(නිමල කොඩිතුවක්කු / ඡායාරූප - ඉෂාන් සංජීව)
ගුරුවරියක විසින් සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත අයුරින් රියෙහි වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අද(17) පෙරවරු 6.10ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරින් රිය පැදවූ ගුරුවරියටද තුවාල සිදුව ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය මගින් සිදුකරනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා. ළමයෙක් දෙන්නෙක් මරන්නේ නැතුව. හරියට වාහනේ එලවගන්න බැරි අයට ලයිසන් දුන්නේ කවුද කියලත් හොයල බැලුවනම් හොඳයි.
කාටත් වැරදීම් වෙනවානේ. බ්රේක් පැඩල් එක කියාලා හිතල අනික් එක පෑගෙන්න ඇති. ගුරුතුමියට ලොකු තුවාලයක් නැත්නම් එච්චරයි. කාර් එකයි තාප්පෙයි රක්ෂණ සමාගමෙන් හදාවි නේ!
ලොකු දෙයක් තාප්පේ කැඩිලා විතරක් බේරුණු එක. දරුවෙක් එහෙම යටවුනා නම් මහා විනාසයක්. දරුවත් අනතුරේ ගුරුතුමියටත් ජීවිත කාලෙටම විසුමක් නැහැ. මෙයින් ගිය එක ගැන සතුටු විය යුතුයි.
අනපේක්ෂිත ලෙස බ්රේක් එක වෙනුවට ඇක්සලරේට් එක පෑගිලා වෙන්න ඇති
කොහොමද ළමයෙක් එහෙම යට වුණානම්?
මෙය ඇය පැදවූ වර්ගය ඇති වරදකි. මෙයට කලින්ද අනපේක්ෂිත ලෙස වහනය වේගය වැඩි වී ඔවැනි අනතුරු වාර්තා වී ඇත.
අයියෝ කාන්තාවන් වාහන පදවන එකනම් අනික් රියදුරන්ට , මගීන්ට මහම වදයක්. වමට සිග්නල් දාල දකුණට හරවයි, නැත්නම් සිග්නල් දාගෙන කෙලින් යයි, පාර මැද්දෙන් තියාගෙන් හිමිහිට යයි. ඔයාල බස් එකේ හරි හස්බන්ඩ්ගේ කාරෙකේ හරි යන්න අපිට කරදර නොකර.
සමන් කියන විදියට මෙයා ලයිසන් ගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. හරියට එලවන්න දන්නේ නැත්නම්, එලවන්න එපා! අනිත් අය කරන කරන දේවල් කරන්න එපා!
බ්රේක් එකයි, ඇක්සලරේටර් එකයි මාරු වෙන එක සුළු වැරදීමක් නෙවෙයි. එහෙම මාරු වෙන්නේ හරියට පුහුණුවක් නැති අයටයි. ඒ වගේ අය තනියෙන් වාහන පදවන්න ඉස්සෙල්ලා තව පුහුණු විය යුතුයි. හදිසියකදි බ්රේක් එක පෑගෙන්නෙ නැතුව මාරු වෙනවා නම් ඒ රියැදුරා කොහෙත්ම වාහනයක් පදවන්න සුදුසු කෙනෙක් නෙවෙයි.
මේ ටීචර්ව කාර්එකත් එක්ක යවන්න තිබුනේ මොරගහකන්ද ව්‍යාපෘතියට. එහෙම නම් ඕක ඉවරකරන්න මෙච්චර කල් යන්නේ නැහැ.
එතකොට ලයිෂන් තියෙන පිරිමි රියැදුරෝ තාප්ප වල වාහන හප්පනේම නැද්ද?
එහෙම හප්පන්නේ බේබද්දෝ ලයිසන් ගත්තාම නේ. මේ ගැහැණු අයත් නොබී බේබද්දෝ වගේනේ එළවන්නේ. තව බීලා එලෙව්වොත් කොහොමට තියෙයිද?
ගුරුවරියගේ වැරැද්දක් නැති බව පේනවා. වැරැද්ද නුසුදුසු තැනක තාප්පය සෑදූ අය බාරගන්න ඕනේ...
මැනුවල් ගියර් සහිත වාහන පැදවූ අය ඔටෝ ගියර් සහිත වාහන පැදවීමේදී වඩාත් පරෙස්සම් විය යුතුය. කාන්තාවන් අතින් මෙවැනි අනතුරු බහුලයි. මාර්ග වැඩි දියුණු ලෙස ඉදිකර ඇති නිසා ජීවිත අවදානම ඉතා අඩුයි.
අපිට තඩි බානවට වෙච්චදේ වාගේ ...
පොල් ගෙඩියක් වැටුනත් කැඩෙන වින්ඩ් ස්ක්‍රීන් එක යන්තම් හීරිලා තියෙන්නේ ඇතුලේ වැඩ සිටින කුඩා බුදුපිළිමය නිසා...
එහෙමනම් සුපිරි පැට්රල්වත් ගහලා ඇති...
මගේ පරණ තාප්පයක් තියෙනවා. මේ කාර් ඒකට කුල්ලක් හයි කරගත්තා නම් තාප්පය කඩලා ඉවත් කරන්නත් තිබුණා. මේ තාප්පය කොතරම් ප්‍රමිතියකට හදලා තියෙනවා ද කියලත් හිතා ගන්න පුළුවන්...
ඇත්තටම බීලද හිටියේ දන්නේ නැහැ...
මෙව්වා පත්තරේ දාන්න තරම් දේවල් නෙමෙයි.
නැහැ නැහැ ළමයි හා දෙමවුපියෝ පැමිණිලි කරලා තිබුණා ඉස්කෝලෙට ඇතුල් වෙන්න ගේට්ටු මදියි කියලා. මේ ගුරුතුමිය ප්‍රශ්නේ පහසුවෙන් විසඳලා දුන්නා. ලොකුදෙයක් වුණේ නැහැ...
ඒ ටීචර්ට පාසල් පැමිණීම සඳහා බුල්ඩෝසර් එකක් ලබා දෙන්න !