සිරංගිකා ලොකුකරවිට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් කිලෝ මීටර 12-13 අතර දී අද (15) අලුයම මාර්ගය මැද ඇති ආරක්ෂිත වැට කඩාගෙන ගොස් නතර වී ඇතැයි අධිවේගී මාර්ග පොලිිසිය පවසයි.
ගාල්ල දෙසට ධාවනය මෙම රථයේ මුහුණත කොටස වැට කඩාගෙන ගොස් ගාල්ල සිට කොට්ටාව දෙසට ධාවනය වන අනෙක් පස මං තීරුවට පැමිණ තිබිණි. මේ හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයේ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට හා කොළඹ දෙසට ධාවනය වන මං තීරුව බැගින් වසා දැමීමට පොලිසියට සිදුව තිබිණි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ කන්ටේනර් රියදුරන්ට හෙමින් යන්නම බැහැ. මේ වගේ අනතුරු මම කීයක් දැකල තියනවද? අනික තමයි මෙයාල දවල් රෑ කියල නැහැ දුවනවා වැඩිපුර ගණනක් ගන්න. ඉතින් නින්ද යනවා ප්‍රතිපලය මේක තමයි. සමහර රටවල මම දැකල තියනවා කිලෝ මීටර 2000 -3000 යනවා මේ වගේ අනතුරු මම නම් දැකලවත් අහලවත් නැතිතරම්. මේ රටේ මොකටද නීතියක් තියෙන්නේ නැත්නම් "කාර්ය බහුල " වෙලාවල් වල දීත් මෙයාල පාරවල් වහගෙන යාවිද ?