පොල්ගහවෙල ගුවන් පාලම මේමස 17 දා ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
මේ මස තුළ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මගින් ජනතා අයිතියට පත්කරන තුන්වැනි ගුවන් පාලම පොල්ගහවෙල ගුවන් පාලමයි.
දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 04 ක වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසදුමක් ලෙස පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකළ බව මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කලේය.
රජගිරිය ගුවන් පාලම සහ ගනේමුල්ල ගුවන් පාලම මෙම සතිය ඇතුළත රජය විසින් ජනතා අයිතියට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ප්‍රණාමය යහපාලන රජයටයි...
මේක මේ රජයක් විසින් මහජන බදු මුදලින් ජනතාව වෙනුවෙන් කල යුතු වැඩක් මිස ජනතාව මේ වෙලාවේ මේක රජයට පක්ෂව ඡන්දෙ දෙන්න හේතුවක් කර ගන්න නම් එපා ඔන්න.
වැඩ අවසන් නොකළ ගුවන් පාලම මෙතරම් හදිසියේ විවෘත්ත කරන්නේ අැයි? ඡන්දයට ජනතාව ගොනාට අන්දවන්නද?
පොල්ගහවෙල කාර්යබහුල දුම්රිය ස්ථානයක් නිසා මෙම ඉදිකිරීම යහපාලන රජය විසින් ගන්නා ලද ඉතාමත් කාලෝචිත තීරණයකි. මීට අමතරව මෙම ප්‍රදේශයේ අලංකාරත්වය මෙමගින් වැඩි දියුණු කෙරේ. මාර්ග තදබදයට මෙය කදිම විසඳුමකි. යහපාලන රජයට මෙවන් වැදගත් කාලෝචිත දේ කිරීමට ශක්තිය සහ දිරිය ලැබේවා කියා ප්‍රාර්ථනය කරමි.
විවෘත්ත කරන්න ඉස්සර වෙලා හරි තැනද හැදුවේ කියලා අර මාධ්‍ය ජාලයෙන් අහලා බැලුවේ නැද්ද? නැත්තන් ඕක ගැනත් තව කතාවක් හදලා පෙන්නයි.
ලංකාවේ මේ වාහන තදබදයට එක හේතුවක් තමයි... ප්‍රමාණවත් තරමින් ගුවන් පාලම් නොමැති වීම...
ගිය ආණ්ඩුව සැලසුම් කළ ඒවා මිස මේ ආණ්ඩුවට මේ අවුරුදු 3 ටම අලුත් වැඩක් පටන් ගන්න බැරි වෙච්ච හැටි. අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන එකමයි කරන්නේ. ලජ්ජා නැද්ද මන්දා. ජනතාව නම් රැවටෙන්නේ නැහැ.
ඕකත් හැදුවේ අහවලාද?
අනේ කොළඹ-නුවර පාරේ නානුඔයට පාලමක් දාන්නකෝ...
මහින්ද මහත්තයා හීනෙන් දැක්කා මේ පාලම හදන්න. එතකොට නාමල් හිටියේ නැහැ. මේකේ සම්පූර්ණ ගෞරවය හීනේ දැක්ක කෙනාටයි. ජනාදිපතිතුමනි ඔය කඩුව දුන්නේ කොස් කොටන්න නෙමේ. බැඳුම්කරය වගේම දුෂිතයෝ එලවන්න ඕනා. මෙදා දිනුවත්, නැතත් ඔබ දිනුම්...
කුමාර අංගොඩ ගියේ කවද්ද.?
බලන්න එක ටවුන් එකට පිවිසුම් ඉඩ මදි. කවුරු කළත් හරියට කළ යුතුයි. කොමිස් නොගහ.. දැන් ටවුන් එකේ ට්‍රැෆික් එක වැඩිවෙනවා.
දිවංගත බණ්ඩාරනායක මහත්වරුන්ට පොහොට්ටුව හරහා ගරහනවා. සාපය ලැබෙනවාමයි. අනේ මෙහෙම ආසාවක්.!!!
ගුවන් පාලම් සංස්කෘතිය අධිවේගී පාරවල් හා පාරවල් කපට කිරීම පාරවල් පුළුල් කිරීමට ගිය ආණ්ඩුව සමයේ පටන්ගත් දෙයක්. නමුත් මහින්ද මහත්තයට පෝට් සිටිය හැර විදේශ අයෝජන ගේන්න බැරි වුණා. එ්ත් මේ ආණ්ඩුව ඇවිත් වසර තුනක් ගතවූ නමුත් පෙර පරිදි පාලම් විවෘත්ත කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් මදි. ඔවුන්ට බැරි වුණු දේ මොවුන්ටත් බැරි වෙලා තියෙන හැඩයි.
කලින් ආණ්ඩුව සමයේ පටන් ගත් දෙයක්. මේ ආණ්ඩුව උප්පැන්න දෙනවා. මේ ආණ්ඩුවට කිසිම මහා පරිමාණ ඉදිකිරීමක් කරන්න බැරිවෙලා තියෙනවා.
අනේ හොදයි
ඡන්දෙ ලං වෙන කොට පාලම් අරිනවා. පාලම් ටික ඉවර වුනහම බෝක්කු, වැසිකිලි එහෙමත් තියෙයිද අරින්න?
මේක කලින් ආණ්ඩු කීපයක් කතා කරපු දෙයක්. වැඩේ සිද්ධ වුනේ නැතුවට. පොල්ගහවෙලට ගොඩක් වැඩ කරේ ඒම්.ඩී. බණ්ඩා ඇමතිතුමා. එහෙම වැඩ කරපු නිසා ඔහු පැරදුණා. ඒගොල්ලන් පක්ෂ භේද නැතුව වැඩ කරපු අය. ඒ කියන්නනේ වැඩ කරන අය පරදිනවා, බේගල් කියන අය දිනනවා. ඕක තමයි නවීන තියරි එක.
උත්සවශ්‍රීයෙන් සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන එක ඌන සංවර්ධනයේ ලක්ෂණයක්... මහජන මුදල් විශාල වශයෙන් ඒ සඳහා වියදම් කිරීම ඛේදවාචකයක්. රට සංවර්ධනය කිරීම රටේ දේශපාලකයින්ගේ හා රටවැසියාගේ යුතුකමයි. රට සංවර්ධනය වූ දවසක උත්සව නැතිවුණත් මහජනතාව සතුටින් ඉඳීවි...