තිළිණි ද සිල්වා
මෙරට නිල සංචාරයන් සඳහා විදෙස් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත රාජ්‍ය නායකයින් වන්නේ සිංගප්පූරු අගමැති ලී සියෑන් ලු මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජෝ විඩෝඩෝ යන මහත්වරුන්ය .
ඒ අනුව ලබන 22 වැනිදා සිංගප්පූරු අගමැතිවරයා නිල සංචරයක් සඳහා දිවයිනට පැමිණෙන අතර ඉන්දුනීසියා ජනාධිපතිවරයා ලබන 25 වැනිදා පැමිණීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයක් අනුව මෙම රාජ්‍ය නායකයින් දෙපළම මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් පැමිණෙන දෙරටේ රාජ්‍ය නායකයින් මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ රජයේ ඇමතිවරුන් හමුවීමට නියමිතය.
සිංගප්පූරු අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.
මේ අතර ලැටීවියාවේ ජනාධිපති රයිමන්ඩ්ස් වෙයෝනිස් මහතා සහ එම ජනපති ආර්යා ඉයොටා වෙයෝනිස් මහත්මිය මේ දිනවල ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතවන අතර ඔවුන් හෙට (16) සිය රට බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වගේ උගන්ඩාවේ ජනාධිපති හරි ලෙසොතෝ රජතුමා හරි එන්නේ නැද්ද?
එකක් අමතක උනා. කලින් වගේ "උගන්ඩාවේ ජනාධිපති, ලෙසොතෝ රජතුමා වගේ ලෝකයේ අති උත්තම බලසම්පන්න වැදගත්" රාජ්‍ය නායකයින් දැන් ලංකාවට එන්නේ නැද්ද කියලයි ඇහුවේ.