(සමන් කාරිවසම් )
වසර 6ක කාලයක් තිස්සේ මියගිය මවගේ විශ‍්‍රාම වැටුපෙන් රුපියල් 6,8028.71ක් වංචනික ලෙස ලබා ගැනීමට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි දියණියක් රුපියල් ලක්ෂ සියය බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස පානදුර මහේස්ත‍්‍රාත් චන්දන ලියනගේ මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරුනේ පානදුර වලාන ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
විත්තිකාරියගේ විශ‍්‍රාමික පියා 2000 වර්ෂයේ දී මියගොස් ඇති අතර විත්තිකාරියගේ පියාගේ ඇවෑමෙන් මවට විශ‍්‍රාම වැටුප හිමි වී ඇත.
2006 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මවද මියගොස් ඇති අතර මවගේ මරණය පිළිබඳ විත්තිකාරිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරියාට හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා නොකොට 2007 ජනවාරි 1දා සිට 2013 ඔක්තොම්බර් මස 31 වැනිදා දක්වා මවගේ ඒ ටී එම් කාඞ්පත භාවිතා කරමින් ප්‍රදේශයේ රාජ්‍යය බැංකුවකින් වංචනික ලෙස මුදල් ලබා ගෙන ඇතැයි විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරකම මහ බැංකු හොරකමට වඩා ලොකු එකක්ද?
මෙයට ග්‍රාමනිලධාරී වගකියන්න ඕන සැම වර්ෂයකම ජනවාරි මාසයේ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජීවිත සහතිකයක් ලබාගන්නවා එය දෙන්නේ ග්‍රාමනිලධාරී එසේම ඔවුන්ට වසමේ අවිදිනවට වෙනම ගමන් වියදම් ගෙවනවා හරිනම් මෙය ග්‍රාමනිලධාරීගේ වගකීම පැහැර හැරීමක්
ඔය තියෙන්නේ ලොකු හොරකමක් කාලෙකින් අල්ලාගෙන. මේ දියණියට වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවම මේ දේ කලාද දන්නෑ. සමහරවිට දරුවා ඔත්පල කෙනෙක් වෙන්නත් පුලුවන්. ග්රාමසේවකලා මේවා නොදැන ඉන්න විදියක් නෑ.