තරිඳු ජයවර්ධන
ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය.
එම සිද්ධියෙන් පසු එවැනි සිද්ධියක් නොවූ බවට තමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද එම විදුහල්පතිනිය පැවසුවාය.
පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් එද එම පාසලට ගොස් තිබුණු අතර ඒ ගැන පැතිර ගිය ආරංචිය නිසා තවත් පිරිසක් ජනමාධ්‍යද සමඟ අද පාසලට ගොස් තිබේ. එම අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරියද ඉදිරිපිට විදුහල්පතිනිය හඬා වැටෙමින් තමා මුහුණ දුන් සිදුවීම විස්තර කළාය.
එම විදුහල්පතිනිය සිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා තිබේ.
ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා දුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. ජනවාරි නව වැනි දා විදුහල්පතිනිය පළාත් සභාවට කැඳවූ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විදුහල්පතිනිය පළාත් සභාවට යෙමු කොට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන විමර්ශනයක් ආරම්භ කළ බවයි. ලංකා ගුරු සංගමය ද ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බව ද කොමිෂන් සභා ප්‍රකාශකයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද පුවක් බඩිල්ලගේ වැඩ ...
මේක මාර රටක්නේ... වැඳලා සමාවගන්න මේ කවුද? උගත්කම බල්ලට ගිහින්... එවැන්නන් රට පාලනයට ගිහින්. කවුරු පම්පෝරි ගැහැවුත් ලංකාව තව අවුරුදු දාහක් ගියත් මේ අයට ඕනෑ විදිහට තමා රට පාලනය කරන්නේ..
මේවගේ පළාත් ඇමතිලා පත් කරගන්න අයට හොඳ පාඩමක් මේක. ඔය පළාත් ඇමති මොලේ කඳුලක් වක් නැති කෙනෙක්. මට පුදුම තවමත් හෙන නැති එකයි.
මේවා රෙජීමයේ බොරු ප්‍රචාර. යහපාලන ඇමැතිවරු එහෙම කරන්නේ නැහැ.
මහඇමතිට විරුද්ධව වහාම පියවර ගත යුතුයි. ඉල්ලා අස්විය යුතුයි මේ කළ ක්‍රියාවට...
මහඇමැති ගෙදර යවන්න ඕනෑ... දැන් ඇති මේ අයගේ අමන වැඩ ඉවසුවා..
මෙවන් දේශපාලකයන්ට දියයුතු දඬුවම් කවරේදැයි අපේ නීතිපොත්වල නැද්ද? ඔහුට හවුල් වූ අපේ බදු මුදලින් පඩි ලබන නිලධාරීන් වහා ගෙදර යැවිය යුතුය. ඔවුන්ට තව දුරටත් රාජ්‍ය සේවයේ සිටීමට වරම් නැත.
අපි බලාෙගන සහ ඉවසා සිටිමු... මෙවැන්නන්ට අගමැතිතුමා විසින් සාධාරණ තීන්දුවක් ගන්නා තුරු...
මහඇමති නොවේ.. මොන ඇමති වුණත් " තුට්ටු දෙකේ අම්බරුවෙකි". රටේ මුල් පුරවැසියාට ඔන්න පත්තරේ, බැලුවොත් මෙන්න විස්තරේ....
කවුරුත් මේක ඇත්තද කියලා දැක්කේ නැහැනේ... මහ ඇමැතිතුමා එහෙ දෙයක් වුණේ නැහැ කිව්වනේ.. දැන් මොකක්ද ප්‍රශ්නේ?
"ආරේ ගුණ නෑරේ " කියලා ඉස්සර කියමනක් තිබෙනවා.. නමුත් දැනටත් භාවිතයේ තිබෙනවාද දන්නේ නැහැ. මෙහි තේරුම නම් ආරෙන් නැතිනම් පරම්පරාවෙන් එන ගති නොමැකී පවතින එකයි. අතීත සිද්ධීන් අනුව බලන කළ, මේකත් ඉතින් ඔය දේශපාලන පරම්පරාවේ මගහරවා ගත නොහැකි පුරුද්දක් වගෙයි පෙනෙන්නේ. ඊටම තවමත් පුරුදු පරිදි ඇම්බැට්ටකම් කරන නිලධාරීන් පිරිසක් මේ මෝඩයින් වටා සිටීම කණගාටුදායකය.
