(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ බාලිකා පාසලක විදුහල්පතිනියට තර්ජනය කළ ඌව පළාත් පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනපතිගෙන් ඉල්ලමින් අද(15) බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ඌව පුරවැසි එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට එක්විය.
මේ අතර ඌව ප්‍රධාන අමාත්‍යවරයාට බොරු චෝදනා එල්ල කරමින් අපහාස නොකරන ලෙස ඉල්ලා බදුල්ල නගරය අවට පිරිසක් ද අද ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි යහපාලනයෙන් ලැබුණු ප්‍රජාතන්තවාදේ
යහපාලන නිදහස අනිසි ලෙස පාවිචි කරනවා.
දැන් අලුත් නායකයෙක් අලියට ඕනා. දැන්වත් රවිව පක්ෂයෙන් අයින් කර පෙන්වීම රනිල්ට වගකීමක්. එජාපය කියන්නේ වාසනාවන්ත නායකයින් හිටි පක්ෂයක්. අපිට සජිත්ව දෙන්ඩ.
සුදුසු නුසුදුසු කෙනා තේරුම් ගන්න බැරි යහ පාලනේ.
මේක සාමාන්‍ය දෙයක් හැම අපරාධ කරුවෙක්, දූෂකයෙක්, මිනිමරුවෙකුට එරෙහිව ඔහුව ගස් යැවීමට සාධාරණය යුක්තිධර්මය අගයන පිරරිසක් සිටින්නා සේම. ඔවුන්ව අාරක්ෂා කිරීමට ඔවුන්ගෙන් යැපෙන උන්ගේ කටු ලොවින ඉඳුල් කටගාන බත්බැලයින්, සිවලුන් හා සුනඛ රංචුද සිටින බව අමතක නොකළ යුතුය. මේක මඩ ගැහීමක් කියලා හිතන්න බෑ. නූගත් දේශපාලකයන් රජයෙ නිලධාරීන්ට අඩම් තේට්ටම් කරන අවස්ථා අසීමිතයි. වැඩියෙන්ම කාන්තාවන්ට. එ්ත් කරලියට එන්නේ එකක් දෙකක්. මතකනේ නවගත්තේගම ගුරුවරිය දණගැස්වීම. මව් කිරි බීපු කසේරුකාවක් තිබෙන නියම මේ වගේ මිනිසුන් සිටීනම් දේශපාලකයො දණ ගැස්සුව හැකි.
ඌවේ රණහඬ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, මේ උද්ධච්ච දේශපාලන බලවතාට එරෙහිව ඔබ ගෙන යන අරගලයට ජය වේවා.
ඔබ ගෙන යන අරගලයට ජය වේවා.
කූඹියෝ.. කුඹියෝ...
යහපාලනය තුළින් යම් ප්‍රමාණයක මාධ්‍ය, උද්ඝෝෂණ වලට නිදහසක් තිබේ.