දයාරත්න ඇඹෝගම
ඌව පළාත් ප්‍රධාන අමත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පල කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු සහ ගුරුවරු පිරිසක් අද (22) අනුරාධපුර ඩී.එස්.සේනානායක වට රවුම අසලදී උද්ඝෝෂණයක නිරත විය.
ලංකා ගුරු සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබුණි.
මෙම උද්ඝෝෂණයට එක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ වහා පරීක්ෂණ සිදු කර ඌව මහ ඇමැති අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට විවිධ චොදනා එල්ල කරමින් මෙම සිද්ධිය යට ගැසිමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කරන බව පැවසූ ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයා ප්‍රධාන අමාත්‍යවරයා වහාම අත් අඩංගුවට ගත යුතු බවත් එසේ නොවුන හොත් සමස්ථ ගුරු ප්‍රජාවම එක්ව දැවැන්ත වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින්පසුව හෝ අමණ දේශපාලකයින් විසින් රජයේ සේවකයන්ට මෙලෙස බලපෑම් නොකරන්නට මේ මහ ඇමතියා ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි. පළාත් පාලන ආයතනයක සේවය කළ මා රැකියාව අතහැර දමා පැමිණ මැදපෙරදිග රටක දුක් විඳින්නේ දේශපාලකයින්ගේ නියෝග පිළිපදින්නට අකමැති වූ නිසයි.
මෙම ඇමති ගෙදර යවන්න තරම් කෙලින් වැඩ කරන එක්කෙනෙක් රජයේ නැහැනේ
දිවයිනේ සියලුම රජයේ සේවකයන් ඔය ක්‍රියාවට විරෝධය පල කල යුතුයි!
මේ දිනවල අපි ඉන්නේ බැඳුම්කරය ගැන විස්තර හොයමින්. ඡන්දෙන් පස්සේ මේ ගැන සොයා බලමු.