පුෂ්පකුමාර ජයරත්න
අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයකු රිමාන්ඩ් භාරයට පත්කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා අද (20) නියම කළේය.
හිටපු මහාධිකරණ විනිසුරුවරයා පැදවූ රියේ හැපීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි 35 හැවිරිදි තරුණ මවක මියගොස් ඇගේ 12 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා සිටින බව වාරියපොළ පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම කා නම් කාට කියමුද මේ අමාරුව...
අනේ මෙහෙමත් ගිනිවතුරට ගිජු වුනු සමාජයක් ? පිරිමි ආත්ම ලබපු අය මෙසේ බීල සත්තු ලෙස හැසිරෙනවිට ස්ත්‍රීන්ටත් ගිනිවතුර වලට අදාලව සම තැන දෙන්න කියන වැදගත් නෝනලා තම තමන්ගේ සිත්වලට එකගව නැවතවරක් එම ඉල්ලීම පිලිබදව හිතා බැලුවොත් සමාජයට යහපතක් වනු නියතය.
අධ්‍යාපනය කෙසේ වෙතත් විභාග පාස්වීම මතම හොඳ රැකියාවකට යාමේ පරමාර්ථයට මඟ කැපී ඇති ලංකාවේ රටේ පාලකයාගේ සිටම පහලට යනකල්ම රටට ලැබෙන ගුණාත්මක දායාද මේවාය. බලය ඇති විට සොරකමද, නීතිය තම අතේ ඇතිවිට අවනීතිය රජ කරවන්නද, ඔය දෙකම ඇතිවිට තම මතයට එරෙහිවන්නන් අතුරුදහන් කිරීමද කරන්නේ රටට ගුනාත්මට ආදර්ශයන් දීමට සිටින අයමය.
බීමතින් රිය පැදවූ අයට මෙයා මීට කලින් දඩ ගහලා තිබෙනවාද දන්නේ නැත.
මෙයාල ඉන්නේ සාමාන්‍ය ජනතාව කරන වැරදි , විභාග කරලා එසට දඩුවම් කරලා සාමාන්‍ය හදන්නේ . එත් එයාල නිතිය දැනගෙනත් ලොකු වැරදි කරනවා. මෙය සුළු අනතුරක් උනා නම් යතුරුපැදි කාරී අමාරුවේ වැටෙන්නේ.
යුක්තිය පසිදලීමට සිටින මෙවැනි අය අසරණ ජනතාව මරා දැමීමට ඉඩ දිය යුතුද ?
මේ රටේ විනය හොඳටම පිරිහිලා. ජරා ජීර්ණ වෙලා. මහා අධිකරණ විනිසුරු කෙනෙක් මෙහෙම හැසිරෙනවනම් අනික් ය ගැන කුමන කතා ද ? ඇයි මේවට ක්ෂණික දඬුවම් දෙන ක්‍රමයක් හදන්නේ නැත්තේ.
බොහොම හොඳයි. නීතිය කාටත් එකයි!
මෙය සිතා මතා කල මිනිස් ඝාතනයක් ලෙස සලකා නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුය.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට, දැන් කාන්තාවන් රියැදුර බලපත් ගැනීම වැඩිවෙලා ...
තනතුරේ කඩ තුරාවට මුවා වී මොවුන් මොන තරම් අපරාධ කරනවාද. බෙහෙත් කර සුව කරගත හැකි තත්වයක් නොවෙයි මෙය. මේ සමාජ ක්‍රමය හැකි ඉක්මනින් මිහිදන් කර අලුත් සමාජයකට එළඹිය යුතු කාලය එළඹිලා. මිනිසුනේ ඇස් හැර බලන්න!
නිකන් අපේ වචන සහ කාලය අපතේ යවන්න ඕනේ නැ මෙතුමන්ලගේ වැඩ ගැන කතාකරන්න.