තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වල ප්‍රගතිය විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සඳුදා (15) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රැස්වන බව මානව හිමකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම කමිටුව 16 වැනිදාත් පැවැත්වෙන මෙම සාකච්ඡා වටයේදී ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එක්සත් ජාතීන් ගේ කමිටුව කරුණු සාකච්ඡා කරනු ඇත. මෙම විමර්ශනයේදී ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිත පිරිසක්ද ඊට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව පැනමා , සීෂෙල්ස් , ස්පාඤ්ඤය සොලමන් දුපත් , පලාවූ සහ මාර්ෂල් දුපත් යන රාජ්‍යයන් පිළිබඳවද මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ළමා හිංසනය ගැන නම් කියලා වැඩක් නැහැ. අපේ කලාපයේ අනික් රටවලට හැදිලා තියෙන ලෙඩේ අපේ රටටත් බෝ වෙලා.