පළාතක ප්‍රධාන අමාත්‍යවරයා කියන්නේ කැබිනට් ඇමැතිට වඩා බලතල ඇති පුද්ගලයෙක්. ඒ වගේ තනතුරකට මේ වගේ අයෙක් පත් කරපු දෙන්නටම එකට අවීචි නරකාදියේ පදිංචියටම යන්න ලැබේවා !!!
මේ වැටෙන කඳුලක් ගානේ වන්දවාගත්තු කෙනාට සාප වේවා.!!!
අතිගරු ජනාධිපතිතුමා අද පත්තරේ බැලුවා නම් මේකට තීරණයක් ගනීවි. යහපාලනය මේකද?
ඌවට හූවක් දුරින් ඉන්න ඇමතිය මෙමාය... සැමවිට බූරුව ලෙස හැසිරෙන්නෙත් මෙමාය... ළග බැලූනිසා ගුරුතුමියක් දණ ගැස්සුවේ මෙමාය... එබැවින් මමය ඌවට ඉන්නා...
සිරිසේන මහත්තයෝ. හිරගෙදර පොළව පලාගෙන හිරකාරයෝ නරකාදියට යන්නේ නැහැ. ජනපතිතුමා වැරදි කරලා දැනගත්තොත් අත්අඩංගුවට ගන්න පුළුවන් විදිහට දණ්ඩනීති පොත ඉරලා අලුත් නීති නීතිගත කරන්න.
ඇයි අර සිංහල ගුරුවරියක් දණගස්සපු පළාත් සභා කාලකණ්නියට නැවත ඡන්දේ ඉල්ලන්න අවස්ථාව දුන්නේ? මහා ලොකු කයිවාරු තමයි. වැරදිකරන අයට දඬුවම් දෙනවා.... මඩුවලිගෙන් තලනවා කියලා.
නෑ නෑ කිව්වට 88 89 වගේ වකවානු නරකමත් නෑ මේවගේ තැන්වලදී දීපු උත්තර නරකමත් නෑ.
දේශපාලනයට එන්න කලින් දුම්රියේ වඩේ විකුණපු මනුස්සයකුගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේකට වැරදිකාරයෝ මෙවැනි මිනිස්සුන්ට ටිකට් එක දෙන පක්ෂ සංවිධායකවරු සහ මේ ගොල්ලන්ට මනාපේ දෙන ඡන්ද දායක්යෝ... මෙය කල්පනා කරන්න ඇති ගුරුවරිය දන ගස්සපු පළාත් සභා මන්ත්‍රීට සංවිධායක කමක් දුන්නානම් තමන් මහඇමැති නිසා විදුහල්පතිනියක් දණ ගැස්සුවට කමක් නැහැ කියලා.
ඔබලාට මෙවැනි පැමිණිල්ලක් කරන්න සිටි එකම පුද්ගලයා ප්රභාකරන් නේද? මෙතනට ඔහු නැතිවීම ගැන මමත් දුක්වෙනවා.
කලින් දණගස්සල් උසාවියෙන් අත්හිටවූ හිර දඬුවම් ලබපු අයට යහපාලන්ස්ලා ආයිත් සංවිධායකකම දුන්නනේ! ඉතිං මේ වඩේ කාරයත් ඒරියල් එක උස්සගත්තා !
මිනිසුන් අමනයින්ට ඡන්දය දෙනතුරු ලංකාව ගොඩගත නොහැකිය.
එහෙනම් ජනාධිපති අද පත්තර බලන්නේ නැහැ.
වැලේ වැල් නැතිව පීචං වෙලා ඉන්න මහ ලොක්කන්ට මත්පැන් නාටකය වගේ ලකුණු ටිකක් දාගන්න හොඳ අවස්ථාවක් මේක. පුළුවන්නම් මහ ඇමතිව ගෙදර යවලා සාධාරණය ඉටු කරන්න. නැතිනම් බොරු ටෝක් නොදී කට පියා ගන්න.
