(නාමල් පතිරගේ,ඡායාරූප-චතුර එස් කොඩිකාර)
රටේ ක්‍රිඩාවට හා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට වැඩිම අපහාස සහ අවමාන සිදුවී ඇත්තේ වත්මන් රජය සමයේදී බවත් එම රජයේ මන් ඇමැතිවරයකු ලෙස කටයුකු කිරිමට සිදුවීම තමන් අත්විඳින ලොකුම අවමානය බවත් ඛනිජ තෙල් සම්පත් ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතාට උපහාර දැක්වීම සඳහා අද (17) පෙරවරුවේ කොළඹ ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ඇමැතිවරයා පැවසීය.
ක්‍රීඩා කේෂ්ත්‍රෙය් අතිවිශාල පිරිසක් සහභාගී වී සිටි මෙම උත්සවයේ දී සභාව අමතමින් වැඩිදුරටත් පැවසුවේ දිනෙන් දිනම කඩා වැටෙමින් පවතින රටේ ක්‍රිඩාවට විසඳුම් ලබන දෙනවා වෙනුවට බලධාරින් ඒ පැලැස්තර විසඳුම් දීමට උනන්දුව සිටිමෙන් ක්‍රීඩාව තවදුරටත් ප්‍රපාතයට වැටෙමින් පවතින බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දුක් විඳින්නේ ඇයි? ඉල්ලා අස්වෙන්න.
මටත් දයාසිරි ඇමතිතුමාගේ යම් යම් ක්‍රියාකලාප ගැන ගැටළු තිබෙනවා නමුත් මගේ අදහස ක්‍රීඩාවේ ප්‍රශ්න ක්‍රීඩා ඇමතිට විසදන්න දීලා ඔබතුමා ඔබතුමාට බාරදීලා තිබෙන අමාත්‍යාංශය ගැන බලන්න. ක්‍රීඩාව සම්බන්ධ ගැටළු තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයේදී හෝ ඇමති සමග පුද්ගලිකව කතාකරගෙන මේවා විසදන්න බලන්න.
අර්ජුන, ඇයි ඔය තරම් අවමානයක් විඳින්නේ? ඇමති කමක් නිසා අවමානයක් විඳිනවා නම්, තාත්තාව (රෙජී මහත්තයා) අනුගමනය කරලා, එදා තනතුර දීලා කරපු දෙය ආදර්ශයට අරගෙන, තමුන් ඉන්න ඕන තැන හදා ගන්න. එදාට ජනතාව ඔබේ තාත්තට, මල්ලිට {ප්‍රසන්න} වගේ සලකයි. නැතුව මෙතන මෙහෙමයි කිය කියා ඔතන හිටියොත් ඉතින් "අබ සරණයි"
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරක් නෙමෙයි මහත්තයෝ... මේ කොන්ද පණ නැති ආණ්ඩුව මුළු ලංකාවටම අවමානයක්...
එහෙනම් යන්නකෝ අනේ ගෙදර... එතකොට වැඩේ අහවරනේ...
දොරවල් විවෘතව ඇත. ඔබට නිදහසේ එළියට යාමට. ඔබට වඩා දක්ෂයන් ඔය තනතුර බාරගැනීමට සුදානම්ව ඇත. ඔබට වඩා මනා දැනුමක් ඇති පිරිසට ඉඩදී ගෙදර යාම සුබ ලකුණකි.
යෝගානන්ද විජේසුන්දර මහත්මයා වැනි ක්‍රීඩකයින්, ක්‍රීඩක පුහුණුකරුවන් දැන් බිහිවෙනවාද? යන ප්රශ්නය මගේ හිතේ පවතිනවා. මෙතුමා පාන්දර 6ට පිට්ටනියට පැමිණෙන කෙනෙක්.. තම ජීවිතයම ක්‍රීඩාවට කැපකරපු අති දක්ෂ ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් ...මට මතකයි මෙතුමා බණ්ඩාරවෙල හිටපු කාලේ.. ශාන්තජෝෂප් විදුහලේ අශ්රොෆ් මීටර් 100 දුවද්දී මෙතුමා මීටර් 100 කඩුලු පැනලා අශ්රෝෆ්ව පරද්දවනවා... ප්‍රිය මහත්මයාණෙනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබ චිරාත් කාලයක් ක්‍රීඩාවේ උන්නතිය සඳහා සේවය කිරීමට ශක්තිය ලැබේවා.!!!
ක්‍රීඩකයන්ට අපහාස වෙන එක පුදුමයක්ද? ලෝකේ හතරවටේම තිබෙන රටවල් වලින් හොඳටම කාලා... අදත් සිම්බාබ්වේත් අපිට උතුර දකුණ හොයාගන්න බැරි විදිහට 290 ගහලා... අපේ මිනිස්සු ඕවර් 14 කුත් කාල විකට් දෙකකුත් පූජකරලා ගහලා තිබෙන්නේ දැනට ලකුණු 70 ක් පමණි.
අවමාන විද විද ඉන්නේ ඇයි. ඉල්ලා අස්වෙන්න. ඒ මිහිරි රසය කෙසේ අමතකරන්න්නද?
වැඩ බැරි ඇමති... වරාය දුන්නා අසාර්ථකයි. තෙල් දුන්නා අසාර්ථකයි.. ඉල්ලා අස්වෙන්න.