(ඩයනා උදයංගනී)
ලොතරැයියක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා මේ ව්න් විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
මෙහි තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශය හා ලොතරැයි මණ්ඩල අතර අනිද්දා පැවැත්වෙන බවද ඇය සදහන් කළාය .
ඇය මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවති සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමිනි.
ජනාධිපතිවරයා නියෝජිතය කරමින් මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අලෙවි නියෝජිතයන්ට ලැබෙන රුපියල් 3.50 ක කොමිස් මුදල වුව නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් දියුණු වීමට එය ප්‍රමාණවත් බවයි.
ඇතැම් අලෙවි නියෝජිතයන් මෙම ප්‍රකාශයට විරෝධය දැක්වූ අතර ඔවුන් පැවසුවේ එම කොමිස් මුදලින් රුපියල් 2.50 ක් අලෙවි කරන්නන්ට ලබාදෙන නිසා තමන්ට ඉතිරි වන්නේ රුපියලක් පමණක් බවයි.
එබැවින් ශත 50 කින් තම කොමිස් මුදල වහා වැඩි විය යුතු බවද ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම ගැඹුරින් හදාරා ඇති කෙනෙක් මට පැහැදිලි කරන්න පුළුවන්ඳ ලොතරැයි මිළදී ගැනීම සූදුවක් නොවන්නේ කෙසේද කියා. රේස් ඔට්ටු දැමීම හා ලොතරැයි මිළදී ගැනීම අතර වෙනසක් මටනම් පෙනෙන්නේ නෑ.
මේ සම්මේලනය මැතිවරණ නීතිවලට අනුගතද?
අලෙවි නියෝජිත ධුරය බලෙන් ඇඟෙන් ගහන එකක් නෙවෙයි. ඉල්ලලා ලබා ගන්න එකක්. ඒ වගේම ගොඩාක් නියෝජිතයෝ තවත් ව්‍යාපාර කරන ගමන් තමයි නියෝජිතකම කරන්නේ... අලෙවි නියෝජිතයාම අලෙවි කරන අවස්ථාත් තියෙනවා. 3.50න් 2.50ක් දීලා රුපියලෙන් විතරක් ආදායම හොයා ගන්නවා නම් විකුණන ටිකට්පත් ගණන වැඩි කර ගත්තාම ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ උපයන ආදායම හරියට ආයෝජනය කරනවා නම් ඒකෙනුත් උපයන්න පුළුවන්.