අමල් වික්‍රමරත්න
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද (22) දිනයේ විරෝධතා දෙකක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.
මින් පළමු විරෝධතාවය අද දහවල් අනුරාධපුර ඩි.එස්.වටරවුමේ දී සහ හෙට සවස 2.00ට ආමර් වීදියේ දී ගුරු විදුහල්පති වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කීවේය.
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනිය දන ගැස්වීම සමස්ත ගුරු පරපුරත් විදුහල්පති පරපුරටත් කරන ලද නින්දාවක් බවත් බරපතල අපහාසයක් බවත් පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා එයට එරෙහිව විරෝධය පලකිරීමට තම සංගමය සියලු සංවිධාන සමඟ එක්වන බව පැවසීය.
මෙම තත්වයට විරෝධය පළකිරීමක් වශයෙන් හෙට දිනයේදී අනෙකුත් ගුරු විදුහල්පති සංගම් සමග එක්වී බදුල්ල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම සිද්ධිය හේතු කරගෙන පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රශ්නේ 2015 ඉස්සර වුනාම ඔක්කොම මහින්ද මහත්තයාගේ කර පිට ඔක්කොම බනින්නේ එයාට. දැන් පාලකයෝ නිදහස් ඔක්කොගෙන්ම. පොලිසියෙන් වෙඩි තිබ්බම මහින්ද වෙඩි තිබ්බ වගේ තාමත් කියන්නේ ඊයේ කතරගම සිද්දිය වෙඩි කපු එකා වැරදි පොලිසිය හොදා. පුදුම රටක් සහ ජනතාවක්
නිසි අධ්‍යාපනයක් ලද සුදුසුකම් ඇති නායකයින් දේශපාලනය සදහා පත් කිරීම ජනතාවගේ වගකීමක් බව මෙවැනි සිද්ධීන්ගෙන් නැවත නැවතත් ඔප්පු වේ. දැන් ඉහළ නායකයින් ගන්නා තීරණය දෙස අප බලා සිටිමු.
මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමනි, ඔබට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි.
බොහොම හොද වැඩක්..හැබැයි ඔයාල දන්නවනේ කොට්ටාව ධර්මපාල විදුහල්පති වරයා තමන්ගේ පැත්තේ වරද තියාගෙන , ළමයව පාසලට දාගන්න ආපු ගර්භනී කාන්තාවක් අපහසුතාවයට පත්වන ආකාරයට කිසිම සංවරයක් නැතිව එ්කදිපතියෙක් විදිහට කටයුතු කරපු ආකාරය..එවැනි ගුරු වුර්තියට නිගා කරන අය සම්භන්දයෙන් ද කටයුතු කලොත් නේද හොද ..??
විරෝධතා දෙකක් මදි. එයින් අසාධාරණයට පත්වූ ගුරු මෑණියන්ට සාධාරණයක් ඉටු වේවියැයි අපිට අනුමාන කල නොහැක.
දැක්කද ඊයේ මහින්ද අමරවීර කිව්වා එහෙම දෙයක් වුනේ නැ කියල
මින්පසුව හෝ දේශපාලකයින් විසින් රජයේ සේවකයන්ට මෙලෙස බලපෑම් නොකරන්නට මේ මහ ඇමති ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි. පළාත් පාලන ආයතනයක සේවය කළ මා රැකියාව අතහැර දමා පැමිණ මැදපෙරදිග රටක දුක් විඳින්නේ දේශපාලකයින්ගේ නියෝග පිළිපදින්නට අකමැති වූ නිසයි.
ලංකාවේ තිබෙන වෘත්තිය සමිති වලින් මම ගරු කරන එකම ප්‍රශ්න පිළිබඳව සාධාරණව සිත බලා ක්‍රියා කරන වෘත්තිය සමිතිය ගුරු සංගමය. ඒකට හේතුව පසුගිය කාලේ පාසලේදී වමනේ දැම්මා කියල සිසුවියක් පාසලෙන් අස්කළ වෙලේ මෙම සංගමය ගත්තේ වැරදිකළ තම සංගමයේ සාමාජිකයන් වන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිනියගේ පැත්ත නොව අසාධාරණයට ලක්වුණා සිසුවියගේ පැත්ත. එම නිසා මෙම ප්රශ්නයේදී අප සියලු දෙනාම ගුරු සංගමයට සහය දිය යුතුය. විදුහල්පතිවරියක් වැරදි ලෙස රාජකාරි කරහම, ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා නම් නිල නිවසට ගෙන්වන එක සම්පුර්ණයෙන්ම වැරදි. සාමාන්‍යයෙන් අධ්‍යාපන කාර්යාලයට හෝ මහා ඇමති කාර්යාලයට කාර්යාල වෙලාව තුලදී කැදවා පරීක්ෂණය කල යුතුය. එම නිසා කව්රු මොනවා කිවත් මොහුගේ වැරැද්ද සම්පුර්ණයෙන් ඔප්පුවෙලා අවසානය මොහු නෙරපිය යුතුය .
විදුහල්පතිවරියක් හෝ වෙනයම් රජයේ සේවකයෙක් සේවිකාවක් වැරදි ලෙස රාජකාරි කරහම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා නම් නිල නිවසට ගෙන්වන එක සම්පුර්ණයෙන්ම වැරදි. සාමාන්‍යයෙන් අධ්‍යාපන කාර්යාලයට හෝ මහා ඇමති කාර්යාලයට කාර්යාල වෙලාව තුලදී කැදවා පරීක්ෂණය කල යුතුය. එම නිසා කව්රු මොනවා කිවත් මොහුගේ වැරැද්ද සම්පුර්ණයෙන් ඔප්පුවෙලා අවසානය. කාන්තවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවිට වඩාත් පරිස්සම් විය යුතුය. මොහු මහා ඇමතිකමෙන් නෙරපිය යුතුය