ජනාධිපතිතුමාගේ මඩු වලිගයයි, කඩුවයි දෙකම දේශපාලන පම්පෝරි නේද? මේ දවස් වල පුංචි ඡන්දෙට අවාසි වෙන නිසා මේ සිද්ධිය යට යාවිද?
නිසි අධ්‍යාපනයක් ලබා නොමැති මුදලට, දේපළට, බලයට කෑදර දේශපාලකයින්ගෙන් අධ්‍යාපනයට නිසි තැනක් බලාපොරොත්තු විය නොහැකිය. ජනප්‍රියත්වයට හෝ බලයට දේශපාලකයින් පත් කිරීම අවසන් කිරීමේ කාලය එළඹ ඇත...
කරුණාකර අධිකරණයට ගොස් සාධාරණය ඉල්ලන්න. ගරු අගමැතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන සොයාබලා නිසි පියවර ගන්න. කරුණාකර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නිසි දඬුවම් දෙන්න ජාති ආගම මොනවා වුණත් මේ විදුහල්පතිනියට නියම සාධාරණය ඉටුකරන්න. මේ වගේ අය මහඇමතිවරු කරලා රටට වෙන සෙතක් නැත. ජනාධිපතිතුමනි, මෙන්න සාධාරණය ඉෂ්ඨ කිරීමට හොඳ අවස්ථාවක්. ඔය මහා ඇමතිගේ ඇඟට දැනෙන්න දඬුවමක් දීම රජයේ වගකීමක්. ඔබගේ කඩුව මේවගේ දේවලට පාවිච්චි කරන්නේ නැත්නම්, ඔය කඩු කතා කියන එක නවත්තන්න.
මම හිතුවේ බුරුවො ඉන්නේ පුත්තලමේ විතරයි කියලයි.
ඔන්න අර කියපු 'කඩුව' පාවිච්චි කරන්න වෙලාවක්. බලමු කියපු විදියට තියෙනවද කියලා.
මේ ඉන්නේ තවත් දේශපාලන මන්ද මානසික පුද්ගලයෙක්...
මෙයාලා නෙමෙයි.. මෙයාලට ඡන්දෙ දීපු අයයි අම්බරුවෝ...
මර්වින් සිල්වා වැනි අයගේ මැර ක්‍රියාවන්ට දඬුවම් නොදීම රාජපක්ෂ පාලනයේ බිඳ වැටීමට සුළුවෙන් හෝ හේතු වුණා. නවගත්තේගම ගුරුවරිය දණ ගැස්වූ මොහුට සංවිධායකකම දීමෙනුත්, ඉහත සිද්ධියට මේ දක්වාම ප්‍රතිචාරයක් නොදැක්වීමෙනුත් වර්තමාන ජනපතිතුමා ගැන තිබෙන අප්‍රසාදය වැඩි වෙනවා. වැරදි කල දේශපාලකයින් අවීචි මහා නිරයට ගෙනයනවා වැනි සම්ප්‍රප්ඵලාප දොඩවන්නේ නැතිව රටේ සාමාන්‍ය නීතියට අනුවවත් කටයුතු සිදු කල යුතුයි.
අවීචි මහා නරකාදියේ මහ ඇමති කරවමු
මේ වගේ නරුමයෝ මොකට අපි පත් කරගත්තද? ගුරුවරියකට ගරු කරන්න දන්නේ නැති කාලකන්නියෙක්...
මේ චානක් කියන කෙනාගේ මෝඩ අදහස්වලට හිනායන අය තව ඉන්නවද?
නූගතුන් රට පලනය කරද්දී මේ රට මීට වඩා වෙනසක් වෙන්නේ නෑ..
රන්ජන් රාමනායක මහත්තයෝ, පුළුවන්නම් මේ කඳ බඩ මහතාගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවද? මේවගේ අයගේ පැටිකිරිය ගැන කතාකරන්න ඔබතුමා හැර වෙන එක්කෙනෙක් ආණ්ඩුවේ නැහැ.
උඩරට වතුකරයේ සිටින ජනතාව තවමත් උතුරේ එල්.ටී.ටී.ඊ. දර්ශනයට හෝ ඔවුන්ගේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලට සහය දක්වා නැහැ. උඩරට වතුකරයෙන් බිහිවී අධ්‍යාපනය ලබා විදුහල්පතිනියක් වූ මෙම කාන්තාව මා දන්නවා. අපේ ඇමති මොට්ටපාලයන් කරන මෙවැනි අමන අමානුෂික වැඩ නිසා උඩරට වතුකරයේ ද්‍රවිඩ ජනතාවද? එල්.ටී.ටී.ඊ. එක දිශාවට තල්ලු වීම ඉදිරියේදී සිදු වුනොත් ඒගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මෙවෙනි සිදුවීම් එල්.ටී.ටී.ඊ. එකේ නායකයන්ට සහ අනුගාමිකයන්ට හොඳ තල්ලුවක්...
මේ වල් බූතයන්ගෙන් අප රට මිදෙන්නෙ කවදාද? මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
ප්‍රශ්නේ මේකයි, මෙදා සැරෙත් ප්‍රාදේශීය සභා වලට ඉල්ලන්නේ මේ වගේ අය. ඊට පස්සේ පළාත් සභාවට එනවා ඊට පස්සේ පාර්ලිමේන්තුවට. ඇමතිකමකුත් ලැබෙනවා.ලෝකයේ දේශපාලන ප්රවනතාවය,රටක සංවර්ධන ඉලක්ක ,විදේශික දේශපාලකයෙකුට හරියට කතාකරන්න,අවශ්‍ය තොරතුරු ගන්න ආදී දේශපාලකයෙකු සතු විය යුතු කිසිම හැකියාවක් නැතිව ,බෝක්කු හදන්න ,පාරවල් කොන්ක්‍රීට් කරන්න වගේ වැඩ කරන්න පුලුවන් දේශපාලකයෝ පිරිසක් තමයි අපිට ඉන්නේ.
බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ
කෝච්චියෙ වඩේ විකුණපු එකාව දේශපාලනයට ගෙනාපු උන්ටයි..........උන්ට ඡන්දෙ දුන්න මී හරකුන්ටයි මඩු වලිගෙන් ගහන්නයි තියෙන්නෙ.
මී වගේ අයව ගෝල් ෆේස් එකේ බැදලා, ගල් ගහල මරන්න ඕන.......................
වෙනස් විය යුතුයි. මේ පවතින නින්දිත ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මෙවැනි නින්දිත පාලකයින් පත් කර ගන්න මහා ජනතාව මුලින්ම වෙනස් විය යුතුයි.
මහඇමති කිව්වේ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා බොරුවට අපහාස කරනවා. කීර්තිනාමය විනාශ කළා කියලා මිලියන 500ක් වන්දි ඉල්ලලා නඩු දානවා කියලා. නඩු කෙසේ වෙතත් දැන් එයාට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වෙනවා. ආයිත් වතාවක් සමන්ත මන්ත්‍රීතුමාගෙන් කෑවා අමතක නොවෙන පරිප්පුවක්.
කෝ මේ යහපාලන ලොක්කෝ? අර කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඉල්ලන කලාකාරිය මේවාට මොකද කියන්නේ ?
නරුම දේශපාලකයන් සිටින මේ රට තුලදී ඔබතුමියට වූ දේ ගැන සංවේගයි මැතිණියනි. ඔබතුමියට වූ අසාධාරණයට වගකිව යුත්තන්ගෙන් සාධාරණය ඉටුවෙයි සිතමි. කණගාටුව නම් අධ්‍යාපන ක්ෂේත්රයේ අයද මහ ඇමතිගේ දෙපා ලෙවකෑමයි.
මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, ඔබට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි.
බයවෙන්න එපා, අපේ ජනාධිපතිතුමා මේක පත්තෙරන් දැකලා, කොමිසමක් දාලා, ඔපරේෂන් (බලවේගය) 3 මෙහෙයුම පටන් ගන්නවා !
