(ජේ.ඒ.එල්.ජයසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසු පිරිසකට විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ නවක වධයට පක්ෂපාතී සිසු පිරිසක් විසින් පහර දෙනු ලැබීම නිසා විද්‍යා පීඨ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
අම්පිටිය හා හාරගම පදිංචි තෙවැනි වසරේ සිසුන් දෙදෙනකු එසේ රෝහල් ගත කරනු ලැබ ඇති අතර විශ්ව විද්‍යාල රග්බි ක්‍රීඩා පිටිය අසලදී එම ගැටුම ඇතිවී තිබේ.
ගැටුම සම්බන්ධයෙන් උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක මහතාගේ අධීක්ෂණය මත විශ්ව විද්‍යාල විනය පාලක සභාව හා ආරක්ෂක අංශය එක්ව පරීක්ෂණයක් පවත්වනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා තාත්තලා වෙහෙස වෙලා හරි හම්බු කරලා දරුවන් හදලා උගන්වලා විශ්ව විද්‍යාලවලට යවනවා තව ඉගෙනගන්න. උන් ඒ වගේම ඉගෙන ගන්න එන තවත් අම්මෙක්ගේ තාත්තෙකුගේ දරුවෙකුට පහර දෙනවා. මොකක්ද මේකේ තේරුම?
මොවුන් නිසි මගට ගැනීම අසීරුයි.දැඩි පියවර ගන්න.......නිසි පරීක්ෂණයකින් පසු නවක වාදය ක්‍රියාත්මක කල සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න.........විශ්ව විද්‍යාලයෙන් නෙරපන්න . නිතරම කට මැත දොඩන කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමති ගේ අවධානය ට...! ඕන ගොනෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම කරන්න පුලුවන්ද..?
අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ආවම ඉන්න දන්නේ නැහැ....
මේ ඔය නවක වාදය නවත්තල දානවද? මොලේ අබාධ තියෙන අයයි ඕවට පෙළඹෙන්නේ. අමාරුවෙන් හරි ඒ අය දොස්තරලාගෙන් බෙහෙත් ටිකක් ගන්නවද? මොකද ඔය වගේ අය රටේ පාලනයට හෙම ගියොත් හරි, නැත්නම් පරිපාලනයේ ඉහල තනතුරු දරුවිත් හරි ලංකාවට දෙවි පිහිටයි. දැනටමත් අපට වෙලා තියෙන්නේ ඔය වගේ ඇත්තෝ නිසායී මෙතරම් ප්‍රශ්න. මමත් පෙරේදෙනියේ ඉගෙනගත්තු කෙනෙක් විදියටයී ඔය ටික කිව්වේ තේරෙන් භාෂාවෙන්. මේ අය කැම්පස් යන්න පෙර සම්මුක පරීක්ෂණයක් තියල තෝර ගත්තොත් හොදයි....
ඔය වැඩ කරන්නේ අර අන්තරේ තස්ත්‍රවාදීන් ටික තමයි .
මුන්ට පිස්සු. නිදහස් අධ්‍යානය තියෙන වටිනාකම දන්නේ නැති ගුණමකු මිනිස්සු. ඔය වගේ අය පන්නල වෙන අයට ඉඩ දෙන්න ඕනේ. කොන්ද පන තියෙන තීරණ අරගන්න. කොපමණ අය යාන්තම් මදිවෙලා ලකුණු යන්න බැරි වෙලා ඉන්නවද උසස් අධ්‍යානයට ඉඩ දෙන්න ඒ ගොල්ලන්ට. නවක වාදය මොකටද මේ දියුණු ලෝකේ.
මුන් නම් ෙගදර යවන්න වෙනවා මානසික ලෙඩ්ඩු තමයි.......................