(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද රක්ෂිතයේ ගල් තලාවක් මතින් මතුවු පා සටහන් දෙක සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මස්කෙළිය ගාඩිමෝර් නව ෆෝප්මොර් වතුයායේ ගල්තලාවක් මතින් මතුවු විශාල පා සටහන් වලට සමාන පාද සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අද (23) එම ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කළහ.
මෙම පාද සටහන් මුලින්ම දැක තිබූ වතු කම්කරුවන්ගෙන් ද පුරා විද්‍යා නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ.
එම පා සටහන් වලට මේ වන විට වතුකම්කරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනීමට විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙති.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් ශ්‍රීපාද රක්ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද සටහන් වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වම් පාදයේ සටහන් තරමක් මැකි ගොස් තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බොරු එකක්................
ඇත්තටම සිරිපතුල් පිහටවපු තැන මෙතනද??????????
ඕක නිකමට සෙල්ලමට වගේ කරපු වැඩක් වෙන්න බැරිද?
එක සැරයක් කුරුණෑගල පැත්තෙන් රන් කරඩු මතු වුණා, බෝගස්වලින් බුදු පිළිම මතුවුණා. දැන් තවත් එකක්.
සිරිපා රක්ෂිතයේ පාසටහන් ගැන පුරාවිද්‍යා විමර්ශනයක් කර අවසාන වෙනතුරු ඒ ගැන හදිසි නිගමයන්ට පැමිනීමෙන් වැලකී සිටීමට කවුරුත් වග බලාගත යුතුය. අපට වඩා දන්නා අයනේ මේ විමර්ශන කරන්නේ ! අපි කවුද ඒ අයගේ දැනුමට ලංවෙන්න හදන්නේ ?????
ඇත්තටම අපි එයාලගේ නිගමනය එනකම් බලාඉදිමු. නිකන් කට ඉස්සරකර නොගෙන
ගලක පා සටහන් දෙකක් පමණක් ගැඹුරට එරී පවතින්න බැහැ. කිසියම් පුද්ගලයෙකු විසින් කරන ලද සටහනක් හෝ ගල උඩ තිබු දෙයක් ඉවත් වීමෙන් සිදුවූ සටහනක් විය හැක.
දෙවැනි පින්තූරේ වම් පැත්තේ තියෙන්නේ හයි හීල් සපත්තු දෙකක සටහන්ද?