(රංජන් කස්තුරි )
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
කාලයක සිට පවතින ගැටළු වලට විසඳුම් ඉල්ලා අවස්ථා ගණනාවක දීම විවිධ ක්‍රියාමාර්ග ගත්තද සෞඛ්‍ය බලධාරීන් තවමත් ඊට නිසි ප්‍රතිචාර දක්වා නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණයේ ප්‍රතිළුලය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපයට නිසි පිළිතුරක් ලබාදී තිබෙන බවද රටපුරා වෛද්‍යවරුන්ගෙන් බහුතරය සයිටම් විරෝධී සටනට සහය පළ කර ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් ප්‍රශ්නේ ඉවර කරන්න ඔයාලට සැබෑ වුවමනාවක් නැහැනේ. ළමයින්ගේ මාස 10 අපරාදේ...
කුහකයින් වන මේ අය කියන විදියට වෛද්‍ය විද්‍යාව පමණද.. මෙරට ඇති සමස්ත අධ්‍යාපනය..? සෞඛ්‍ය අධ්‍යාපනය මෙච්චර දියුණු කරන්න ලැදියාවක් තියනවානම් අර පේරාදෙණිය සම සෞඛය සිසුන්ට සායනික පුහුණුව දෙන්න විරුද්ධ නොවී ඉන්නකෝ..
ජනපති කොමිසම දෙසැම්බර 31 විසඳුවේ නැද්ද?
සයිටම් එකේ උගන්වන්නේ වෛද්‍ය විද්‍යාව විතරක්ද.?
2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත් කරගැනීමේ කාලය ඇවිත්. අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ, රටක ආණ්ඩු දෙකක් බැරිය .
වෛද්‍ය වරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි දෛනික වාර්තා කිරීම සඳහා අත්සන් කිරීම නැතිනම් ඇඟිලි සලකුණු යෙදීම අනිවාර්ය කල යුතුයි. මේ අයත් මිනිස්සුම නේද. හිතාගෙන ඉන්නේ දෙවිවරු නැතිනම් රජවරු කියල. ඉංජිනේරුවෝ ගොවියෝ කම්කරුවෝ යන මේ අයත් රටකට අවශ්‍යයි.
මෙම අමනුස්සයන්ට නිසි පිළිතුරු ලබා දෙන්න.
රජයට සහ රාජිතට කඩේ යන, ඒ වෙනුවෙන් සාක්කුව පුරවගන්න සහ එහෙම සල්ලි ගන්න බලාගෙන ඉන්න ඕන ගොනෙකුට, ඕලමොට්ටලයෙකුට ඕන තරම් ගොන් තර්ක ලියන්න පුළුවන් උනාට බහුතරයක් දෙනා ඔබතුමන්ලගේ ක්‍රියා මාර්ග අනුමත කරනව. අපගේ පුර්ණ සහය ඔබ තුමන්ලාට.
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන ඔබතුමන්ලාගේ හැසිරීමට අපි විරුද්ධයි.. නමුත් වැඩ වර්ජනයකදී අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන වර්ජනය කරන එකම වෘත්තීය සමිතිය ඔබතුමන්ලා විතරයි මේ රටේ.. බස් වර්ජන දුම්රිය වර්ජන, ඉන්ධන වර්ජන මේ එකකදීවත් මෙහෙම දකින්න නෑ.. රෝගීන්ව අපහසුතාවය පත්කිරීම අනුමත කරන්න බෑ.. නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ ඔබට ඇති අයිතියද අමතක කරන්න බෑ.. පාලකයන් වග කියන්න ඕන.
පුද්ගලික රෝහල් වල ලෙඩ්ඩුන්ගෙන් ගිනි කකා හම්බ කරන්න හොඳයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල නරකයි. මරු තර්ක ගේන්නේ අයියලා ටික.
30 වර්ජනය කරලා, පෝය දවසේ ගෙදර ඉන්න වගේ හදන්නේ..., තලන්න ඕනෑ මඩු වලිගෙන් ...
හොඳම වැඩේ... වර්ජනය දිගටම කරන්න ඇරලා බලන් ඉන්න එකයි. රජය සාකච්ඡා වලට යන්න නරකයි. සුමාන දෙකක් විතර චැනලින් නැතිවෙනකොට ආපසු එයි. අපි නොදන්න වෛද්‍යවරු.