ශක්තිමත් කෂේරුවක් ඇති ගුරුතුමියණි ඔබ තුමියට ජාතියේ ප්‍රණාමය මෙයින් පුද කරමු. නුගත් දේශපාලකයින්ගේ වැරදි නියෝගයන් වලට පාපහර එල්ල කිරීම අගය කරමු. කොන්ද පණ නැති ඌව අධ්‍යාපන බලධාරිනි දැන් ඉතින් මුතියංගන වෙහෙර වෙත ඇදුම් උනාදමා ගොස් පවු සමා කර ගනිවු. තම වරිගයාටත් එරෙහිවන උබලා ඔය තනතුරට නොහොබී. ගරු ජනාධිපති තුමනි දැන් වාරය ඔබ තුමා අතේය. වයඹ මැරයා නැවත පිහිටවීමේ විපාක තමයි මේ. රජයේ නිලධාරීන්ට තම කටයුතු නිසි පරිදි කරගන්න ඉඩ හල මැනවි.
අපේ ලොකු උන්නැහේ මොනාද මේවට කියන්නේ...................මේ අය එතුමාගේ ගෝලයෝ නේ
අපි බලමු ජනාධිපති තුමා මොකක්ද මේකට ගන්න පියවර කියලා.
දිනෙන් දින යහපාලනයක්, ශිලාචාර සමාජයක් අපිට අහිමි වී යන අයුරු හරිම කනගාටු දායකයි. ! මෙවැනි ඉතාමත් අශෝබන ක්‍රියා පසුගිය කාලේ සිදු වුවත් අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුනා මේ පාලනය යටතේ එහෙම දේවල් නොවේවි කියාලා. අපිට වැරදිලා. මේ ලංකාවේ දරු කැලක් යහ මග යවන්නට වෙහෙසෙන උසස් ගුරු මාතාවක්, මවක් පාසලක විදුහල්පතිනියක් .
දැන් අවීචි මහා නරකාදියට තමුන්ගේ ගෝලයනුත් වැටෙනකන් බලාගෙන ඉන්න වෙනවා... අපේ ලොකු තැනට ගෙදර යන්න.
ජනවාරි 21 ඉරිදා ලංකාදීපයේ නිම්තෙර අතිරේකයේ මුල්පිටුව බලන්න. මේ සම්බන්ධයෙන් කියන උන්නැහේ කියන්නේ අමුතුම කතාවක්නේ. ගල් පැලෙන මෙවන් බොරු කතා ගැන මැතිවරණ කොමසාරිස්තුමාගේ සැලකිල්ල වහාම යොමුවිය යුතුයි.
මගේ රට කාලා ඉවරයි. ජරා දේශපාලකයෝ. මිනිස්සුත් මේවාට වග කියන්න ඕනේ. මේ රට මෙහෙම තියෙන්න ඕනේ රටක් නෙමේ. මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ. දුකයි.
අපේ රටට ගිය කල.
නූගත් මහා ඇමතියෝ උනහම වෙන දේවල් තමයි මේ.
කෝ අපේ ලොක්කගෙ කඩුව කෝ !
තව අවරුදු 100ක් ගියත් අපේ රට මේ වගේමයි
මහා ඇමැතිව ප්‍රසිද්ද තැනකට ගෙන්වා විදුහල් පතිනියට වන්දන්න.
අන්න මම දැක්කා ඔය කියන මහා ඇමතියා රටේ මුල්පුරවැසිය ගේ වේදිකාවේ බෙරිහන්දෙනවා!!
දේශපාලකයන් පස්සේ යන පාක්ෂිකයන්ට මුලින්ම කුරුදු පොල්ලෙන් ගහන්න ඕනේ.
ජනාධිපතිතුමා නිදිද, ජනාධිපති තුමා දන්නේ නැද්ද ?
අර සමෘද්ධි සංවර්ධන නිළධාරියත් තමුන්ව බැදගත්ත කියල කිව්ව නේද?
කෝච්චියේ වඩේ විකුණපු කෙනා මොකද? හොරකම් කළ අයත් දියවන්නාවට යවපු අපිට මඩු වලිගයෙන් තලන්න ඕනේ..
මහා ඇමැතිව ප්‍රසිද්ද තැනකට ගෙන්වා විදුහල් පතිනියට වන්දන්න.