ප්‍රසාද් රුක්මාල්
ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන ඇමැති ලෙස සෙන්දිල් තොන්ඩමන් මහතා මීට සුළු මොහොතකට පෙර ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඉදිරියේ ආණ්ඩුකාර කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.
ඔහු දැනට ඌව පළාත් වතු යටිතල පහසුකම් නිවාස, මාර්ග,ජලසම්පාදන හා සමුපකාර ඇමැතිවරයා ලෙස ද දැනට කටයුතු කරයි.
බදුල්ල දෙමල බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන පරික්ෂණ කටයුතුවලට සහය දීමට ඌව පළාත් අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට දින කිහිපයකට පෙර සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනං අධ්‍යාපනයට හොඳ කලක් යයි . හොඳට හොයලා බලලා, හොඳටම සුදුසුකන් තියන කෙනාට දීලා තියනවා. ජය වේවා !!!
ඔය දුන්නේ.
මමත් වතුකරේ. මේ පත්කිරීම මහා විහිළුවක්. සෙන්දිල් තොන්ඩමන් කියන්නේ ලංකාවේ ඉගෙනගත් කෙනෙක් නෙවෙයි. ඉන්දියාවේ හිටිය කෙනෙක්. මෙහෙමත් විහිලු. ඔහොම යමු..
ජනාධිපතිතුමා දක්ෂයි. අනිත් අයට පුළුවන් ගිරිය පුප්පන් කෑගහන්නයි. ඊළඟ අවුරුදු 2 ක තීරණාත්මකයි.
ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගත්ත අය පළාත් සභාවේ නැතිකමයි. මේ පාර ප්‍රාදේශීය සභාවට ඉන්නෙත් මේ වගේ ඔල මොට්ටල සෙට් එකක් තමයි
මොනවා කියනවාද දක්ෂකම බේරෙනවා
උපාධි, පශ්තාත් උපාධි ගත්ත අපේ දරුවන්ට මුන්ට සර් කියන්න වෙන එකත් පාප කර්මයක් නේද?