ඒ.එෆ්.පී
ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලළේ දී එකම ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට උතුරු හා දකුණු කොරියාව එකඟ වී තිබේ.
එමෙන්ම ‘අයිස් හොකී’ කාන්තා තරග ඉසව්ව සඳහා දෙරටේම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත එක් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ද දෙරට අතර එකඟතාව පළ වී තිබේ.
ඉකුත් 9 වැනිදා උතුරු හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා යුද මුක්ත කලාපයේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අතර එලෙස එකඟතා ඇති වී තිබේ. වසර දෙකකට පසු දෙරට අතර පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් විය.
ශීත ඍතු ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් එවීමට සූදානම් බවට එරට තරුණ නායකයා ජනවාරි 1 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහිදි ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවුව ද දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවත්වීමට තමා සූදානම් බවට ඉඟි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර දෙකකට පසු ජනවාරි 9 වැනිදා දෙරට අතර සාකච්ඡා පැවත්විණි.
ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 9 වැනිදා සිට 25 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවත්වීමට නියමිතව තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවේශයක්. ඒ වගේම ඉදිරි අවුරුදු කිහිපය අනුන්ගේ වැරදි හොයනවට වඩා ඇමෙරිකාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න වෙනවා. විශේෂයෙන්ම ලෝක ත්රස්තවාදයට හොට දමනවාට වඩා ඇමෙරිකාව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා අන්දම ගැන පිඹුරුපත් සකසන්න වේවි..!!!
මේ අන්දමට 1992 දීත් මේ රටවල් දෙක එකාබද්ධව ප්රමුඛ පෙලේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා කණ්ඩායම් යවනු ලැබුවා. මේ රටවල් දෙකේම ඉන්නේ එකම ජාතියක්, මේ දෙගොල්ලෝ මොන ක්‍රමයකින් හෝ එකතු වෙනවා නම් එය ඉතා සුභවාදී දෙයක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් ආර්ථික වශයෙන් කොරියාව තවදුරටත් ශක්තිමත් වනුඇති. මෙය උතුරු කොරියාවට පැනවී ඇති සම්බාධක වලින් බේරීමට කරන උප්පර වැට්ටියක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමු.
ජර්මනිය ඒකාබද්ධ වූ පරිදි කොරියාවද යලි එක රටක් බවට පත් වේවා යයි පතමු.
මේ ක්‍රියාදාමය පිළිබඳ ප්‍රවෘත්තිය අපේ උතුරේ දකුණේ දෙමස්සිනාලාට පෙන්නුවොත් නරකද?
අනේ දෙවියනේ අපේ රටෙත් මේවගේ මහින්ද මෛත්‍රි එකතු වුණොත් රට දිව්‍යලෝකයක් වෙනවා අනිවාර්යයෙන්...
භයානක යුද්ධයක් වළක්වා ගැනීමේ යහපත් ප්‍රවණතාවයක් බව හැඟෙයි.
වෙන්වුණු ජාතිය එක්වේවා!
ආඩම්බරයි ..... ජය වෙවා
ඉතාම සතුටු දායක පුවතක්. මේ අයුරින් සමගි සන්ධාන වීමෙන් න්‍යෂ්ටික යුධ බිය දුරු වෙනු ඇතැයි විශ්වාස කරමි.
ජය වේවා. ඇමෙරිකන් උන්මාදය පිටු දකින්න මේ වගේ රටවල් සමගි විය යුතුයි. එය ලෝකෙටම සාමය සඳහා හේතු වෙනවා.
ජය වේවා. එක රටක් ලෙස එක් වන්න. මුළු රටම එකට දියුණු වෙනවා එතකොට. ඇමෙරිකාවට බැහැ එතකොට ඔය රටවල් අතකොලු කර ගන්න.
ඔය දෙගොල්ල අතර යුද්දයක් නොවන බව මම කලින්ම කීවා මගේ කොමෙන්ට් එක ගැන මටම සන්තෝසයි.
ප්රශ්නය මේ දෙගොල්ලගෙ මිතුදමට ඇමරිකානුවා පොල්ලක් දමයිද? කොරියන් මිත්‍රවරුනි, ඇමරිකන් ගැටවලට අසුවෙන්න එපා. 2015 දී අපේ රටේ 62ක් මිනිස්සු ඇමරිකන් ගැටවලට අසු වුණා..
ගුණරත්න මහත්මයා කියනවා මහින්ද මෛත්‍රී එකතු වුණොත් අපේ රට දිව්‍යලෝකයක් කරන්න පුළුවන් කියලා. ඔහුට අමතකද දන්නේ නැහැ. 2015 වෙනකම් අවුරුදු 30ක් විතර මේ දෙන්න එකම පක්ෂේ හිටියේ.. අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එකම කැබිනට් එකේ දෙන්න වාඩිවෙලා ඉඳල තිබෙනවා. එතකොට මේක සුරපුරක් වුණාද? මගේ නම් අදහස මහින්ද, මෛත්‍රී, රනිල් යන තුන්දෙනාම පැන්ෂන් යැවිය යුතු කාලය එලැඹ ඇති බවයි.