ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (15) අනතුරු ඇඟ වූහ.
චිලී සහ පේරු රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් පාප්වහන්සේ මෙලෙස අනතුරු ඇඟවූහ.
“මට බියක් තිබෙනවා. අද වනවිට න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා” යැයි පාප්වහන්සේ කීහ. උන්වහන්සේ මෙලෙස අනතුරු ඇඟවූයේ හවායි දූපත් හි වැරැදීමකින් මිසයිල අනතුරු ඇඟවීමක් සිදුව දිනක් ගතවෙද්දීය.
“න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ වැඩි අවදානමක් තිබෙනවා. ඇතැම් විට එක් පියවරක් ප්‍රමාණවත්. එක් අත් වැරැද්දක්, එක් වචනයක්, එක් සිදුවීමක් න්‍යෂ්ටික යුද්ධයකට ප්‍රමාණවත්. අප එතරම් දුර ඇවිත්. අප හමුවේ එවැනි අවදානමක් තිබෙනවා” යැයි පාප්වහන්සේ කීහ.
කෙසේ නමුත් පාප්වහන්සේ හවායි හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ ජීවමාන නියෝජිතයා සියලු රැකවල් සමග බියෙන් පසුවෙනවා නම් කන්නත් නැතිව, අඳින්නත් නැතුව නිකම්ම බෝම්බ වලින් දිනපතාම මියයන අසරණයින් ගැන කුමන කතාද?
තණ්හාය ජායතී සෝකෝ, තණ්හාය ජායතී භයං, තණ්හාය විප්පමුත්තස්ස, නත්ථි සෝකෝ කුතෝ භයං? ..... තණ්හාව නිසා ශෝකය හට ගනී, තණ්හාව නිසා භය හට ගනී,තණ්හාවෙන් මිදුන අයට ශෝකය හෝ භය කොයින්ද?
උන්වහන්සේ ප්‍රකාශ කරපු දෙය තුළ ගැබ්ව තිබෙන සත්‍ය සමහරකට තේරෙන්නේ ගොඩක් අඩුවෙන් ...පොඩ්ඩක් ගැඹුරින් කියවන්න ..............
සත්තයා මට නම් හිතෙන්නේ, උන්වහන්සේට භය තියෙන්නේ එතුමා ගැන නෙමේ, ඔබලා වැනි, එලොව මෙලොව නොහඳුනන, අමන, අය ගැනයි.
පාප් වහන්සේ බය එය ගැන නෙමේ. ලෝකෙට තියෙන අවදානම ගැන එතුමා කතා කරන්නේ.
සත්‍යාට සත්‍ය පැහැදිලි කරලා දුන්නට බොහොම පිං...................
නමින් සත්‍ය වෙලා වැඩක් නැහැ සත්‍ය කුමක්ද යන්න තේරුම් ගැනීමට බුද්ධිය නැත්නම් .
මනුෂ්‍යයෙකු හැටියට,මිනිස් හැගීමෙන් යුතුව එතුමාණෝ පවසන අදහසෙහි වැරැද්දක් අපි නොදකිමු. නමුත් එතුමා සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙකු නම්, ශු බයිබලයේ දේව වචනය කෙරෙහි 100% විශ්වාසය ඇතිව ජීවත් වෙන්නෙකු නම් එතුමාණෝ දැනගත යුතු වෙනවා ශු බයිබලයේ ශු පාවුළු තුමා 2 තිමෝති 1:7 ලියා ඇති කාරණය සම්බන්දයෙන්. එහි ලියා ඇත්තේ, "දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ බයාදු කමේ ආත්මයක් නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත හික්මීම ඇති ආත්මානුභාවයක්ය". එතුමාණෝ ශු බයිබලයේ ගීතාවලියේ 91 වැනි ගීතිකාවත් කියවිය යුතු වෙනවා.
ඔය මේ ප්‍රකාශය හොඳට කියවන්න උන්වහන්සේ පවසන්නේ සමස්ත ලෝකය ගැන..........
සත්යලා වගේ ඔළුගෙඩි කුරුවල් වෙලා තියන අයගේ මොලගෙඩි හෝදලා පිරිසිදු කරන්න පාප් තුමාට තියා දෙවියන්, බුදුන්ටවත් බැරිවෙයි මගේ හිතේ. එක අතකට, ජානවල තියන වරදකට මොකටද වැරදි පටවන්නේ?