ගන්න නම් ලැබෙන එකක් නෑ.
.කරු ජයසූරිය තම ආත්මය තමන් විසින්ම විනාශ කර ගෙන ඇති බව පෙනේ
නොදකින් යහපාලනේ...
කොහොමහරි වංචාව යටගහන්න තමයි සුදානම.
බැඳුම්කරයේ පසු හැසිරීමම සාක්ෂියක්.. කව්ද කළේ කියලා මේක නීතියේ මූලධර්මයක්... අපරාධයකට පෙර සූදානම සහ පසු හැසිරීම පිළිබිඹු වන අවම අවස්ථාවක්...