(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්රෑම් 5ක් පමණ වන බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙම බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය සතු බෝම්බයක් බවට පොලීසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය කිසිවකු විසින් දින කිහිපයකට පෙර කවුරුන් විසින් හෝ ගෙනැවිත් දමා ඇත්දැයි සැකයක් පහළ වී තිබේ.
එම ප්රදේශයේ ධීවරයින් දෙදෙනකු විසින් මෙම බෝම්බය මුලින්ම දැක ඇති අතර ඔවුන් විසින් ඒ පිළිබඳ පොලීසියට තොරතුරු දී තිබේ.
එම බෝම්බය පෙට්ටියක බහා හොදින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබදව ඉතා හොද දැනුමක් ඇති අයෙකු විසින් මෙම බෝම්බය මෙතනට රැගෙන විත් ඇති බවටද පොලීසිය සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල්ලි ජකිරි ජල්ලියා... ජල්ලි කට්ටු මදිවෙලා ආයෙත් ගේම ඉල්ලනවා වාගේ...
වැඩේ කල්දමන්නේ නැතුව.. සිහි නුවණින් කටයුතු කරන කාලය ඇවිල්ලා. අශ්වයා ගියාට පස්සේ ස්තාලය වැහුවා වගේ වෙන්නේ නැතුව...