(මනෝප්රිය ගුණසේකර)
මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.
පැමිණිල්ලෙන් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ලබා දිම සඳහා එම නඩුව කැඳවනු ලැබු අතර එම ලේඛන ලබාදීම සඳහා තමන්තට කල් ලබා දෙන්නැයි රජයේ නිතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා මොනතරම් වැදගත්කමකින් යුත් ආදර්ශමත් රටට ලැදී පුද්ගලයෙක්ද කියලා හිතෙනවා සමහරු දිහා බලනකොට.
මේ විහිළු කතා අහල දැන් ඇතිවෙලා
ඉක්මනින් නඩු අහන්න බැරිද? දඬුවම්.... ඕනෑ...
"පැමිණිල්ලෙන් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ලබා දිම සඳහා එම නඩුව කැඳවනු ලැබු අතර එම ලේඛන ලබාදීම සඳහා තමන්තට කල් ලබා දෙන්නැයි රජයේ නිතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින්" අවුරුදු තුනක් තිස්සේ ඔය ලේඛණ ටික දීගන්න බැරි වුණාද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් බවුසරයක් තිබුනත් මදි. මේ ආණ්ඩුව තියෙනකල් මෙයාලට දඬුවම් කරන්නේ නෑ. දෙපැත්තෙම හොරුන්ට දඬුවම් දෙන්නනම් ඉක්මණටම ජ.වි.පෙ. ආණ්ඩුවක් පත් කර ගන්න ඕනෑ.
අවුරුදු තුනක් තිස්සේ ඔය ලේඛණ ටික දීගන්න බැරි වුණාද? නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් බවුසරයක් තිබුණත් මදි. මේ ආණ්ඩුව තියෙනකල් මෙයාලට දඬුවම් කරන්නේ නෑ. දෙපැත්තේම හොරුන්ට දඬුවම් දෙන්න නම් ඉක්මණටම ජ.වි.පෙ. ආණ්ඩුවක් පත් කර ගන්න ඕනෑ.
බාප්පා අායෙත් බයේ රටින් ගියා කියන්නේ ඇත්තක්ද?
අවුරුදු තුනක් තිස්සේ ඔය ලේඛණ ටික දීගන්න බැරි උනාද? නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් බවුසරයක් තිබුනත් මදි.
නිකම් තුට්ටු දෙකේ නඩු අහන්නේ නැතුව ඩුබායි වල තුයෙන ඩොලර් මිලියන 1.800 කොහෙන්ද හොයා ගත්තේ කියලා සොයන්න... ඒවා මහජන මුදල්.. ඒවා යට කරගෙන රටේ සම්පත් විකුණන එක නතර කරන්න. අපට ඕනෑ ඒවා...
උසාවියෙන් එළියට එන වෙලාවේ දෙන "වොයිස් කට්" අහන්න මම මේ කට ඇරගෙන බලාගෙන ඉන්නේ...
පිටිගල මිලානෝ, අමතක කරන්න එපා අනුර බණ්ඩාරනායක. මහජන දේපල කොල්ල කෑවා කියලා එතුමා කවදාවත් චෝදනාවකට ලක් වුණේ නෑ. අගමැතිවරු දෙන්නෙක්ගේ පුතෙක් වෙලත් කවදාවත් බලය අයුතු විදිහට පාවිච්චි කළේ නෑ. අවාසනාවකට එතුමාට මේ රටේ නායකත්වයට පත් වෙන්න බැරි වුණා. එතුමාට ලැබුණු අවස්ථාව කොල්ල කෑවා.
වජිර මහත්තය හරි. අනුර තමන්ගේ බලය යුතු විදිහට පාවිච්චි කල කෙනෙක් නොවෙයි. ඒ වගේම ගවුරවයෙන් එලිනා ජයවර්දන ආර්යාව ගැනත් සඳහන් කරන්න පුළුවනි. කොහොමද ප්‍රේමදාස ආර්යාව ? මහින්ද ආර්යාව ?
මොන දේ කලත් නොකළ වගේ හිනා වෙන්න ඉන්න එකම මදිද?
ඡන්දය ලග එන නිසා පුලුවන්නම්. කල් දමාගන්න බලන්න. දේවාලේ යන්න වෙලාවකුත් නැහැ කියල ඉගෙනීමේ වටිනා කම තේරෙන්නේ මේ වෙලාවට