විනීතා එම්. ගමගේ
බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.
තර්ජනය කිරීමෙන් නොනැවතී පසුව බිය ගන්වා ඇය ලවා අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබාගැනීම පිළිබඳවද මහඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතුයැයි ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවට එරෙහිවද වහා විනය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යැවූබව ද ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේය.
මෙම නිලධාරින් සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ද ලේකම්වරයා තවදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපෝ කීයටවත් මේවගේ " මුසල අම්බරුවන් " ආණ්ඩුවේ බෝඩිමට නම් යවන්න එපා, මහජන මුදල් වලින් එක වේලක්වත් කන්න ඉඩ තියන්න එපා එය ඔබ,අප සැමටත් පාපයකි. මෙවන් කාලකන්නින්ව සමාජයෙන් තුරන් කලයුතුමය.
ජනාධිපති තුමනි, ඔබගේ ඉතා වටිනා කතා වලට අපි වශී වෙලා ඉන්නේ. ඔබගේ අදහස් ක්‍රියාත්මක වුනානම් අද අපි මීට වැඩ හොද තැනක ඉන්නවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ ඔබ කියන පරිදි නිතිය අකුරටම මේ අයට ක්‍රියාත්මක වෙයිද..?
කාන්තාවන්ට විරුද්ධව කාන්තාවන් ,දැයේ දැස් එළිය කරන ගුරුවරුන් ගෙ ගරුත්වය කෙළෙහන මේ වගේ ඇමැති ,පාසල් ගියා යැයිද සොයා බලා නූගත් කමින් ඇමති කම් ගත්තාට නඩු දැමීම යුතුයි .
ඉතා හොද තීරණයක්... දමිල උනත් ඔබ තුමියට වුන අසාදරණයට අපි ඔබේ පැත්තේ ගරු විදුහල්පති තුමියනි ... මේ වගේ දේශපාලන නිසා තමා ජනවාර්ගික ගැටළු පැනනගින්නේ.... රටවල් වල ජාතීන් අතර ගැටළු හදන්නේ මේ අය තමයි.
ඕකත් අර දිගම සාරි පොටේ කෙස් එක වගේ වෙයි.
අනිවාර්යෙන්ම කල යුතු දෙයක්.
රටේ සියළුම ගුරුවරු හා සිසුන් පාරට බැහැලා මේ උද්ධච්ඡ මහ ඇමති ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.
යහපාලනය කරන්නනම් කෝටුව අතට ගන්න වෙනවනේ. නගුට විසින් බල්ලන්ව නටවන්න වෙනවා.
බස් වල මොනවද විකුණන්න යවන්නත් ඕනේලුනේ....
ලංකා ගුරු සංගමයට මේ රටේ ශීලාචාර උගත් ජනතාවගේ ප්‍රණාමය.
උමා ඔය ඉරිතැල්මකින් මොවුන් අවීචි නරකාදියට යැවිය යුතුයි.
21 වැනි ද ඉරිදා ලංකාදීපයේ නිම්තෙර අතිරේකයේ, බදුල්ලේ පාලිත ආරියවංශ නම් වාර්තාකරුගේ නමින් පලවී ඇති ලිපියෙන් කියවෙන්නේ වෙනත් කතාවකි. ඔහු පෙන්වන්නේ මේ කතාව ජවිපෙ අය ගොතපු බොරුවක් බවයි! සමහර විට මහා ඇමැතිගෙන් ජරාව කාපු කෙනෙක් වියහැකියි. ඔය විදිහේ දේශපාලන අතකොලු හැටියට වැටෙනවා! මහා ඇමතිට, අදාළ නිලධාරීන්ට මෙන්ම මේ අයටත් එරෙහිව නඩු පැවරීම සුදුසුයි !
ඒක ඇත්තක් නෙමෙයි... ඇමැතිවරු ඒ ගැන ඇගෙන් අහන්නේ නැහැ. ඇය පවසන්නේ කෙදිනකවත් එසේ නොකළ බවයි.
ගුරුවරියෙක් දන ගස්සවලා, අවමන් කරලා, උසාවියෙනුත් වැරදිකරුවෙකු කරලා දඬුවම් ලබාපු දේශපාලකයකුට පක්ෂ සංවිධායක කමක් ප්‍රධානය කරපු (ඇඳුම් ඇඳගෙන ඒක ප්රදානය කළා වුණාට හිටියේ නිකන් බව නොකිවමනායි) නායකයෙකුගෙන් මේවාට විසඳුම් බලාපොරොත්තු වීම විහිළුවක්...
අනිවාර්යයෙන් පාඩමක් ඉගැන්වීම කල යුතුමයි. ජනාධිපතිතුමනි, මොහුව අපායටම යවන්න.
මෙන්න ගන්නවා නම් තීරණ. පක්ෂෙන්වත් එලවලා දාන්න.
මේ දවස්වල ලොකු මහත්මය කඩුව බටේ දමාගෙන ඉන්නේ ඕව ගැන සොයල බලල කොමිසම් පත්කරලා , කඩු මුවහත් කරගෙන එනකොට , පෙරහැර ගිහින් ඉවරය ,
වැරදි කළ අය හිරේ දාල, අවීචි මහා නරකාදියට ගියදාටයි ගෙදර යන්නේ කියන්න ඉස්සරවෙලා වතාවක් කිව්වේ එහෙම අයට මඩු වලිගෙන් තලනවා කියලයි . පුංච් ඡන්දය ළඟ හින්දා පාඩුවක් වීමට ඉඩ ඇති නිසාත් , මඩු වලිගයක්වත් හොයා ගන්න මඩුවෙක් අල්ලගන්න ඕනෑ නිසාත් , මෙතෙක් කල් ගත්ත ක්‍රියා මාර්ග , වගේ තව ටිකක් කල් යයි නේද?
උමා ඔය ව්‍යාපෘතිය වේගයෙන් ක්‍රියාත්මක කලේ මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ.